(කාංචන කුමාර ආරියාදාස )

දඹුල්ල රන්දෙනිය වැවේ නිධන් හාරමින් සිටි පුද්ගලයන්  සිව් දෙනෙකු  සැකපිට දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිය.

ඔවුන් සතුව තිබී මල් බුලත් හා කැණීම් උපකරණ රැසක් ද පොලිස් බාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස රන්දෙනිය ප්‍රදේශයේම පදිංචිකරුවන් වේ.

මෙම පිරිස රන්දෙනිය වැව ඉස්මත්තේ කැනීම් කටයුතු සිදුකරමින් සිට ඇත .

සැකකරුවන් අද (4) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.