(නිමල කොඩිතුවක්කු)
තාවකාලිකව පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ රංජන් රාමනායක මහතාට ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා නාම යෝජනා ලබා දීම සම්බන්ධව නාම යෝජනා කමිටුව තීරණය කරන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
අද (14) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැති රැස්වීමකදී පක්ෂ මහලේකම්වරයා මේ බව පැවසීය.
එමෙන්ම තාවකාලිකව අහෝසි කළ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට යොමු කර ඒ පිළිබඳ ඉදිරියේදී තීරණය ගැනීමට නියමිත බවද සඳහන් කළේය.

(ඡායාරූප- චතුර එස් කොඩිකාර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් උසස් පුද්ගලයන් සමග කතා කල බරපතල රහස් දේවල් සහ සභ්‍ය ලෝකයේ කතා කිරීම සුදුසු නැති බව පෙනෙන දේවල් ඔහු රෙකෝඩ් කළා පමණක් නොව හාඩ් ඩිස්ක් වලට සහ තැටිවලට ගබඩා කළා. ඒවා ඕන කෙනෙකුට අල්ලගන්න පුළුවන් විදිහට නොසැලකිලිමත්ව දමා තිබුනා. දැන් තමනුත් අමාරුවේ වැටිලා යාලු මිත්‍රයෝ ටිකත් අමාරුවේ දැම්ම. මේ සියල්ලෙන් පෙනෙන්නේ ඔහු නියම ශ්‍රී ලාංකික දේශපානඥයෙක් බව නේද? ඔහුට සුදුසු පාර්ලිමන්තුවටම බව නේද? ඒ හින්ද මම නම් කියන්නේ ඔහුට නාම යෝජනා දියයුතු බවයි..
අපොයි ඕක දීලා දාන්න ඔයාලා හැමෝම එකඟ වෙයි. වෙනසක් නැහැ.
මෙයාට වඩා නම් රන්ජන් හොඳයි.
ඕගොල්ලෝ තාවකාලිකව අහෝසි කරන්න ජනතාව ස්ථිරවම අහෝසි කරයි.