සෞඛ්‍යයට සම්බන්ධ ව්‍යාජ තොරතුරු පතුරුවන පුද්ගලයන් ගැන පරීක්ෂණ පවත්වන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.
රාත්‍රී කාලයේ රුධිරය ලබා ගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ මුවාවෙන් යම් පිරිසක් එච්.අයි.වී ඒඩිස් ආසාදනය පතුරුවන බවට ඇතැම් සමාජ වෙබි අඩවි මගින් සාවද්‍ය තොරතුරු පතුරුවන බව කියමින් සෞඛ්‍ය අමාත්‍යංශය එම පරීක්ෂණය ඉල්ලා තිබේ.
සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත බරවා රෝග මර්දන වැඩසටහන විසින් මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇත.
COMMENTS
රත්තරන් අශ්වයෙක් ගැනත් බොරු ප්‍රචාරයක් ගියා පහුගිය කාලේ. ඒ ගැනත් හෙව්වොත් නරකද?
මටත් ඩබ්ලිව්. ඒ. රේකොඩින් එකක් අවා.
බරවා රෝග මර්ධනයට රාත්‍රී කාලයට එන අයගෙන් ප්‍රථමයෙන්ම හැඳුනුම්පත ඉල්ලා සිටීමට අයිතියක් නැද්ද.? අද සිංහලයන්ට, බොදු අයිතියට වන විනාසය මේ දේශපාලකයන් දකින් නැත්තේ ඇයි? මෙයාගේ පුතාට මෙයා ආදරය කරන විදිහට අපිට අපේ දරුවන්ට ආදරය කල නොහැකිද.?