රථ වාහන වැරදි පහක අවම දඩය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
එම රථ වාහන වැරදි වනුයේ වන්නේ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, රියදුරු බලපත්‍රයක් නොමැති තැනැන්තන් සේවා නියුක්ත කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය ධාවනය, දුම්රිය මාර්ගයක් තුළට අපරීක්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළත් කිරීම, වලංගු රක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය වේ. මීට අමතරව වමෙන් ඉස්සර කිරීමේ දඩයද වැඩි කර ඇත.
නව රථවාහන වැරදි සඳහා පනවන සංශෝධිත දඩ ගාස්තු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කිරීමටත් මෝටර් රථ ප්‍රවාහන පනත සංශෝධනය කිරීමටත් අපේක්ෂා කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.
මෙම ගැසට්ටුව ඊයේ(01) මධ්‍යම රාත්‍රියේදී නිකුත් කර ඇත.
මාරක රිය අනතුරුවලට බොහෝ විට බලපා ඇත්තේ මාර්ග නීති උල්ලංඝණය සහ රියදුරාගේ නොසැලකිලිමත් කම බව හඳුනාගෙන ඇති හෙයින් මේ හේතුවෙන් මාර්ග අනතුරු සඳහා බහුලව බලපාන මාර්ග නීති උල්ලංඝනය කිරීමේ සහ රථ වාහන වැරදි සඳහා වූ පනවන අවම දඩ මුදල රුපියල් 2500 දක්වා වැඩි කළ යුතු බවට කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.
මුදල් අමාත්‍යාංශය, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය, බස්රථ සහ ත්‍රීරෝද සංගම් නියෝජිතයින් එක්ව මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මාර්ග අනතුරු සඳහා විශාල වශයෙන් හේතු වන වැරදි හතක් හඳුනා ගත් අතර එම රථ වාහන වැරදි හත සඳහා පනවන දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩිකිරීමටද එම සාකච්ඡාවේදී තීරණය විය.
කෙසේනමුත් එම දඩමුදල් වැඩි කිරීමට විරෝධය දක්වා බස්රථ සංගම් සහ ත්‍රීරෝද රථ සංගම් වැඩවර්ජනයකට යොමු වීම හේතුවෙන් නැවත වරක් එම යෝජනාව විමසා බලා වාර්තාවක් සැපයීමට අතිගරු ජනාධිපතිතුමා විසින් කමිටුවක් පත් කළේය.
ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වු අතර, රථ වාහන වැරදි සඳහා පනවන අවම දඩය රුපියල් 25000 දක්වා වැඩි කිරීමේ කැසට් පත්‍රය ඊයේ නිකුත් කළේය.
මෙහිදී දුම්රිය මාර්ගය තුළට අපරීක්ෂාකාරී ආකාරයෙන් මෝටර් වාහන ධානය කිරීම නව දඩයකි. මීට අමතරව නියමිත වයසට අඩු වයසේ තැනැත්තන් රිය පැදවීම, අපරික්ෂාකාරීව හෝ අනතුරුදායක ආකාරයකින් හෝ අන්තරාදායක වේගයකින් මෝටර් වාහනයක් ධාවනය කිරීම, වෙනත් තැනැත්තන් කෙරෙහි නොසැලකිලිමත්ව හෝ යුක්ති සහගත සැලකිල්ලක් නොමැතිව රිය ධාවනය, ජංගම දුරකථන භාවිතය යන වැරදි සඳහාද ඉදිරියේදී දඩ මුදල් වැඩි කිරීමට අපේක්ෂා කෙරේ.
(36698)
දඩ මුදල් වැඩි වන අයුරු පහත පරිදි වේ



COMMENTS
ඔය කිව්වට පොලීසියේ මහත්තයට රුපියල් 2000ක් දීලා ශේප් වෙන්න පුලුවන්
පාර බදු අරන් ත්‍රීවීල් නිසා දුර ගමනක් යන කාර් සහ වෑන් වලට යන්න වෙන්නේ ඉබි ගමනින්. එහෙම ඒවාට දඩ නැද්ද. දවසක් වැල්ලවත්තේ ඉඳන් නුවර යන්න පැය 7ක් ගිය.
ඉතා හොඳ වැඩක්. බේබද්දෝ වාහන පදවන එක නතර කරන එකනම් ලොකු දෙයක්. මේකට අමතරව දකුණෙන් පැදවීමටත් දඩයක් ගහන්න ඕනි. ගොඩක් වෙලාවට වමෙන් ඉස්සර කරන්නේ, දකුණෙන් ඉස්සර කරන්න නොදී වාහන පාර මැද යද්දී. සමහර වෙලාවට වමෙන් බස් එකකට උනත් යන්න පුළුවන් තරමට දකුණෙන් වාහන යනවා. අනිත් කරුණ තමයි පොලිසිය කොහොමද 1,2 වැරදි කරන්නේ පළමු දෙවැනි කියල අවස්ථාව හදුනා ගන්නේ? වැරදිකරු කියන්නේ නැනේ මම කලිනුත් ලයිසන් නැතිව ගිහින් අහුවෙලා තියෙනවා කියල.
කරුණාකරලා අතුරු පාරවල්වල වේග සීමා දක්වන්න. මිනිස්සු ට්‍රැෆික් වලට නාස්ති වුන වෙලාව අල්ලන්න හදන්නේ ෂෝර්ට් කට් වල ඉගිල්ලිලා ගිහින්. අපි පාරේ යන්නේ කාණු වල බැහැලා. වාහනේ අංකයයි වේලාවයි පැමිණිලි කරොත් ගෙදරක කැමරාවකින් බලල හරි වැරදි අල්ලන්න පුළුවන් ක්‍රමයක් හදන්න. පාරේ ඇවිදින මිනිහව මේ යකඩ මාරයාගෙන් ආරක්ෂා කිරීමයි රජයේ පළමු යුතුකම.
තම තමන්ගේ වාහන වලට වීඩියෝ කැමරා සවි කරගන්න කාලය හරි. සමහර වෙලාවට වරදක් නොකලත් දඩ ගහන අවස්ථා ඕන තරම් වෙලා තියෙනවා.
මේ නිතිය ලොකු පොඩි සැමටම එකයි. කියල. ගැසට් කරන්න
මේකෙන් වෙන්නේ පොලිසියට පගාව දීම වැඩිවෙන එක
ඇත්තටම මේ දඩ මුදල් තව වැඩි කරන්න ඕන. මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය ධාවනය මාරක රිය අනතුරුවලට බොහෝ විට හේතුවක්. වෙන රටවල මේ දඩ මීට වඩා සැහෙන්න වැඩියි. උදාහරණයක් විදියට සෞදි අරාබියාවේ රතු ලියිට් එක පත්තුවෙලා තියනකොට මාර්ගයට දැම්මොත් සෞදි රියල් 3000 (රුපියල් 140,000 විතර වෙනවා.) දඩ ක්ෂණිකව එකතුවනවා. අපේ රටේ මත්ද්‍රව්‍ය භාවිත කරලා රිය ධාවනදී අනතුරක් උනොත් තාමත් මනුස්සයෙක් මලත් දඩය රුපියල් 100000 හෝ 150,000 විතරයි.
මේකෙන් වෙන්නේ සමහර රථ වාහන පොලිස් නිලධාරීන්ට තමන්ගේ සාක්කුවට දමාගන්න මුදල, අනියම් ආකාරයෙන් වැඩි කර ගැනීමකි !!
මැති ඇමතිවරුන්ට සහ ඔවුන්ගේ ආරක්ෂක නිල රථවලටත් මේ නීතිය ක්‍රියාත්මක කරනවද?
ක්‍රියාත්මක කිරීමේ අඩු පාඩු හදා ගත යුතුයි. නමුත් දඩය වැඩි කිරීම ඉතාම හොඳ ක්‍රියාවක්. මෙයට විරුද්ධව හඬ නගන්නන් සියල්ල මාර්ග නීති කඩ කරන අයයි. දැන් ඉදිරියේදී තමන්ට වන පාඩුව නිසයි ඔවුන් කෑ කෝ ගසන්නේ.
අර්ජුන ඇමතිතුමා, වමෙන් ඉස්සර කිරීම සම්බන්ධව නීති ගැන මිට වඩා කල්පනා කරන්න. අද මාර්ගවල යද්දී වමෙන් ඉස්සර නොකලොත් අද යන්න ඕනේ ගමන යන්න වෙන්නේ ලබන සුමනේ. ඇයි මම එහෙම කියන්නේ? ත්‍රිවිල් , හයිබ්‍රිඩ් වාහන, කාන්තාවන් පදවන වාහන යන මේ තුන් වර්ගය බොහෝ වෙලාවට වම ඉඩ තියාගෙන දකුණට බරව සෙමින් ධාවනය කරන්නන්. ඉතින් අපි කොමද වමෙන් ඉස්සර කරන්නේ නැතුව පාරේ යන්නේ .
මේකේ හතවැනි එක නම් ගොඩක් හොද එකක්. වමෙන් ඉස්සර කරන එක දැන් මෝස්තරයක් වෙලා. ගොඩක්ම කරන්නේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ. රියදුරන් දකුණෙන් වාහන පදවන්නගේ අරක්ෂිත පැත්ත තම වම් පැත්ත ඉස්සර කෙරුවහම අනතුරු වෙනවා ගොඩක් නගර වල තමයි මේක වෙන්නේ.
කව්ද මේ මගේ නම අව භාවිතාකරන කෙනා ?
මේකෙන් වෙන්නේ හිඟන්නෙකුටවත් පාරේ බැහැල යන්න බැරි වෙන එක.
හොඳයි ඒ වුනත් දඩ නියම කරලා තියෙන්නේ රාළහාමිලාටත් ගානක් හොයාගන්න පුළුවන් වෙන විදියට. රාළහාමිලට රුපියල් 3000 සිට 50000 දක්වා දඩ ගහන්න පුළුවන් අවස්ථාවක රාළහාමිට අතට ගානක් දීලා තුන්දාහක දඩ කොලයක් අරන් යන්න පෙළඹෙනවා. අනික තමයි රියැදුර වාහනයෙන් බස්සගෙන ගහක් පිටිපස්සට ගිහින් දඩ කොළ ලියන එක වලක්වන්න ඕන. වෙන රටවල්වල නම් රියදුර නැවැත්තුවට පස්සේ වහනයෙන් බහින්න තහනම්. නවත්වලා රාළහාමි දඩ කොලේ ලියන අතරේ පලා යනවට වෙනමම දඩයකුත් බොඩි කැමරා එකකුත් හඳුන්වලා දුන්න නම් වැඩේ ඉවරයි. රාළහාමි රියැදුරා හමුවෙන්න කලින් බොඩි කැමරා ක්‍රියාත්මක කරන්න ඕන. ඒ පිටපත පොලිසියට ලබා දෙන්නත් ඕන. එතකොට පැනලා යන කෙනත් අහුවෙනවා පගා ගන්න කෙනත් අහුවෙනවා. නීති දැම්මට වැඩක් නැහැ නිතිය හරි හැටි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන්න වෙනවා
ඔය නිතිය ප්‍රාඩෝ වැනි සුපිරි වාහන වලට වලංගු නැත , ඕක වලංගු වෙන්නේ අපිට පමණි ඕකෙන් වෙන්නේ පොලිස් කාරයෝ පෝසත් වෙන එක , එතුමල හිතන් ඉන්නේ ලබන පාර ඡන්දෙදි අපිට මේවා අමතක වේවි කියල, ඔහොම යන් , ඡන්දෙදි දෙන්නම් දුම් පනින්න
වමෙන් ඉස්සරකරන මෝටර් සයිකල් කාරයින්ට, ත්‍රීවීලර් කාරයින්ට 30000 ක දඩයක් නියමකර අනතුරක් වුනොත් සම්පූර්ණ අලාභය, මෝටර් සයිකලය විකුණා හෝ, දකුණේ වාහනය පැදවූ අයට ගෙවීමට නීති හදන්න. එසේම වේගයෙන් යාමට ඉඩ තිබියදීත් පාරේ ගාටන ගොබ්බ රියදුරන්ටත් දඩ නියම කරන්න.
දඩ නියම කරනවත් සමගම පාරවල් ටිකත් හදමු. මන් තීරු, නාම පුවරු, එතකොට මිනිස්සු පිළිවෙලකට එළවයි. පොලීසියේ රාළහාමිලාට විතරක් නීතිය හදන්න බැහැ. අපි රටේ ජනතාව හැටියට අපිත් නීතිය පිළිපදින්න ඕනේ. අනික රාළහාමිලා හැංගිලා ඉන්නෙත් ඔතනනේ..
සුපිරි වැඩක්...
බමුණුඅාරච්චිගේ අදහසට මම 100% එකඟයි.
රිය අනතුරක් කර පලා යාම.වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරලා කියෙන්නෙ.මේකෙදි මට හිමි වන දඩය කොපමනද.වරදකරු වුවහොත් කීයද