(තරිඳු ජයවර්ධන සහ ටෝනි කරුණානායක)
 
ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්වාසීන්ට වෙඩි තබා තිදෙනකු ඝාතනය  කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු යුද හමුදා සාමාජිකයන් සිව් දෙනා ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතා අද නියෝග කළේය.
 
සැකකරුවෝ බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
 
යුද හමුදා මූලික පරීක්ෂණ උසාවියේ වාර්තාව පදනම් කර ගනිමින් තව දුරටත් විමර්ශන පවත්වන බව දැනුම් දුන් රහස් පොලිසිය තවත් හිස් පතුරොම් කිහිපයක් සම්බන්ධයෙන් රස පරීක්ෂණ වාර්තාවක් ලැබිය යුතු බව ද කීවේය.
 
රස පරීක්ෂණ වාර්තාව ප්‍රමාධ වීම ගැන ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා රස පරීක්ෂක වාර්තාව කඩිනමින් ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස දැනුම් දුන්නේය.