IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


රත්නපුර පවුල් 5032 ක් ආපදාවට

(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම සහ ලසන්ත නිරෝෂන පෙරේරා)

රත්නපුර දිස්ත්‍රික්කයේ මේවන විට පවුල් 5032 ක පුද්ගලයන් 19,074 ක් ආපදාවට පත්ව සිටින බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපොතාගම මහත්මිය අද (22) ප්‍රකාශ කළාය.

(19) වැනිදා බලපෑ අපදා තත්ත්වය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 ට ම බලපා ඇති බවද රත්නපුර දිස්ත්‍රික් ලේකම්  මාලනී ලොකුපෝතාගම මහත්මිය සඳහන් කළාය. 

වැඩිදුරටත් අදහස් දැක්වූ රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය මෙසේ පැවසුවාය.

     ‘‘රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 575 ක් පවතින අතර අද පස්වරු 4.00 වන විට වසම් 284 කින් ආපදා සිදුවීම් වාර්තා වුණා. 

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 5032 ක පුද්ගලයින් 19074 දෙනෙකු ආපදාවට ලක් වී තිබෙනවා. 

දිස්ත්‍රික්කයේ මේ වන විට ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 03 ක් වාර්තා වී ඇති අතර මරණ 02 ක් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද, අනෙක් මරණය පැල්මඩුල්ල කොට්ඨාසයෙන් වාර්තා වුණා. 

පූර්ණ හානි වූ නිවාස 22 ක් සහ අර්ධ හානි වූ නිවාස 1872 ක් මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

දිස්ත්‍රික්කයේ වෙනත් දේපල හානි 446 ක් වාර්තා වී තිබෙනවා.

ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 64 ක පුද්ගලයින් 228 ක් සිය ඥාති නිවාසවල මේ වන විට රඳවා සිටිනවා.

එමෙන්ම සුරක්ෂිත මධ්‍යස්ථාන 06 ක පවුල් 29 ක පුද්ගලයින් 117 දෙනෙකු රඳවා සිටිනවා‘‘ යැයි  රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපොතාගම මහත්මිය ප්‍රකාශ කළාය.

 



අදහස් (0)

රත්නපුර පවුල් 5032 ක් ආපදාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28497 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18198 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10980 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 681 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 202 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site