( උපාලි රණවීර)
‘‘මරාගෙන මැරෙන කොටියා පුපුරාගන්න ඉස්සෙල්ලා මෙල්ලකොට අත්අඩංගුවට ගත්ත විරුවා අද (සිරගේ) ඇතුළේ. මරාගෙන මැරෙන බෝම්බය ගෙනා කොටියා එළියේ. කොටියා අල්ලලා දුන්නට හිරේට දමලා‘‘ යැයි ද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැලිවේරිය කිරිකිත්තේදී පැවසීය.
කිරිකිත්ත වෙහෙරවත්ත ප්‍රජා භූමියේ ඉදිකරන චෛත්‍ය ගර්භයේ නිදානෝත්සවයට සහභාගීවෙමින් හිටපු ජනාධිපතිවරයා එසේ කීවේය.
‘‘ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශමහතා බන්ධණාගාරයේ උපවාසයක් ආරම්භ කරලා තිබෙනවා. ඔහුගේ සුවදුක් බලන්න මම ගියා.... වීරවංශ මන්ත්‍රීතුමාගේ කූඩුව ඉදිරිපිට කූඩුවේ ඉන්නේ මේ රටේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපරදුවට තබා සටන් කළ රණවිරුවන් හයදෙනෙක්. තවත් රණවිරුවන් පිරිසක් ජාතික රෝහලෙත් ඉන්නවා.‘‘
රටේ ප්‍රශ්නවලට මෙන්ම ජනතාවගේ ප්‍රශ්නවලටද විසඳුම් ලබාදීමට නොහැකිව පාලකයින් බීරන් මෙන් සිටින යුගයක තමන්ගේ දුක හා පීඩනය දෙවියන්ටවත් කියන්න ඕනෑ බව හිතලා ජනතාවට අද ප්‍රජා භූමිවලට යාමට සිදුව තිබෙනවා යයිද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට වගකියන්න ඕනේ ඔබතුමා. ඔබතුමාට මිනිස්සු 2/3 බලයක් දුන්නේ රට හදන්න. 2010 ඉඳල 2015 වෙනකල් ඔබතුමාගේ වටේ හිටපු ගෝලයෝ රොත්ත කරපු ජඩ වැඩ නිසා තමයි ඔබතුමාට යන්න වුනේ.ඔබතුමා බබෙක් නෙවිනේ. දෙවැනි පෙළ නායකයෙක් පෙනෙන අහලකවත් තියන්නේ නැතිව ඔබතුමා කරපු පාලනය මෙම තත්වයට වගකියන්න ඕනේ. මේ ආණ්ඩුවට ඉක්මනට ගෙදර යන්න වෙයි කරන පාවාදීම් වලට
ත්‍රස්තවාදය පරදලා නිදහස් කරගත් රට විනයක් ඇතිව හොරකම් මැරකම් පලිගැනීම් නොකොට, තමන් හරිහැටි පාලනය කලානම් අද අපි ගොඩ ඇවිල්ලා කාටවත් යටත් නැතිව, දැන් ඉහිරුන කිරට හඬලා වැඩක් නෑ, ගිය නුවන අලි දාලාවත් ආපසු ගන්න බෑ.
ඇත්ත ඇත්ත ෆොන්සේකා හිරේ කරුණ අම්මාන් ඇමති
මේ රට නැවත ගොඩනගන්න පුළුවන් එකම කෙනා ඔබතුම විතරයි. ඔබතුමා හදපු දේවල් විකුනන්න විතරයි දැන් ඉන්න අය දන්නේ. පහුගිය අවුරුදු දෙක ඔබතුමා මේ රට පාලනය කළා නම් මේ විදියේ ව්‍යසනයක් රටට වෙන්නේ නැහැ. නැවත ඔබතුමා ඇතුළු ඒකාබද්ද විපක්ෂයට බලයට ඒමට හැකිවේවා කියා පතමි.
ඔබතුමා හෝ ගොටාභය මැතිතුමා කොහොමහරි රට බාරගන්න . අනිත් සහෝදරයෝ ,පුත්තු, යාලුමලුවෝ , අයින්කරලා හරි කෙනා තෝරාගෙන පහුගියකාලේ වුණු වැරදි ගැන හොදට සිහිකරගෙන. රටට සෙතක් වෙයි කියන බලාපොරොත්තුව සැමගේ ප්‍රාර්ථනයයි . ඔබතුමාට දිර්ඝායු පතමි.
සිංහල අපිට හැමදේම මතක සති දෙකක් නිසා...කාටවත් ඕවා ගැටලු නෙවෙයි. මම හිතන්නේ .
යහපාලනයට ඡන්දෙ දුන්න ජාතික ද්‍රෝහියන්ට මේවා හොඳ පාඩම්. මේ වගේ අයට රටක නැති වෙන එක හොඳයි අපරාදේ මහින්ද මහත්තයා රට බේරා ගත්තේ
"රණවිරුවා ඇතුළේ, බෝම්බය ගෙනා කොටියා එළියේ" මේක නම් හරියටම ගැලපෙනව ෆොන්සේකාටයි, කරුණටයි.. නේද මහත්තයො ?
තව අවුරැදු දෙකක් බලයෙ සිටිමට හැකියාවක් තිබියදි බලය අතහැර විශ්‍රම ගිය මහින්ද බලයට කෑදර නැති අයකු බව ජනතාව පිළිගත යුතුයි.
සිරියලතාට අමු කෙවිලාද ?
ඔබ කළ හොඳ වගේම නරක දේත් අපට අමතක නෑ. රටේ අවුල් නොකර විවේක සුවය වින්දොත් හොඳයි නේද. බලය වෙනුවෙන් අනාගත පරපුරට ද්‍රෝහී නොවන්න. බුදු දහමට අනුගත වන්න, ඔබතුමාට නිවැරදී සිතුවිලි පහළ වේවා.
රණවිරුවා කියන වචනය තමුන්ගේ බලය ලබාගැනීමේ මන්ත්‍රයක් ලෙස පාවිච්චි කලත් බලයේ සිටි කාලයේදී ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප හදා දුන්නේ නැත්තේ ඇයිදැයි අපට නොතේරේ .
ලොක්ක සමඟ බැසිල් සහ පිරිවර පිටිපස්සෙන් ඉන්නවා නැති වුණ දේවල් ටික පොලියත් සමඟ ලබාගනීවී
අද මේ රට කරන යම පාලුවන්ට වඩා සිය ගුණයක් මම ඔබ තුමාට ගරු කරනවා එහෙත් . මේ රට කොටි හිතවතුනේ පදයට නටන සුරතලියක් නොකළ, මහා කොටි රල මරා දැමීමට අණදුන් ඔබතුමාට ,ඔබ තුමා වටේ සිටිමින් ඔබ තුමා විනාස තක්කඩි රල මෙල්ල කිරීමට ඔබතුමාට නොහැකි වුණා. එබැවින් අද වන විනාසයන්ට ඔබතුමාත් වග කිව යුතුය.කොටි රල මෙල්ල කිරීමෙන් පසු ඔබතුමා හරියට සිටියා නම අදත් ජනපති
ඔබට අමතකද ලොව හොඳ දක්ෂම හමුදාපති ඇතුලට දාලා කොටින්ට පක්ෂයේ උපසභාපති කම් සහ අනෙකුත් තාන්නමන මාන්න දුන්නේ කවද කියල?
රජෙක් වගේ හිටපු මනුස්සයෙක් නේද දෙයියනේ අද මේ කවට කොමිටලයක් වෙලා තියෙන්නේ. දුදනන්ගේ ආශ්‍රය නිසා රජෙක් වුව සුනඛයෙක් විය හැකි බවට අප ඇස් ඉදිරියේ සාක්ෂි මැවෙන හැටි. බුදු දහම සදහටම සත්‍යක් බව නැවත නැවතත් පෙන්වන සැටි
ඔබ තුමාගේ කතා වලින් නම් පේන්නේ අතීතය අමතක වෙලා බවයි . අවංක කම නැතිනම් ඔබ තුමා ආවත් මේ ටිකම තමයි.
අපි මල්පුදන බුදුන්වදින තැන මෙයා දේශපාලනයෙන් කිලිටි කරනවා.මේකට තමයි කියන්නේ පවුකලොත් මේ අත්මේම විදවනවා කියන්නේ.
යුද්දෙන් පසු මහින්ද කෙලින් අවංකව වැඩ කරානම් අපි අද ඔක්කොමල ගොඩ. එහෙනම් මේ ජරාජීර්ණ රනිල් මංගල වැනි ද්‍රවිඩ ඊළාම් ගැති ,බටහිර ගැති ෆෙඩරල් වාදීන්ට රට යන්නේ නැහැ..මහින්ද මොනවා කීවත් දැන් වැඩක් නැහැ. මහින්දම තමා සියලු වැඩ වැරැද්ද ගත්තේ. යුද්ධ ජයග්‍රහණයෙන් පසු මහින්ද ඔලුව ඉදිමවගෙන පිස්සු කෙලිය. එයාගේ මල්ලිලා අයියල බිරිඳ දරුවෝ නෑදෑයෝ මිත්‍රයෝ ඇතුළු හෙන්චයියල නඩේ රට අමුවෙන් අනුභව කරා. එහෙම නොවුනානම් මේ වන විට අපේ රටත් සිංගප්පුරුවක් වෙලා ඉවරයි.. එහෙනම් මහින්දත් තාමත් බලයේ. මහින්දට මොලය පැදිගෙන එන්නේ දැන්. ඔහොම තමා බලය තියන කොට මොලය නැහැ. මොලය තියන කොට බලය නැහැ.
රණවිරු පියා හිර ගෙදරට දමා දරුවන් ගැන කඳුළු සැලීම බොහෝ විට බලයට ඇති කෑදර කමක් බවකි අපට පෙනෙන්නේ.