(සුජිත් හේවාජුලිගේ )
සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ ඉල්ලීමට ඇහුම්කන් දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රටපුරා සංචරණ සීමා පැනවීමට ගත් තීරණය ඉතා අගය කරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
සංචරණ සීමා හේතුවෙන් රටේ ආර්ථිකයට යම් බලපෑමක් එල්ල වුවද ජනතාවගේ ජීවිත වලට ඇතිවන හිතකර බලපෑම අවතක්සේරු කළ නොහැකි බවත් බහුතර මහජනතාවගේ ජීවිතවල වටිනාකම තාවකාලික ආර්ථික පසුබෑමට වඩා වටිනා බවත් එම සංගමය පෙන්වා දෙයි .
සංචරණ සීමා පැනවීමට රජය තීරණය නොකළේ නම් ආසාදිතයන්ගෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන පිරී ගොස් සෞඛ්‍ය සේවාව අඩාල වී රෝගීන් බොහෝ පිරිසක් මියයා හැකිව තිබූ බව පවසන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කෙසේ වෙතත් රෝගය පාලනය කළ හැකි මට්ටමට පැමිණෙන තෙක් සංචරණ සීමා තවදුරටත් පවත්වාගෙන යන්නයි ද ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරයාගේ තීරණය නැවත නැවතත් අගය කරන බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලට නම් අවුලක් නෑ. හත්මුතු පරම්පරාවටම හම්බකරගෙන ඉවරයිනේ.. අහිංසක එදාවේල හොයාගෙන කන කට්ටියට... ආණ්ඩුවට නිසි වැඩ පිළිවෙළක් තියෙනවද?
වන්දිභට්ටයින් ප්‍රශස්තියක් කියලා වැක්සීනුත් හොරෙන් ගහගත්තනේ... අර අහිංසකයින්ට ගහන්න තිබ්බ සෙකන්ඩ් ඩෝස් එක....
අවම වශයෙන් දැන්වත් අසරණ ලෙඩ්ඩුන්ගෙන් හම්බ කරගත් ධනය අද එදාවේල හොයාගෙන කන උදවිය සඳහා වියදම් කරන්න.
පරිස්සමෙන්, ඔය නැට්ට වැනුවට පොඩ්ඩ එහාමෙහා වෙද්දී හපා කනවා...
මොන සංචරණ සීමාද, මිනිස්සු හැම තැනම ඇවිදිනවා, කඩවල්වලින් හොරෙන් බඩු දෙනවා. පැති දෙකක් තියෙන්වා මෙතන, ගෙවල්වල කන්න බොන්න විදියක් නැත්නම් මිනිස්සු එහෙ මෙහෙ යනවා. ඩිලිවරි වාහන යනවා කිව්වට හැමෝම ඉන්නේ පාර අයිනේ ගෙවල්වල නෙවේනේ. ගෙදර හිටියොත් අඹු නසී... මගට ගියොත් තෝ නසී කිව්වලු.
කොරෝනා කියන්නෙ තනිකර බොරුවක්
ඕක වැහුවේ මහත්තයෝ ඔහෙලා ඉල්ලපු හින්දා නෙමෙයි... එහෙනම් ඕක කලින්ම කරන්න තිබුණා නොවැ... මේක කරන්න වුණා... වෙන කරන්නම දෙයක් නැති හින්දා.. උද්දච්චකම මහන්තත්ව කම් බිමින් තියලා පොරවල් වලට බිමට බහින්න වුණා.. මොකද පස්සම තමයි බිම ඇණුනේ...! කරපු වැඩේ හොඳයි.. එ්ක අගය කළයුතුයි නමුත් පහුවූණු එක තමයි වැරැද්ද අනික ඔහෙලත් අර ඊනියා සංගමය වගේ සුදුහුණු ගාන්න එපා කැතයි. අරගොල්ලන්ට වෙලා තියන දේ පේනවා නොවැ...!