(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

රට බෙදන, රට කඩන, බෞද්ධාගමට හෝ වෙනත් කිසිදු ආගමකට හානිවන මොනයම් කරුණක් හෝ අඩංගු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නීතිගත කිරීම සඳහා  කතානායකවරයා ලෙස තමන් දිවි තිබෙන තුරු සිය සහතිකය සටහන් නොකරන්නේ යැයි කතානායක කරූ ජයසූරිය මහතා අද(22) මීරිගමදී පැවසීය.

ජයසූරිය මහතා මේ බව ප‍්‍රකාශ කළේ මීරිගම ශුද්ධ වූ ජපමාල දේවමාතා දේවස්ථානයට අවුරුදු සියයක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

‘‘මම පාර්ලිමේන්තුවේ කතානායක ලෙස තාම ව්‍යවස්ථාවක් ගැන දන්නේ නෑ. දැකලත් නෑ.  ඕනෑම කෙනෙකුට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවට ගේන්නත් පුළුවන්. සමහර ඒවා රට බෙදන රට කඩන යෝජනා වෙන්නත් පුළුවන්. නමුත් ඒවා යෝජනාවන් පමණයි. ව්‍යවස්ථාවක් ලෙස පර්ලිමේන්තුවේ සම්මත වන්නේ කතානායකවරයා ලෙස මා ඊට අත්සන් කළොත් පමණයි‘‘ යැයි ද කථානායකවරයා කීය.