IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


රිට් පෙත්සමේ විභාගයෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඉවත් වෙයි

තිළිණි ද සිල්වා  සහ  රංජන් කටුගම්පොළ 

තමන්ට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාගයට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා ගොනු කළ රිට් පෙත්සමේ විභාගයෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන ඉවත් වන බව අද (16)  නිවේදනය කළේය.
 
ඒ අනුව මෙම පෙත්සම ලබන සඳුඳා (19) අභියාචනාධිකරණ සභාපති නොමැති විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමටද නියෝග කෙරිණි.
 
මහින්දානන්ද අලූත්ගමගේ මහතා ගොනු කළ රිට් පෙත්සම අද (16) අභියාචනාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
 
නීතීඥ සනත් විජේවර්ධන මහතා මඟින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
 
රුපියල් මිලියන 27 ක වටිනාකමින් යුතු දේපළක් අත්පත් කර ගැනීමෙන් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් පෙත්සම්කරුට එරෙහිව කොළඹ මහාධිකරණය යටතේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම යටතේ නඩු පවරනු ලැබ ඇත.
 
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනසුරු ගිහාන් කුලතුංග මහතා යටතේ විභාගවේ.
 
මෙම විනිසුරුවරයා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතාට එරෙහිව ප‍්‍රකාශිත නඩු තීන්දුවේ එවක පැවති දේශපාලන සංස්කෘතිය යටතේ රජයේ සේවකයින් සහ විධායක නිලධාරීන් මෙවැනි තීන්දු තීරණ ගැනීම් වලට යොමුවීමේ ස්වභාවයක් දක්නට ලැබේ යැයි සඳහන් කර ඇත.
 
පෙත්සම්කරුවෙකුගේ නඩුව විභාගයට ගනු ලබන විනිසුරුවරයා බරපතල වංචා සහ ¥ෂණ සෙවීමේ කොමිසමේ සාමාජිකයෙකු හැටියට කටයුතු කරයි.මෙම කොමිසම නිකුත් කළ වාර්තාවේ පෙත්සම්කරුට එරෙහිව විමර්ශනයක් සිදු කළ යුතු බවට කරුණු සඳහන් කොට තිබේ.
 
මේ අනුව අදාළ විනසුරුවරයා ඉදිරියේ පෙත්සම්කරුගේ නඩුව පිළිබඳ සාධාරණ සහ යුක්තිසහගත විනිශ්චයක් බලාපොරොත්තු විය නොහැකිය.
 
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ එම නඩුව විභාගයට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද නඩුව වෙනත් මහාධිකරණ විනිසුරුවරයෙක් හමුවේ විභාගයට ගැනීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.
 
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා මහතා පෙනී සිටියේය.



අදහස් (9)

රිට් පෙත්සමේ විභාගයෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඉවත් වෙයි

Indrajith Saturday, 17 February 2018 01:11 AM

ගරු විනිසුරුතුමා ඉවත්වීමට හේතු මොනවද?

:       0       0

rocky Saturday, 17 February 2018 04:30 AM

අනේ පව් අහිංසකයා! ඔහුට ඉඩදෙන්න, තමන් කැමති විනිශ්චයකරුවෙකුව තෝරා ගන්න!

:       123       1

Appuhami Saturday, 17 February 2018 05:50 AM

මේක උසාවියට කරන අපහාසයක් නොවෙයි නේද?

:       1       1

lalith Saturday, 17 February 2018 08:42 AM

ෆයිසර් මුස්තාෆා මහින්දානන්ද වෙනුවෙන්.... මේ රටට හෙනම වදීවි...!!!

:       0       2

kamal GamageSaturday, 17 February 2018 03:37 PM

මේ ඔක්කොම එකට එකතු වන බව මෙයින් පැහැදිලියි නේද?

:       0       0

Binara Gunasekera Sunday, 18 February 2018 06:06 AM

මේ ඇමතිවරයාගේ පියතුමා කව්ද දන්නේ නෑ.

:       0       0

සුගත් තිලකරත්නSunday, 18 February 2018 09:26 AM

මහත්වරුනි සමාවන්න.. වලිගය පාගා ගන්න එපා. ෆයිසර් මුස්තාෆා සහ ෆයිස් මුස්තාෆා යනු දෙදෙනෙකි.

:       0       0

sarath perth Saturday, 17 February 2018 10:19 AM

රටට නෙමෙයි රට කරවන නොහොඹිනා පාලකයින්ට පලදේවි..!!!

:       0       2

Tissa Sunday, 18 February 2018 09:28 AM

ජනමතයෙන් අධිකරණයට තිත... බන්ධනාගාර දොරවල් ඇරේ. සිරකරුවෝද මනුෂ්‍යයෝය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28341 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18191 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10885 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 672 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 197 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 855 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site