(ඩයනා උදයංගනී)
ශ‍්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමෙහි රටට අයහපතක් වන කරුණක් ඇතුළත්ව තිබේ නම් එය සංශෝධනය කිරීමේ හැකියාවක් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
අත්සන් කළ දින සිට වසරක් ඇතුළත ගිවිසුමට අවශ්‍ය සංශෝධන එකතු කළ හැකි බවට වන වගන්තියක් එම ගිවිසුමට ඇතුළත් කර තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව ශ‍්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට මාස දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කර ස්වාධීන කමිටු වාර්තාව මගින් එහි සංශෝධනය කළ යුතු කරුණු ඇති බව දක්වා තිබුණහොත් එය සිදුකළ හැකි බව ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
එම කමිටුවේ සිටින විශේෂඥයින් විසින් නිසි පදනමක් ඇතිව ලබාදෙන වාර්තාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇතැයි කී අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඒ අනුව සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට හැකි බව ද කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (16) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
ඉතින් මේක අත්සන් කරන්න කලින්මනේ බලන්න තිබුණේ ඇමතිතුමෝ?
ඔබතුමාට අයහපතක්වෙන බව පේන්නෙම නැද්ද?
ඇයි "රටට අයහපතක් වන කරුණක් ඇතුළත්ව තිබේ නම් " කියමන් දැන් කියන්නේ ? ඕනෑම මිනිසකු යමක් අත්සන් කරනකොට එය කියවා බලා නොවේද තමන්ගේ අත්සන තබන්නේ?
ඔබතුමාලා ඔය අමාත්‍යංශේ ඉදන් අත්සන් කරලා යවන ලිපිත් පස්සෙන් ගිහින් සංශෝධනය කරනවද. හොඳට කියවලා බලලා නේද අත්සන් කරන්නේ.