(තිළිණි ද සිල්වා)
ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු වූ රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වසර විසි හයක් තිස්සේ බන්ධනාගාර ගත කර සිටින රොබට් පයාස් නැමති චූදිත එල්.ටී.ටී.ඊ සාමාජිකයා තමන්ට මරණයට පත් වීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලමින් එරට බන්ධනාගාර බලධාරීන් ගෙන් ලිඛිතව ඉල්ලා ඇතැයි ඉන්දියාවේ පළවන ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි.
‘අනුකම්පා කර මරා දැමීම‘ හෝ ‘තමන්ට මරණයට පත් වීමට‘ අවසර ලබා දෙන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවෙන් ද එම ලිපියෙන් ඉල්ලා ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මේවන විට තමන් බැලීමට සිය ඥාතීන් තවදුරටත් බන්ධනාගාරයට නොපැමිණෙන බවද චූදිත රොබට් පයාස් සඳහන් කරන බවද ටයිම්ස් වාර්තාවේ දැක්වේ.
එවැනි තත්ත්වයක් යටතේ සිය ජීවිතයේ සියලු බලාපොරොත්තු සුන් වී ඇති බව රොබට් පයාස් පවසයි.
එම ලිපියට අදාළව කිසිදු තීරණයක් ගත නොහැකි බවත් එය පොලිස්පතිවරයා මාර්ගයෙන් එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා යැවා ඇතැයි නම සඳහන් නොකළ තමිල්නාඩු පොලිස් නිලධාරියකු පවසා ඇත.
මේවන විට චෙන්නායි හි පූසල් බන්ධනාගරයේ රඳවා සිටින රොබට් පයාස් රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබමින් සිටින ෂාන්තන් නොහොත් ටීගසුරේන්ද්රි රාජා,ටී.ශ්‍රී ද නිවාසන් ,නලිනි ඇතුළු හිටපු එල්ටීටීඊ සාමාජිකයන් හත් දෙනාගෙන් එක් අයෙකි.
තමිල්නාඩු ප්‍රාන්තයේ බලයට පත් සියලු ආණ්ඩු විසින් වරදකරුවන් හත් දෙනාම නිදහස් කිරීමේ උත්සාහයක නිරත විය.ඒ සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජීව් ගාන්ධි මැතිතුමා ඝාතනයට අවසර දුන් අයගෙන්ම මේ අවසරයත් ඉල්ලා ගන්න එක නේද වඩා හොඳ...
කොටි ත්‍රස්තවාදීන් අන්තිමට ලබා ගත්තේ මානසික පීඩනය පමණි.
තමාව උපමාවට ගෙන අන්සතු ජීවිත වලට හානි නොකර සිටිය යුතුයි ... අන්ජීවිත නසන අවස්ථාවේ මිනීමරුවාට අනෙකාගේ වේදනාව හා ඔහුගේ පවුලේ හිතවතුන්ගේ දුක, දොම්නස පිළිබඳ අංශු මාත්‍රයක තරම් වත් සිතක් පහල නොවූවාට මිනීමරුවාට දඬුවම් ලැබෙන විටදී ඔහු ඒ ගැන වේදනා විඳිමින් හා එයින් බේරීමට නොයෙකුත් ක්‍රියාමාර්ග ගනී... උවමනාවෙන් හා සැලසුම් සහගතව තව කෙනෙක් නසා දමනා පුද්ගලයාට සමාව නම් නොලැබිය යුතු වගේම දඬුවම් නොලබා නිදහස් වීමටද ඔහුට අයිතියක් නැත...
අපේ රටේ සිදුවන්නේ වෙනස් දෙයක්.. රට වෙනුවෙන් සටන් කල අය සිරගත කර, විදේශ වලින් ලකුණු දමා ගැනීමට ඔවුන්ව කුණු එකතු කිරීමට නිර්දේශ කිරීමට කටයුතු කිරීම පමණි.
"තමිල්නාඩු ප්‍රාන්තයේ බලයට පත් සියලු ආණ්ඩු විසින් වරදකරුවන් හත් දෙනාම නිදහස් කිරීමේ උත්සාහයක නිරත විය. ඒ සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවනු ලැබීය." මෙය මම අගය කරමි ...
චන්ඩිකමට හිරේ යන්න බය නෑ කියලා නිතර කියවන අය මේ ලිපිය දෙතුන් වරක් කියවන්න. ඉබේටම කට වැහෙයි කෙනෙක් හිරේදී විඳවන විඳවිල්ල තේරෙනවා නම්....
අහිංසක සරසවි සිසුන් පිරිසක්... සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වී, එහි දේපළ විනාශ කරමින් එහි සේවකයන්ට පහර දෙමින් කළ අහිංසක ක්‍රියාවට පහරදෙමින් ලොකු වරදක් කර ඇති බව මගේ වැටහීමය... එමනිසා ඔබලාත් ඔය උද්ඝෝෂණය, ඔතනින් සීමා කරන්නේ නැතුව සෞඛ්‍ය අමාත්‍යාංශයට බැරිනම් රජයේ රෝහලකට හෝ ඇතුළුවී පොදු දේපල කඩා බිද දමන්න... ඒකනේ කරන්න ඕනේ වෙලා තියෙන්නේ... කණගාටුයි...