IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රජිව් ගාන්ධිගේ ඝාතකයන් නිදහස් කරන්න’යි කළ ඉල්ලීම ඉවතට

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය කළ බවට එල්ල වූ චෝදනාවලට වැරදිකරුවන් වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින හත් දෙනා නිදහස් කරන්නැයි ඉල්ලමින් තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව කරන ලද ඉල්ලීමක් අද (10) නැවත වරක්  ප්‍රතික්ෂේප විය.
 
හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය කළ බවට චෝදනා ලැබ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබන හත් දෙනා නිදහස් කරන්නැයි ඉල්ලමින් තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය. 
 
එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ඉන්දීය මධ්‍යම ආණ්ඩුව අදාළ ලිපිය ප්‍රතික්ෂේප කළ අතර එය එරට අධිකරණයට යොමු කෙරුණි.
 
තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මධ්‍යම ආණ්ඩුව ඉදිරිපත් කළ වාර්තාව ඉන්දීය  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගනු ලැබ තිබේ. 
 
හිටපු අගමැතිවරයාගේ ඝාතනය රටේ සිදු වූ අනෙකුත් අපරාධ කිසිවකටවත් සමාන කළ නොහැකි බව ඉන්දීය මධ්‍යම ආණ්ඩුව තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවට දන්වා ඇත.
 
“හිටපු අගමැතිවරයාගේ ඝාතනය මහ මැතිවරණය මෙන්ම ප්‍රාන්ත කිහිපයක මැතිවරණ කල්දැමීමට හේතුවුණා. ඉන්දිය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය පීඩාකාරී තත්ත්වයකට පත් කරනු ලැබුවා” තමිල්නාඩු ප්‍රාන්තයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මධ්‍යම ආණ්ඩුව තවදුරටත් සඳහන් කර ඇත. 
 
‘වැරැදිකරුවන් නිදහස් කිරීම අවදානම් සහ බිහිසුණු ක්‍රියාවක් බවත් එමගින් අනාගතයේදී අපරාධකරුවන්ට අවස්ථාවක් ලබාදෙන බවත් තමිල්නාඩු ආණ්ඩුවට පැහැදිලි කර ඇති මධ්‍යම ආණ්ඩුව වැරැදිකරුවන් නිදහස් කළහොත් එය ඉන්දියාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්වනු ඇතැයි ද අවධාරණය කර ඇත.
 
මේ ආකාරයෙන් තමිල්නාඩු ප්‍රාන්තය හිටපු  අගමැති රජිව් ගාන්ධි ඝාතකයන් නිදහස් කරන්නැයි ඉල්ලමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයටත් වරින් වර පත්වූ මධ්‍යම ආණ්ඩුවලටත් ලිපි යැවූ අතර ඒ සෑම අවස්ථාවකදීම එම ඉල්ලීම් ප්‍රතික්ෂේප විය.
  
අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව අප්‍රේල් 18 වැනි දා තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවට දැනුම් දුන් බව ද මධ්‍යම ආණ්ඩුව  ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය. වැරදිකරුවන් හත් දෙනා වසර 27ක් මුළුල්ලේ සිරදඬුවම් විදිති.
 
හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනයට චෝදනා ලැබු වැරදිකරුවන් වූ සියලු දෙනා නිදහස් කිරීමට රජයේ අනුමැතිය අවශ්‍ය බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ව්‍යවස්ථා මඩුල්ල 2015 වසරේදී ප්‍රකාශ කළේය.
 
 
 
එන්.ඩී.ටීවී/ද හින්දු 
 
055



අදහස් (6)

රජිව් ගාන්ධිගේ ඝාතකයන් නිදහස් කරන්න’යි කළ ඉල්ලීම ඉවතට

prabha Friday, 10 August 2018 10:47 AM

වැඩේ වෙන්න නම් ඔහොම කරලා බෑ. ඉස්සෙල්ලම ඉල්ලන්න ඕනේ අපේ ජනාධිපතිතුමාගෙන්... එයා ලස්සනට කරලා දේවි !!!

:       0       11

නලිනි Friday, 10 August 2018 11:03 AM

මෙන්න අධිකරණ. රටේ ප්‍රශ්න මොනවා වුනත්... නීතිය නීතිය හැටියටම පසිඳන , දේශපාලකයන්ව ශත 5 කට‍ නොසලකන උතුම්වූ විනිසුරුවරුන්. අනේ එ්කටත් එක්ක අපේ අය... ලෝකෙන් උතුම් රටනේ මේ කුඩු ද්වීපය. කුඩු කිලෝ 95 ක් සමග අහුවුණු දේශපාලකයාව හෙලිකොප්ටරයකින් ගිහිල්ලා " මල්ලි බය වෙන්න එපා..." කියලා බේරාගත්ත අපේ රටේ හිටපු , තටු හැකිලිලා හිටපු, මේ දැන් දැන් තටු ගහගහා ඉන්න හොර තක්කඩි දේශපාලකයෙක් ගැන ඔබට මතකද...?

:       0       109

BamunuarachchiFriday, 10 August 2018 02:03 PM

දන්නා මගුලක් කතා කරන්න හලෝ. රටම ඔළුව උස්සන්න බැරි විදිහට වැටිලා. කුඩුකාරයින් ගැනයි කතාව.

:       48       0

Chanak Los angelesFriday, 10 August 2018 02:30 PM

මේ කියන්නේ මුළු ලොවක්ම දුටු දේශපාලකයාව බදාගත් දර්ශනයේ හිටපු මීකිරිවලට ප්‍රසිද්ධ පළාතක ඉන්න පන්සල් ඡන්ද පොළවල් කරගෙන මන් සුදනා වගේ ජනතාව අමතන කෙනා කීවොත් හරිද?

:       0       33

Bamunuarachchi Friday, 10 August 2018 02:02 PM

මේ ගැන කියන්න බොහොම දේවල් තිබෙනවා. මෙයා පළාත් සභා පිහිටුවන්න බලකිරීම නිසා රටට වූ නස්පැත්තියට මෙයාට වූදේ ගැන මම සතුටුවෙනවා.

:       0       0

චාන්දනී ද සිල්වා.Friday, 10 August 2018 05:30 PM

මිනිසෙක්ගේ අතින් ජීවත්වෙන කාලයේදී නොයෙකුත් වැරදි සිදුවෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site