(උපාලි ආනන්ද)
කොළඹ කොටුවෙන් අද දහවල් 1.45 ට ඇරැඹු රජරට රැජින සීඝ්රගාමී දුම්රිය ගල්ගමුව හා සෙනරත්ගම දුම්රිය ස්ථාන අතරදී නතර වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.
එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් පස්වරු 6.45 ට පමණ මෙය සිදු වී තිබේ.
මේ වන විට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මුළුමනින්ම අඩාල වී ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය. දුම්රියේ පැමිණි මගීන් අනුරාධපුර පාදෙණිය මාර්ගයේ බස් රථ වලින් පිටත් කර හැරීමටද කටයුතු කරමින් සිටී.
COMMENTS
මේ අවරුදු 3 ටම කිසිම කෝච්චි පෙට්ටියක්වත් එන්ජිමක්වක් දුම්රිය දෙපාර්තමේන්තුවට එකතුවුනේ නැති නිසා තමා මෙහෙම වෙලා තියෙන්නේ.තවම පොල්ගහවෙල ඉදල කුරුනෑගලට තව දුම්රිය පාරක්වත් මේ ආණ්ඩුවට හදාගන්ඩ බැරිවෙලා තියෙන්නේ.නිදිමත ඇමතිල ඉන්නකම් දුම්රිය මගීන්ට මෙහෙම තමා
තමුන් ජනතාවට දෙන සේවයේ තත්වය උසස්කරන්න කියල දුම්රිය සේවකයෝ කව්රුවත් වර්ජනය කරන්නෑ. අද දුම්රියෙන් දුරගමනක් යනවනම් රස්තියාදුවෙන්න බලාගෙන යන්න ඕන .
වසර 60 -70 පරණ දුම්රිය එන්ජින් සහ මැදිරි වෙනුවට නව දේවල් එකරන්න ඕනේ හොඳ ගමන ගමනයක් මහජතාවට ලබා දෙන්න ඒ වෙනුවට මේ ගොල්ලෝ කරන්නේ ඒ ගොල්න්ට පියාඹන්න ලෝකය තියෙන හොදම් වගන ගේනවා ගැනීම නේ......