IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරින්ගේ සංගමයෙන් රාජ්‍ය සේවා කොමිසමට රතු එළියක්



(බිඟුන් මේනක ගමගේ)

රාජ්‍ය කළමනාකරණ සහකාර ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් රාජ්‍ය සේවා කොමිසම ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරියට උපදෙස් දී ඇති බවත් ඒවා නිවැරැදි කර නොගතහොත් සහෝදර වෘත්තිය සමිති සමග ඒකාබද්ධව වෘත්තිය ක්‍රියාමාර්ගයකට පිවිසෙන බවත් සඳහන් කරමින් රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරින්ගේ සංගමය රාජ්‍ය සේවා කොමිසමට ලිපියක් යොමු කර ඇත.

2013 අප්‍රේල් දෙවැනිදායින් පසුව පළමු පන්තියට උසස් වීම් ලැබූ නිලධාරින්ගේ වසර පහ සම්පූර්ණ වූ දින සිට වැටුප් වර්ධක නතර කිරීමට උපදෙස් දීමෙන් කොමිසම මෙසේ ව්‍යවස්ථාව නොසලකා හැර ඇතැයි එම සංගමයේ සභාපති යූ.පලිහවඩන මහතාගේ අස්සනින් යුතුව යොමු කරන ලද එම ලිපියේ සඳහන් වේ.

තමන්ට ලැබෙන සොච්චම් වැටුප් වර්ධකය මෙසේ නිර්දේශ කර ඇතත් ඊට හේතුව විභාග නිසි කලට නොපැවැත්වීම යැයි ද එම කරුණු අධ්‍යයනය නොකොට මෙසේ තීන්දු ගැනීමෙන් කොමිසම ආණ්ඩුවේ දේශපාලන කොමිසමක් වී යැයි සැකයක් මතු වන බව රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරින්ගේ සංගමය පවසයි.

වැටුප් වර්ධක නතර කර ඇති කාලයේදී කිසිදු උසස් කිරීමේ විභාගයකට පෙනී සිටීමේ ඉඩකඩ අහිමි වන අතර දිරි දීමනා, අතිකාල සහ දේපල වැටුප් හා ණය ලබාගැනීමේදී මූලික වැටුපට ගණන් බැලීම නිසා ආර්ථික වශයෙන් පීඩාවක් සිදුවන බවත් රාජ්‍ය සේවා කොමිසම මෙම තත්ත්වය ගැන සැලකිල්ල යොමු කළ යුතු බවත් එම ලිපියේ දැක්වේ.

ආයතනගත ප්‍රමාදයන් රාජ්‍ය සේවකයා මත නොපටවා මෙම නිර්දේශ සංශෝධනය කර රාජ්‍ය සේවා කොමිසමේ ස්වාධීනත්වයත් ගෞරවයත් රැකගන්නැයි ඉල්ලා සිටින බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ. 

රාජ්‍ය පරිපාලන කළමනාකරණ හා නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්වරයාට හා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරියට එම ලිපියේ පිටපත් යොමු කර ඇත. 



අදහස් (0)

රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරින්ගේ සංගමයෙන් රාජ්‍ය සේවා කොමිසමට රතු එළියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site