සයිටම් ගැටළුව සම්බන්ධයෙන් රජයෙන් ලබා දුන් විසඳුම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් පිළිගැනීම ගැන තමා සතුටට පත් වන බව සයිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා කියයි.
‘‘සෑම වෛද්‍ය ශිෂ්‍යයකුගේම සිහිනය වන්නේ වෛද්‍යවරයකු ලෙස මූලික සිදුසුකම් සපුරා , පශ්චාත් උපාධි පුහුණුව සම්පූර්ණ කොට විශේෂඥ වෛද්‍යවරයකු වීම බැවින් මා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය වෛද්‍ය පීඨ සිසුන් නැවත අධ්‍යන කටයුතු හා සායනික පුහුණුව වෙත යොමු කරන ලෙසයි.
සියලු මතභේද දුරලමින් රටේත්, සිසුන්ගේත් අනාගත අභිවෘද්ධිය සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු අතර ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපනය ලැබීමට ඇති නිදහස ස්ථාපනය කිරීමට හැකිවීම පිළිබඳව මම නිහතමානීව සතුටු වෙමි.‘‘ යැයි ද වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටටත් ජනතාවටත් නෙවිල්ගේ සතුටෙන් වැඩක් නෑ. දැනට ගෙවල්වලට වෙලා ඉන්න අසරණ වෛද්‍ය ශිෂ්‍යයින්ගේ සතුටයි අපට වැදගත් වන්නේ. ඒ නිසා මේ රජය ඉක්මණින්ම කළ යුත්තේ ගත්ත කි‍්‍රයා මාර්ගය කඩිනමින්ම යථාර්ථයක් බවට පත් කිරීමයි.
නෙවිල් කැමතියි කියන්නේ ඉතින් ඉතුරු හරිය අපිට හිතාගත්තහැකි
නෙවිල් ප්‍රනාන්දු මහතා සතුටු වී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපනය ලැබීමට ඇති නිදහස ස්ථාපනය කිරීමට හැකිවීම පිළිබඳව ය. ඔහුගේ උත්සාහය වුවේ ද එයමය. ලංකාවේ දොස්තරවරුන්ගේම පිහිටෙන් විශාල ලාභ ලබමින් තිබු ඔහුගේ විශාල පුද්ගලික රෝහල විකුණා ලැබූ රුපියල් බිලියන 2.5 පමණ ඔහු ආයෝජනය කලේ ඒ උදෙසාය. එම මුදල 15% පමණ පොලියකට 2008 සිට බැංකුවක තැන්පත් කලානම් කෙතරම් මුදලක් උපයා ගත හැකිව තිබුනද? මා ඔහුගේ කතාවකට සවන් දී ඇත. ඔහුගේ දුවරුන්, පුතුන් සහ ඔව්න්ගේ දරුවන් ඇතුළු 15 දෙනෙක් අද පිටරට වෛද්‍ය අධ්‍යාපනය ලබා පිට රටවල් වල සේවය කරන නිසා මෙම අධ්‍යාපනය මුදල් ගෙවා ලංකාවේ ලබාදී ඔවුනට ලංකාවේ ක්‍රමයට අනුගතවී මෙරටේ ජීවත් වී මෙරටට සේවය කිරීමට හැකිවන ක්‍රමයක් ඇති කිරීමය. ඒමගින් ලංකාවෙන් එලියට යන බිලියනන ගණනක විදේශ විනිමයක් ඉතිරි කිරීමය. අද ඔහුට ලැබී ඇත්තේ ගැරහීම් පමණකි. අද අරගල කරන අය මෙරට වෙනුවෙන් කර ඇත්තේ කුමක්ද? ඔහුගේ අභිලාශය වෙනුවෙන් ඔහුගේ වෛද්‍ය විද්‍යාලය රජයට පවරාගැනීම ගැන සතුටුවීම ගැන අප ඔහු අගය කල යුතුය.
ඔව්, තමනුත් නිදහස් අධ්‍යාපනයේ ඵල ලබාගත්තා වගේ අනිකුත් ශිෂ්‍යයන්ටත් නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල ලබාගන්නට ඉඩදීම මනුස්සකමකි. ප්‍රශ්නේ වුනේ සල්ලි වලට මනුස්සකම ලබාගන්න ගිය එකනේ.
"ශ්රී ලංකාව තුළ අධ්‍යාපනය ලැබීමට ඇති නිදහස ස්ථාපනය කිරීමට හැකිවීම පිළිබඳව මම නිහතමානීව සතුටු වෙමි" එම සතුටු ප්‍රකාශයේ ඔබ හිතනවාට වඩා පුළුල් හේතුවක් තිබේ. ඔහුගේ එම පරමාර්ථය ඉදිරියට ගෙනයාම ගැන ඔහු සතුටුවීම තවත් නිහතමානී වන්නේ ඔහු ඇතිකළ එම ආයතනය රටේ උන්නතිය උදෙසා රජයට පවරාදීමට කැමැත්ත ප්‍රකාශ කෙරීම නිසාය.
GMOA එක නෙවිල් ප්‍රනාන්දු මහත්තයගේ සාක්කුවට වැටුනද කියලත් හිතෙනවා.
අපේ රටේ ඉන්න මිනිසුන්න්ගෙන් වැඩි දෙනෙක් කරන්නේ , කෙටි ක්‍රම වලින් පොහොසත් වෙන හැටි සිහින මවමින් කාලය කා දැමීම. නමුත් නෙවිල් ප්‍රනාන්දු කියන පුද්ගලයා ලංකාවේ සැලකිය යුතු යමක් කරපු කාර්ය ශුර කම්මැලි නැති උගතෙක් බුද්ධිමතෙක් ,
ගෙවන්න තියන ණය ඔක්කොමත් පවරා ගන්නවා වෙන්න ඇති. එහෙම නම් ඉතින් සතුටු නොවී ඉන්න පුලුවන්ද?