IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රජයේ ප්‍රධාන පුටු හතරක් වෙනස් වෙයි

නැගෙනහිර  පළාත්  ආණ්ඩුකාර  වු ඔස්ටින් ප්‍රනාන්දු මහතා  නව ජනාධිපති  ලේකම්වරයා  ලෙස  අද (04) පෙරවරුවේ නිල පත් වීම් ලබා ඇත.

නව හමුදාපති ලෙස ලුතිනන් ජනරාල් මහේෂ්  සේනානායක මහතා ද  ආරක්ෂක ලේකම්  ලෙස හිටපු  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්  කපිල වෛද්‍යරත්න මහතා ද පත්වීම් ලැබ සිටිති.

ඔස්ටින්  ප්‍රනාන්දු  මහතාගෙන් හිස් වු  නැගෙනහිර  පළාත්  ආණ්ඩුකාර ධුරයට හිටපු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා  පත් වී  තිබේ.



අදහස් (11)

රජයේ ප්‍රධාන පුටු හතරක් වෙනස් වෙයි

romio Tuesday, 04 July 2017 05:00 AM

රෝහිත බෝගොල්ලාගම මහත්තයා කියන්නේ මිනිස්සු ඡන්දෙන් පරද්දල ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. එහෙම කෙනෙක්ට මේ විදිහට පස්සේ දොරෙන් රජයේ තනතුරු දෙන එක ඉතාම වැරදි වැඩක්... මේ වගේ මිනිස්සුන්ට එපා වූ චරිත නැවතත් කරළියට ගෙනෙන්න එපා. මේ රටේ ඔය තනතුරු දෙන්න උගත් බුද්ධිමත් මිනිස්සු ඇත්තේම නැතිද?

:       0       0

victor Tuesday, 04 July 2017 05:01 AM

පත්වීම් තුනක් නම් නිවැරදියි. එක් අයෙක් නම් කොහාටවත් ගැලපෙන කනෙක් නොවේ.

:       0       0

ලුම්බිණි Tuesday, 04 July 2017 05:21 AM

කොහොම හරි බෝගොල්ලාගම මහත්තයත් එහෙනම් ආයෙත් මතු වුණා.

:       0       0

Daham Tuesday, 04 July 2017 05:22 AM

රෝහිත බෝගොල්ලාගම මහතා විදේශ ඇමති කාලේ සිරි ලංකාවට අාවේම නැති තරම්නේ...

:       0       0

arunalu Tuesday, 04 July 2017 05:45 AM

එතකොට රෝහිත බෝගොල්ලාගම මැතිතුමා කොහෙද.....?

:       0       0

aiyoo Tuesday, 04 July 2017 05:51 AM

මේ වගේ දේශපාලකයෝ නිසා ලංකාව කවදාවත් දියුණුවෙන්නේ නැත. සියලුම ආණ්ඩු තම තමන්ගේ අය පුරවා ගන්නවා මිසක් රට සහ පුරවැසියන්ගේ දියුණුව උදෙසා වැඩ කරන්නේ නැත... අහෝ ඛේද ජනක තත්වයකි.

:       0       0

Rihanna Tuesday, 04 July 2017 05:59 AM

කොටින්ට මිදි අරන් ලෙඩ බලන්න ගිය අයව අත්අඩංගුවට ගන්නේ නැද්ද?

:       0       0

Nandana Tuesday, 04 July 2017 07:40 AM

නැගෙනහිර පලාත අර ලෙකු එකාගෙ නඩවට පැටලෙච්ච අර ලමයගේ අප්පච්චිටනේ. හරි එහෙනම් අර ලොකු එකාගෙ නඩුවත් අහවර වෙයි වගේ.

:       0       0

aravinda Tuesday, 04 July 2017 08:41 AM

මොන තරම් පුටු වෙනස් උනත් රටනම් එතනමයි.

:       0       0

ජයරත්න Tuesday, 04 July 2017 11:29 AM

ඉතාමත්ම හොඳ වෙනසක් හැටියට කියන්න පුළුවන්...

:       0       0

de silva berin Friday, 07 July 2017 07:11 AM

ඔය රෝහිත බෝගොල්ලාගම සහ ඔස්ටින් ප්‍රනාන්දු කියන මහත්වරු දෙන්නා නැතුවම බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 300 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site