( ගම්පහ තිලකරත්න දිසානායක සහ කිරිදිවැල උපාලි රණවීර.)
රජයේ ප්‍රධාන පරිපාලන නිලධාරියෙකු හට ලැබී ඇති දඬුවම හේතුවෙන් මින් ඉදිරියට රාජ්‍ය නිලධාරීන් දේශපාලනාඥයින්ගේ බලපෑම් වලට කටයුතු නොකොට හරිදේ පමණක් සිදු කරමින් රාජකාරීන් නිසියාකාරයෙන් ඉටු කරනු ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ගම්පහ පිළිකුත්තුව විහාරස්ථානයේ අද (9) දහවල් පැවති මුල්ගල් තැබීමේ උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නෑ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.
COMMENTS
ඊට වැඩිය හොඳ නැද්ද, මුලින්ම ඔය දේශපාලනඥයින් යැයි කියා ගන්නා අය, රාජ්‍ය නිලධාරීන්ට අයුතු බලපෑම් නොකර සිටියා නම්? අද සිදුවන්නේ බලපෑම් කරපු අය පසෙක තබා, එය ක්‍රියාවට නැගූ රාජ්‍ය සේවකයන් සිර ගෙදරට යැවීමයි.
එය එසේ වන්නේ නැත. මෙය ඉතා නරක පූර්වාදර්ශයකි. මිලියන 600 ක් වංචා කර මිලියන 104 ක් දඩ ගෙවා අවුරුදු 3 ක් රෝහලට ගොස් අවුරුදු 1 කින් නිදහස් විය හැකි නිසා තවත් රජයේ සේවකයින් මෙය කිරීමට පෙලඹේවි. මොවුන්ට අයිති දඬුවම උපරිම කිරීමට අභියානචනයේදී නීතිපති තුමා කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
එහෙම වුනොත් නම් හොඳයි. නමුත් රජයේ නිලධාරීන්ට හොඳට කුණුහරුප අහගන්ඩ වෙන්නේ දේශපාලකයන්ගෙන්. අර ප්‍රසන්න කතාකලේ ලස්සනට...
ඔය වගේම අර මහබැංකුවෙන් සල්ලි මංකොල්ල කාපු අයටත් අමතක නොවෙන්න පාඩමක් ඉගැන්නුවා නම් අායෙත් මහජන ඡන්දෙන්. මහජනතාවට සේවය කරන්න කියලා ඇවිත් මහජන දේපල හොරකම් කරන එක නවත්වල හරිදේ කරන්න පුරුදුවෙයි නේද?
ඔහෙලගේ බලපෑම් නැත්නම් ඔවුන් හරි දේ කරයි තමයි. බලපෑම් වලට යට නොවුනොත් සිදු වෙන්නේ මොකක්ද කියලත් ඔවුන් දන්නවා.
රාජ්‍ය නිලධාරීන් දේශපාලනාඥයින්ගේ බලපෑම් වලට කටයුතු කරන්නේ නිකන්ම නෙමෙයි. එයාලා කොපමන වරප්‍රසාධ නියම හා අනියම් ආකාරයෙන් ලබනවද? අහවුනාම කියනවා අපි මුක්ත් ගත්තේ නැහැ කියපු නිසා කළයි කියලා. හැබැයි කළේ නිකන්මද කියලා ප්‍රශ්නාර්ථයක් තියෙනවා. හොඳ පාඩමක් සැමටම.
පසුගිය කාගේ සමහර රජයේ නිලධාරින්ගේ වත්කම් පරක්ෂා කරලා බැලුවම පේනවා කියපු නිසා කලාද තමන්ටත් වාසියක් නිසා කලාද කියලා.
ඔබ කියූ දේ හරියටම හරි. මෙවැනි අදහස් දරණ අය තමයි රටේ නායකයින් විය යුත්තේ. ඔබට සුභපැතුම්!!!
ඒක නිසා වෙන්න ඇති නීතිපති ව අරලියගහ මන්දිරයට කැඳවා උපදෙස් දුන්නේ.