IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘රාජ්‍ය දේපළ සොරකම් කළොත් මරණ දඬුවම දෙන්න ඕනෑ’

 

 

(ආරියරත්න රණබාහු)


රාජ්‍ය දේපළ සොරකම් කිරීමේ චෝදනාවට වරදකරුවන් වන අයට මරණ දඬුවම නියම කිරීම නීති පොතට ඇතුළත් කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (5) පැවති උත්සවයනදී පැවසීය.


තමාගේ පාලන කාලය අවසන් කිරීමට පෙර එම නීතිය ඇතුළත් කළහොත් එක්කෙනෙකුට දෙන්නෙකුට එම දඬුවම ක්‍රියාත්මක කරගත හැකි යැයි ද ජනපතිවරයා පැවසීය.


පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (5) පෙරවරුවේ පැවති රාජ්‍ය ගිණුම් කාරක සභාවේ දෙවැනි සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ජනාධිපතිවරයා ඒ බව පැවසීය.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කනතානායක කරු ජයසූරිය යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ දී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ කීය.


මේ රටේ දූෂණය නාස්තිය ගැන කතා කරනවිට පවතින නීතිරීතිවල බොහෝ අඩුපාඩුකම් අප දකිනවා. ඒ අඩුපාඩුකම් නිසා වැරදිකරුවන්ට දඬුවම්දීම ප්‍රමාද වෙනවා. වැරදිකරුවන්ට දඬුවම් දීමේදී ලෝකයේ බොහෝ රටවල් චීනය, සිංගප්පූරුව වගේ රටවල් අවුරුදු ගණන් නඩු අසන්නේ නැහැ. සති දෙකයි තුනයි වැඩේ ඉවර කරනවා. මරණීය දණ්ඩනය තිබෙනවා.


ලංකාව මරණීය දණ්ඩනය තිබෙන වැරදි තමයි මනුෂ්‍ය ඝාතන, සමූහ ස්ත්‍රී දූෂණ, රාජ්‍ය ද්‍රෝහිකම, මත්කුඩු වෙළදාම. නමුත් මේවාට මරණීය දණ්ඩනය තිබුණාට එකක්වත් ක්‍රියාත්මක නැහැ.


 
 



අදහස් (15)

‘රාජ්‍ය දේපළ සොරකම් කළොත් මරණ දඬුවම දෙන්න ඕනෑ’

JCN Wednesday, 05 September 2018 10:54 AM

කුඩුකාරයින්ට මරණ දඬුවම දුන්නා වගේ මේ නීතියත් ක්‍රියාත්මක කරන්න

:       2       224

විජිත් Wednesday, 05 September 2018 10:22 PM

මෙතුමා කැමතියි එල්ලන්න. නමුත් විදේශීය බලපෑම් වලට මෙතුමා ටිකක් බයයි.

:       0       0

Raveendra Wednesday, 05 September 2018 11:01 AM

අප රටේ මුල් පුරවැසියාගේ මෙම අදහස් අවංක පුරවැසියන් හැටියට අප එක සිතින් අනුමත කරනවා. රාජ්‍ය දේපොළ යනු මගේ , ඔබේ , අපේ බැවින් කිනම් හෝ අයුරකින් හොරා කැවෙනම් ඒ කවුද අදාළ නැත.

:       1       185

anandaFriday, 07 September 2018 09:13 AM

කතාව ඇත්ත වුණාට විසිල් ගහන්න එපා.. මෙයා ඕවා කරන කෙනෙක් නෙමේ.. විධායක බලය අතේ තියාගෙන කරන්න ඕනෑදේවල් පෙන්ව පෙන්වා ඉන්නවා විතරයි...

:       0       0

විජිත් Wednesday, 05 September 2018 11:42 AM

නීතිය හොඳයි. හැබැයි ඔය නිතියෙනුත් වැඩිම වුනොත් අමාත්‍යංශ ලේකම් කෙනෙක් දෙන්නෙක් ගස් යයි. නමුත් ඔය දුෂණ වංචා හොරකම් ඔක්කොමගේ මුලම ඉන්න දේශපාලුවෙක් නම් කවදාවත් ගස් යවන්න බැරිවේවි මේ " ක්‍රමය" තියෙනකම්.

:       0       18

ravi Wednesday, 05 September 2018 11:51 AM

ගරු ජනාධිපතිතුමනි, අන්න එදාට තමයි ජනතාව විසින් ඔබතුමාව විසිඑක්වෙනි ශතවර්ෂයේ ශ්‍රී ලංකාව පාලනය කරන "රජතුමා" බවට පත්කරන්නේ ..! නොඅනුමානයි ..!

:       0       135

de silva Wednesday, 05 September 2018 12:33 PM

තවම අර මරණ දඩුවම නියම වුන කුඩුකාරයෝ එල්ලගන්න බැරුව ඉන්නේ. කොහොමද රජයේ දේපල සොරකම් කරන මිනිස්සුන්ට මරණ දඩුවම් දෙන්නේ ?

:       0       64

mahinda Wednesday, 05 September 2018 12:46 PM

හරියට හරි. හැබයි වෙලාවට නඩු දාන්න ඕන. අපි තාමත් බලාගෙන ඉන්නවා හොරු අල්ලනකම්.

:       6       104

Bamunuarachchi Wednesday, 05 September 2018 01:00 PM

මරණීය දණ්ඩනය නවත්වන් ඉන්නේ අපිද? මරණීය දණ්ඩනයට අත්සන් කරන කෙනාට කියන්නකෝ ඕක අත්සන් කරන්න කියලා.

:       0       151

Haferl Wednesday, 05 September 2018 04:22 PM

මේ පවතින නීති ඕනෑතරම් ඇති. .

:       1       3

abiya Thursday, 06 September 2018 03:42 AM

කයිවාරුව විතරයි එල්ලපු කෙනෙක් නැහැ.

:       0       0

ranjith Thursday, 06 September 2018 04:18 AM

දඩුවම් තිබුණට වැඩක්ද මේවා ක්‍රියාත්මක කරනවා පෙන්නේ නෑනේ කොයිතරම් රජයේ දේපල හොරකම් කරපු මැති ඇමතිවරු ඉන්නවද එක්කෙනෙකුටවත් දඩුවමක් ලේබුණද? මේවා විහිලු

:       0       14

දාවිත් Thursday, 06 September 2018 04:46 AM

හොද වෙලාවට අරකට කියන්නෙ බැදුම්කර වංචාව කියලා.. ඒවා රජයේ නෙමෙයිනේ.. බැදුම්කර කියලා මිනිහෙක්ගෙනේ.. හොර ගෙඩිය අපිට කිව්වෙත් නෑ...

:       0       2

Deepal Nirosh Thursday, 06 September 2018 04:47 AM

පහුගිය ආණ්ඩුවෙ රාජපක්ෂ සහ පිරිවර රාජ්‍ය දේපළ හා මුදල් අපයෝජනය කළා වෙන්න පුළුවන්. ඒත් පළමුවෙන් දැනට මිනීමැරුම් හා මත්කුඩු ජාවාරම්වලට අධිකරණයෙන් මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටින වැරදිකරුවන්ට දඬුවම පළමුව ක්‍රියාත්මක කළා නම් නේද හොඳ? එය ඔබතුමාගෙ පාලන කාලය අවසන් වීමට ප්‍රථම ක්‍රියාත්මක වුවොත් රටේ අපරාධ රැල්ල අඩුවෙයි. ජාත්‍යන්තරය සතුටු කිරීමට වඩා රටේ අපරාධ අවම කර ගැනීමයි වැදගත්.

:       0       5

gunasekara Thursday, 06 September 2018 11:34 PM

ඉතිං ඒක කරන්න ඕනේ ඔහේලනේ. අපි ද ? කරන්නකෝ අපිට කිය කිය ඉන්නේ නැතිව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 511 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 311 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site