( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාව සඳහා පත් කෙරුණු නව තානාපතිවරුන් 4 දෙනෙක් අද (06) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අක්ත පත්‍ර බාරදුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මැලේසියාව සහ සැම්බියාව නියෝජනය කරමින් මහ කොමසාරිස්වරු දෙදෙනෙකුද , ස්විස්ටර්ලන්තය සහ ගෝතමාලාව සඳහා නව ශ්‍රී ලංකා තානාපතිවරු දෙදෙනෙක් මෙලෙස අක්ත පත්‍ර බාර දී ඇත.
මැලේසියානු රජය විසින් ශ්‍රී ලංකාවේ නව මහ කොමසාරිස්වරයා ලෙස ටැන් යැන්ග් තායි මහතාද , සැම්බියානු ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව මහකොමසාරිස්වරිය ලෙස ජුඩිත් කන්ග් ඔමා කපිජිම්පන්ගා මහත්මිය ද , ලංකාවේ ස්විට්සර්ලන්ත නව තානාපතිවරයා ලෙස හෑන්ස්පීටර් මොක් මහතාද , ගෝතමාලා රජය විසින් ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා ලෙස ජොවන්නි රෙනේ කස්ත්‍රිලෝ පොලන්කෝ මහතාද පත් කොට තිබේ.
ඉහළ ජාත්‍යන්තර සහයෝගයක් සමඟ සංවර්ධනයෙත් සංහිඳයාවේත් අරමුණු ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකාව යන ගමනේදී නව රාජ්‍ය තාන්ත්‍රිකයන් ද ඊට උපරිම සහය ලබාදෙනු ඇතැයි තමා විශ්වාස කරන බව අක්ත පත්‍ර බාරදීමෙන් පසු ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදී.




2025 දෙසැම්බර් මස 18
572
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජ්‍ය තාන්ත්‍රිකයෝ සිව් දෙනෙක් ජනපතිට අක්ත පත්‍ර බාරදෙති