IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


රාජ්‍ය ආයතන තුළ බුලත්විට-දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය තහනම්

රාජ්‍ය ආයතනයන් තුළ බුලත් විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය හා විකිණිම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.

 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුමැතිය හිමි වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
 
ලොව පුරා පවතින  රෝග අතුරින් වැඩිම අවදානමක් ඇති පිළිකා රෝගය දිනෙන් දින වැඩි වීම හේතුවෙන් එය පාලනය සඳහා පියවරක් ලෙස මෙම පියවර ගෙන තිබේ.
 
1985 වසරේ දී නව පිළිකා රෝගීන් වාර්තා වීමේ දල අනුපාතය ජනගහනයෙන් ලක්ෂයකට 31.6 ක් වූ අතර, 2011 වනවිට එම අනුපාතය 83.7 ක් දක්වා වැඩි වී ඇතැයි අමාත්‍යංශය පවසයි.
 
එමෙන්ම  පුරුෂ පක්ෂයට වැඩි වශයෙන් මුඛ පිළිකාව වැළදෙන අතර, සාමාන්‍යයෙන් වසරකට නව මුඛ පිළිකා රෝගීන් 2500 ක් වාර්තා වන බවද,  බුලත්විට සැපීම ශ්‍රී ලාංකික ජනතාව අතර සමාජීය හා සංස්කෘතික වශයෙන් පිළිගත් පුරුද්දක් වුවද එය මුඛ පිළිකා වැළදීම සදහා බලපාන ප්‍රධාන අවධානම් සාධකය ලෙස තහවුරු කර ගෙන ඇතැයිද අමාත්‍යංශය කියයි.
 
2015 වසරේ දී ශ්‍රී ලංකාවේ සිදු කළ බෝනොවන රෝග වලට අදාල අවධානම් සහගත පිළිබද සමීක්ෂණයට අනුව වයස අවුරුදු 18-65 ත් අතර වැඩිහිටි පිරිමි අතරින් 26% ක් සහ කාන්තාවන් අතරින් 5%  ක් දුම්රහිත දුම්කොළ භාවිතා කරන බවට තහවුරු ඇතැයිද අමාත්‍යංශය පවසයි
 
දුම් රහිත දුම්කොළ අඩංගු ද්‍රව්‍ය නිෂ්පාදනය, ආනයනය, විකිණීම සහ විකිණීමට ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකාව පුරා දැනටමත් තහනම් කර ඇත.
 
බුලත්විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය සහ විකිණීම තහනම් කරමින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරිම මගින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් හට ඒ සදහා අවශ්‍ය පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීම පහසුවක් වනු ඇතැයිද අමාත්‍යංශය සඳහන් කරයි.

(36698)



අදහස් (18)

රාජ්‍ය ආයතන තුළ බුලත්විට-දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය තහනම්

Amila Wednesday, 13 March 2019 07:46 AM

කැඳබීම අදට ගැලපෙන්නේ නෑ කිව්වා. පිටරටින් එන කිරිපිටි ෂෝයි කිව්වා. දැන් කියනවා බුලත්විට කන්න එපාලු (සිගරට් නම් කමක් නෑ කියමුකෝ.) මෙයා ඉස්සර හෙන වාමාංශිකයා දැන් දකුණට සිග්නල් දාලා රටේ දේශිය දේ හීන් නූලෙන් විනාශ කරන්න හදනවා කියලා නම් පේනවා...

:       118       1

මාවිල්මඩ වජිර හිමි Wednesday, 13 March 2019 10:58 AM

තරුණ පරම්පරාව කොහොමත් බුලත්විට කෑම අතාරලා තියෙන්නේ. අද අපේ රටට ජාතික ව්‍යසනයක් වෙලා තියෙන වකුගඩු රෝගයට හා පිළිකා වලට ප්‍රධාන හේතුව ග්ලය්පොසෙට් වල්නාශකය තහනම් කරන්නේ නැතුව බුලත්විට තහනම් කරලා වැඩක් තියෙනවද? වක්කඩේ ඇරලා තියෙද්දී කක්කුටු බෙන විතරක් වහලා වැඩක් නෑනේ

:       0       27

සිරිබිරිස් Wednesday, 13 March 2019 08:08 AM

බුලත්විට අනාදිමත් කාලෙක සිට මෙරටේ පැවති දෙයක්. පිළිකා සෑදෙන්නේ බුලත්විටම කියා කියනවානම් එය සාවද්‍ය මතයක් බුලත් විටෙන් පිළිකා නොසෑදෙනවා කියන්නේ නැහැ. එයටත් හේතුවක් තියෙනවා. සමහර නූගත් දුප්පත් කම්කරු වැනි රැකියා කරන්නන් සුලු පිරිසක් බුලත්විට කටේ එක හක්කක තියාගෙන සීනි කමින් තේකහට බොනවා. තවත් කෙනෙක් සීනි සමග කහටබී ඒ විගසම නැවත බුලත්විට කනවා. වටට ගන්නා හුණු සමග සීනි එකතුවුනාම තද බදාමයක් වැනි දෙයක් ඇතිවෙනවා. මේ බදාම වැනිදේ දත්වල මෙන්ම ගලනාලය හරහා අමාශය හා අන්ත්‍ර දකවාත් යන්න පුලුවන් එනිසාම සියලු වර්ගවල පිලිකා ඇතිවේයැයි කිව හැකිද.නැත වර්තමානයේ බොහෝ පිරිස් ක්ෂණික ආප්ප හා ඉඳි ආප්ප වැනි ආහාර ගැනීමට හුරුව සිටිනවා.මේ පිටි මිශ්‍රනයන් සකස්කිරීමට අලුහුණු විශාල වසයෙන් යොදාගන්නවා.ආප්ප හො ඉඳි ආප්ප ආහාරයට ගත් පසුව කිරිතේ එකක් හෝ තේ එකක් බොනවා.එවිටත් සීනි හා හුණු මිශ්‍රවෙනවා.වැඩි දෙනෙක් බුලත්විට නොකෑවත් ආප්ප හා ඉඳි ආප්ප කනවා.පිළිකා රෝගීන් ගෙන් වැඩි පිරිස මෙයින් කුමන අයද.

:       0       15

Sanath KandyWednesday, 13 March 2019 10:49 AM

අනාදිමත් කාලෙක සිට කරගෙන ආවත් නරක දේ බැහැර කළ යුතුයි. වැරදි අදහස් සමාජගත කරන්න එපා. පිළිකාකාරක තියෙන්නේ බුලත් වල හෝ දුම්කොළ වල නොවේ. පුවක් වල. මුඛ පිළිකා වලට හේතුව ඒක.

:       0       63

සිරිබිරිස්Thursday, 14 March 2019 01:37 AM

ලංකාවේ වැඩියෙන්ම තියෙන්නේ මුඛ පිළිකාද කියන්න

:       0       0

ravi Wednesday, 13 March 2019 08:30 AM

පන්සල්, විහාරස්ථානවල වැඩිහිටි ස්වාමීන්වහසේලා.. පණ්ඩිතලා.. නායකලා, හොඳට දුම්කොළ දාලා බුලත්විට කාලා.. හොඳට මත්වෙලා ඉන්නේ...

:       75       87

JAYASEKARAWednesday, 13 March 2019 10:10 AM

ඇත්තද?.. ඉතින් මේ දෙක අතර සම්බන්ධය මොකද්ද කියලා කියනවද?...

:       5       42

raviWednesday, 13 March 2019 11:37 AM

උදේ ඉඳන් රෑ වෙනකන් හොඳට මත්වෙලා .. අනුන්ට නරිබන කියන .. කියන එකයි මේකේ තේරුම .

:       0       1

BamunuarachchiThursday, 14 March 2019 01:25 AM

මෙයාගේ මොලේ හොඳ නැහැ ඕවා ගණන් ගන්න එපා ජයසේකර

:       1       0

Nimal Wednesday, 13 March 2019 08:33 AM

මේ රටේ ඉන්න බහුතර ජනතාවකට මෙය තේරෙන්නේ නැහැ. සමහරක් අයවලුන් පුවක් විතරක් හපනවා. මේවයේ අදිනවා තේරෙන්නේ... ඒ අයට ලෙඩක් හටගත් පසුවයි. ඒ වනවිට සියල්ල සිදු වී හමාරයි. ඒ විතරක් නොවෙයි මෙමගින් සිදුවන පරිසර දූෂණය, ඒ වගේම මම සියලුම පුරවැසියන් වෙනුවෙන් රජයෙන් ඉල්ලා සිටින්නේ, ශ්‍රීලංකාවේ මත්ද්‍රව්‍ය වලට ගෙනා නීතියට සමාන නීතියක් මෙම දේටත් ඉදිරිපත් කරන්න කියලා. මොකද මෙය මැඩපැවැත්වීමට...

:       6       190

ලුම්බිණි Wednesday, 13 March 2019 08:35 AM

එහෙනම් රජ කාලේ ඉඳලා තිබුණා බුලත් විටටත් දුන්න වැඩේ.

:       30       43

raviWednesday, 13 March 2019 09:46 AM

ඔව්, අපේ මේ සංකෘතියේ නම " පඩික්කම් සංස්කෘතිය " එහෙමත් නැත්තම්.. ගේ වටේම සහ මිදුල පුරාම බුලත්කෙල ගහගෙන ඒක මැද්දට වෙලා හොඳ ජොලියෙන් ඉන්න " මල පෙරේතයින්ගේ සංස්කෘතිය... "

:       2       48

ravi Wednesday, 13 March 2019 09:50 AM

රියපදවන්නන්ටත් මෙය අනිවාර්ය වියයුතුයි.

:       0       41

පිටිගල මිලානෝ Wednesday, 13 March 2019 10:18 AM

කුඩු කිලෝ සිය ගණන් ගෙන්වන රටේ බුලත්විට මක්කටෙයි?

:       0       1

මොහමඩ් - බේරැවල Wednesday, 13 March 2019 11:33 AM

බුලත්විට කෑමේ පුරුද්ද ලංකාවෙන් එකවර තුරන් කළ නොහැක්කකි. මන්ද, එය දැනට සිටින පරපුරෙහි මැදියම් වයසේ හා මහළු අය අතර අත්නොහැරිය හැකි පුරුද්දක් බවට පත්වෙලා තිබෙන නිසා. මෙයා මුලින්ම රාජ්‍ය ආයතනවල පසුව දුම්රියේ, බස් රථවල හා පොදු ස්ථානවල සිදුකිරීම තහනම් කිරීම තුළින් ක්‍රමයෙන් අඩුකළ හැකි බවට රජය විශ්වාස කරනවා ඇති. ඊළඟ පරම්පරාව මත්උවදුරින් බේරා ගැනීමට මෙය හොඳ ප්‍රවණතාවකි...

:       1       0

chandana Wednesday, 13 March 2019 04:16 PM

අනාදිමත් කාලයක සිට කලා කියල හැම දෙයක්ම කරන්න ඕනෑද? බුලත්විට කෑම අනවශ්‍ය දෙයක්. ලෙඩ රෝග මෙන්ම පරිසර දුෂණය. එහෙම නම් ඉදිරි පරම්පරාවල සමහර අය කියාවි අපේ තාත්තත් කුඩු ගැහුවා සීයත් කුඩු ගැහුවා. මාමලත් ගැහුවා. එම නිසා නවත්වන්න එපා කියලා. දෙකෙන්ම වෙන්නේ මත් වෙන එක. ප්‍රසිද්ධියේ බුලත්විට කෑවොත් දඩ ගහන්න ඕනෑ. දුම්වැටිවලට කලා වගේ. නැතිනම් රටක් හදන්න බැහැ. ඉතා හොඳ වැඩක්...

:       0       0

BamunuarachchiThursday, 14 March 2019 01:36 AM

සිගරට් බීම අත්හැරපු සමහර අය බුලත් කෑමට පුරුදුවෙලා. බුලත් කෑමේ නරකම පැත්ත තමයි හුණු සහ දුම්කොළ මිශ්‍ර වීම. හැබැයි ඔයදෙක නැතිව බුලත් කෑමෙන් ඇති වැඩකුත් නැත. බුලත් කාලා ගහන කෙල පාර රතුවට තිබෙන්න ඕනේ එකත් හරියට සිගරට් එක බීලා පිටකරන දුම දකින්න ඕනේ වගේම දෙයක්.

:       0       0

Bamunuarachchi Thursday, 14 March 2019 01:30 AM

රාජ්‍ය ආයතන වලට එන, දැන් ප්‍රභූවරු කියන අයව පිළිගන්නවත් බුලත් දෙන්න බැරිවෙයි නේද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 436 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 456 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site