අම්පාරේ සහ දිගන ප්‍රදේශයේ මෑතදී සිදුවූ සාමය කඩ කළ කලහකාරී සිද්ධීන් ශ්‍රී ලංකා රජය දැඩිව සහ තරයේ හෙළා දකින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කැරුණු එම නිවේදනය පහත දැක්වේ.