(ඉන්දිකා රාමනායක)
කොළඹ පාසලක සිසුන් පිරිසකට කොවිඩ් - 19 ආසාදනය වී ඇති බවට මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අද (28) පැය 4 ට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය කියයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂවරයකුගේ ප‍්‍රධානාත්වයෙන් පොලිස් කණ්ඩායමක් රාජිත සේනාරත්න මහතා රඳවා සිටින මීගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත ගොස් මෙම ප‍්‍රශ්න කිරීම සිදුකළ බව උසස් නිලධාරියෙක් පැවසීය.
පොලිස් නිලධාරීන් අද (28) පෙරවරු 10.30 ට පමණ එහි ගොස් සිටි බවත් පස්වරු 2.30 පමණ වන තෙක් ප‍්‍රකාශය සටහන් කරගෙන තිබුණි.
කොළඹ පාසලක සිසුන් පිරිසකට කොවිඩ් - 19 ආසාදනය වී ඇති බවට හිටපු අමාත්‍යවරයා පසුගිය මාර්තු මස 17 වැනිදා මාධ්‍ය හමුවේ සිදුකළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව මෙම පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
අලුත්කඩේ අංක 04 අධිකරණය මගින් ලබාදී ඇති නියෝගයක් මත මෙම ප්‍රකාශය ලබා ගෙන තිබිණි.
COMMENTS
ඉතින් මෙයාගේ නිරෝධායන සති දෙක ඉවරයිනේ ඊයේට. මොකද මෙයාව රිමාන්ඩ් දාන්නේ නැත්තේ...?
ඔහොම අහලා දැනගන්න බැහැ.. එයා ඒ කාලේ 88 -89 කාලයේ ප්‍රා කියන මිනීමරු හමුදාව හදලා දහස් ගණන් කොල්ලන්ට කෙල්ලන්ට දුන්න වධම දීලා තමයි.. යමක් අහගන්න වෙන්නේ. දත්ටික ඔක්කොම ගලවන්න කියන්නත් බැහැ.. මිනිහා දත්දොස්තර වුනාට බොරු දත් සෙට් එකක්ලු දමලා ඉන්නේ...
මාධ්‍ය නිවේදන, මාධ්‍ය සංදර්ශන, මාධ්‍ය ප්‍රකාශ, මෙකී නොකී සියල්ල දේශපාලුවන් නොකරන දේවල්ද..? දේශපාලුවන් කොයිකත් එකයි. ඒ අය තරම් ජනතාව ගොනාට අන්දවන්ට දන්න අය ලොවෙත් නැතුවා වගේ... ගැලවිජ්ජා කාරයින්...
මෙයා වගේම තව ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක් ගැන බොරු ප්‍රකාශ කරලා රටම අන්දන්න හදපු තව දෙන්නෙක් ඉන්නවා.. ඒ ගොල්ලන්ටත් නීතිය ක්‍රියාත්මක වුණා නම් හරි...
බොරු කියනවා වගේ... බොරු කියා රට අස්ථාවර කරනවාට කටේ හොරි දාන්න ඕනේ...
කව්රු ආවත් පළිගැනීම කරගෙන යනවනේ... තරුණ, තරුණියනි ඔබලාට කාලය ඇවිත් ඇත.
කූඩුවට දාන්නේ ආයෙත් එළියට ගන්න නෙමේයි. හිස බූගා, ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කර රටින් පිටුවහල් කරන්නයි...