( රොමේෂ් මධුෂංඛ)
යාපනය අරාලි ප්‍රදේශයේ පිහිටි 17 වන ගැමුණු හේවා බළකා කඳවුරට අයත් යුද හමුදා සෙබළෙකු සිය ගිනි අවියෙන් වෙඩිතබාගෙන මිය ගොස් ඇති බවට කයිට්ස් පොලීසිය පවසයි.
අරාලි කොබ්බෑකඩුව පිළිරුව ආසන්නයේ පිහිටි යුද හමුදා කඳවුරේ මුර පොළක සිටි අදාල යුද හමුදා නිලධාරියා ඊයේ (28) රාත්‍රී මුර සේවයේ යෙදී අවසන් වූ අවස්ථාවේදී ගිමන් හැරීම සඳහා ආසන්නයේ පිහිටි ගසක් මුලට ගොස් විනාඩි 15 කට පමණ පසුව යුද හමුදා සෙබළාගේම ගිනි අවියෙන් වෙඩිතබාගෙන සියදිවි හානි කර ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙසේ සිය දිවි හානි කරගෙන ඇත්තේ 17 වන ගැමුණූ හේවා බලකා කඳවුරේ සේවය කළ 24 හැවිරිදි ජේ.එස්.ආර්. උදයකුමාර් වන අතර ඔහු රත්නපුර ප්‍රදේශයේ පදිංචි වූවෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.
කෙසේ වෙතත් කයිට්ස් පොලිස් නිලධාරීන් විසින් මිය ගිය යුද හමුදා සෙබලා පරික්ෂා කිරීමේදී සෙබලාගේ නිලඇඳුමේ සාක්කුවක ලිපියක් ඔහු විසින් ලියා තිබූ අතර එහි ලියා ඇත්තේ මා සමඟ රාජකාර සිදු කළ සෙබලුන් දෙදෙනාට දඩුවම් නොකරන ලෙසටත් ඔවුන් කිසිවෙක් මෙයට සම්බන්ධ නොමැති හෙයින් තමන් ජීවිතය නැති කරගන්නා බවටත්ය.
යුද හමුදා සෙබළා කිසියම් පෞද්ගලික හේතුවක් හේතුවෙන් සියදිවි හානි කරගන්නට ඇති බවට පරික්ෂණ සිදු කරන බව කයිට්ස් පොලීසීය සඳහන් කරයි.
COMMENTS
කෙතරම් ඛේදනීයද ? මෙරට ජනතාවට තේරුම් ගන්න බැරි තේරුම් ගන්න කැමති නැති දෙයක් තියෙනවා. දැන් යුද්ධය නිමාවී වසර 9ක් වෙනවා. එත් බොහෝ අයට තවමත් යුද්ධය නැතිව ජීවත්වෙන්න බැරිව ඉන්නේ. ඒ වගේම හමුදාවේ සේවය කරන සාමාජිකයින් බහුතරයක් සිටින්නේ අර යුද මානසිකත්වයකින්. යුද්ධයක් පවතින කාලයේ සහ එයින් පසු බොහෝ හමුදා සාමාජිකයින්ට මුහුණපාන වෙන තත්ත්වයක් තමයි සටන විඩාව... මෙයින් එහාට ගියවිට මීට වඩා භයානක මානසික තත්ත්වයකට ඔවුන්ට මුහුණ දෙන්න වෙනවා. ඒ තමා "පශ්චාත් කම්පන මානසික ආබාධය" ... මෙම මානසික ව්‍යකූල තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම අත්‍යාවශ්‍යයි. එහෙම ප්‍රතිකාර නොකරන අයට එදිනෙදා ජීවත්වන එක පවා මහා ගැටලුකාර තත්ත්වයක් වෙනවා. ඒවායේ ප්‍රතිඵල තමයි පුද්ගලයින් ඉතාමත් නොසන්සුන් වෙනවා. ක්ෂණික කෝපය, අනික නුරුස්සන ගතිය, ඉවසීම අඩුවීම, සියදිවි හානිකරගන්න උත්සහ කිරීම වැනි දේවල්. මෙම අවාසනාවන්ත මරණයත් එවැනි දෙයක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා කියා මා සිතනවා . සමාජයක් හැටියට අපි මෙම ද්වල්වලට වග කියන්න ඕනේ. යුධ මානසිකත්වයෙන් අපි සියල්ලම මිදිලා හමුදාවේ අයටත් උපකාර කරන්න ඕනේ.
පහුගිය දවසක හාමුදුරු නමක් බණ දේශනා කරනකොට කිව්වා යමෙක් සියදිවි හානි කරගත්තොත් ඒ තැනැත්තා හෝ තැනැත්තිය ඒ වෙලාවේම පෙරේත ආත්මයක් ලබලා කල්ප ගණනාවක්ම මොහොතක් මොහොතක් පාසා ඒ විදියටම මැරි මැරී ඉපදෙනවලු. මේ සෙබලත් දැන් වෙඩි තියාගෙන මැරෙනවා ඇති හැම මොහොතේම... ඒකයි කියන්නේ මොනම හේතුවකටවත් සියදිවිහානි කරගන්න එපා කියලා...