(අකිල බද්දෙවිතාන)
ප්‍රවීන රංගන ශිල්පියකු හා මාධ්‍යවේදියකු වන සේනක ටයිටස් ඇන්තනී මහතා සිංගප්පූරුවේ දී අභාවප්‍රාප්ත වී ඇත.
හදිසියේ දැඩිලෙස රෝගාතුර වී සිංගප්පුරුවේ රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබ සිටි ඒ මහතා ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ වැඩිමහල් සහෝදරයාය.
මේ දින වල ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන “කූඹියෝ” ටෙලිනාටයේ ඔස්ටින් අයියා නමැති චරිතය රග දක්වන ඔහු ‘අලුත් හොරෙක් ඕනෑ‘ නම් වේදිකා නාට්‍යය රඟ දැක්වීමට සිංගප්පුරුවට ගොස් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන අතරතුර සිංගප්පුරු ගුවන්තොටුපොළේ දී රෝගාතුර වීම නිසා එහි රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටියේය.
පුවත්පත් කලාවේදියකු ලෙස සිය වෘත්තීය ජීවිතය අරඹන සේනක ටයිටස් ඇන්තනි මහතා සිය සහෝදරයාගේ ඉල්ලීම මත ‘ඇසළ කළුවර‘ ටෙලි නාට්‍යය ඔස්සේ රංගනයට පිවිසියේය. පසුව අපූරු සහෝදරයා, හතර දෙනෙක් සෙන්පතියෝ ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවකට ද මෑතකදී තිරගත වුණු ජැක්සන් ඇන්තනි මහතාගේ ‘ඇඩ්‍රස් නෑ‘ චිත්‍රපටයට ද ඔහු රංගනයෙන් දායක විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව!
ඔබ තුමාට අමා මහා නිවන් සුවය ලැබේවා ,,,,,,
ඔබට නිවන්සුව!
මෙතුවක් අප දැන සිටියේ නෑ මෙතුමා ජැක්සන්ගෙ සහෝදරයෙක් වග. මෙතුමාගෙ හැම චරිතයක්ම ඉතාම තාත්විකයි.එතුමාට නිවන් සැප ලැබේවා.සාමදානයේ සැතපේවා..
නිවන් සැප ලැබේවා....!!!
ඔබතුමාට අමා මහා නිවන් සුවය ලැබේවා....!!!
ඔබ අදහන ආගම අනුව ඔබට සමාදානයේ සෙතපෙවා, අප අදහන ආගම අනුව ඔබ ට නිවන් සැප ලැබෙවා.!
"සමාදානයේ සැතපේවා" ඔබට මොක්සුව පතමු.
සේනක මහත්තයා මාළු නිහාල් චරිතය නියමෙටම කරා .. හැමදාම එ් චරිතය අපි ලඟ මතකයේ තියෙයි.
අපේ බෞද්ධයෝ බෞද්ධකම රැකගන්න වෙන්න ඇති... මිය ගිය කතෝලික ලබ්ධිකයෙකුටත් නිවන් පතන්නේ. ඔහු ජීවත්වෙලා සිටි කාලයේ ඔහු ඇදහු ආගමට අනුව සමාදානයේ සැතපෙන්න ඔහුට ඇති ඉඩකඩ අහුරාලමින් තේරුමක් නැතිව නිවන් පතනවට වඩා දෙවියන් වහන්සේගේ මෝක්ෂය වෙතටම ලඟා වෙන්න කියා ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.
අපි හිතන පතන දේවල් ඉෂ්ට වෙන්නේ නැහැ, මොන ආගම ඇදහුවත්. වෙනම කනත්තක පොළොවට පස් කලත් හැමෝම යන්නේ එකම තැනකට බව මතක තියාගන්න. අපි කරපු පව් පින් විතරයි බලපාන්නේ.