හසිත රංග ගුණතිලක , ඡායාරූප - ඉෂාන් සංජිව
යහපාලන ආණ්ඩුව පවතින තුරු මෙරට පාතාලය මර්දනය කළ නොහැකි බව හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (5) කොළඹ දී පැවසීය.
ලංකාවේ පොලිසියට පාතාලයක් වී ඇතැයි ද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ අද (5) පැවති ෆියුචර් ඉමේජ් 2018 ප්‍රදර්ශනයට සම්බන්ධ වු අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද කීය.
මෙරට පාතාලය පවත්වාගෙන යාමට රජයේ අනුග්‍රහය ඉහළින්ම ලැබෙනවා. වර්තමානයේ දී අපරාධ හා දුෂණ සෑම ප්‍රදේශයකම වැඩි වී තිබෙනවා. පොලිසිය මගින් නීතිය ක්‍රියාත්මක වීමත් හරිහැටි වෙන්නේ නැහැ.
රටේ ජනාධිපතිවරයාව සහ හිටපු ආරක්ෂක ලේකම් වරයාව ඝාතනය කිරිමට සැලසුම් කළේ යැයි කියන සිදුවීම සුළුවට තැකිය නොහැකියි. එම සිදුවීමට සම්බන්ධ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට අත්අඩංගුවේ නොගැනීම තුළින් රටේ නීතිය ක්‍රියාත්මක වන හැටි හොද හැටි පෙනෙනවා.



COMMENTS
කතාව ඇත්ත. විසෙන්ම තමයි විෂ නසන්න වෙන්නේ. පාතාලයෙක්ම එනකල් ඔය පාතාලයින් විනාශ කරන්න බැහැ...
ඔය කියන්නේ පාතාලය මර්ධනය කරන්න නම් මැරයෝ රට පාලනය කරන්න ඕනෑ කියලද අපේ හාමුදුරුවනේ...?
අනේ අම්මපල්ල මේ අය කතා කරන්නේ කටින්ද? අැයි සුදු වෑන් සංස්කෘතිය අමතක වුණාද මහත්තයෝ...?
සහතික ඇත්ත. දවසේ කියමන...
අනේ බොරු කියන්නේ නැතුව ඉන්න. පාතාලය ඒ කාලේ තිබුනේ ආණ්ඩුවේ ඇතුලේ.
එහෙනම් කාටද කරදර වුනේ.
සහතික ඇත්ත
අපි මෝඩයෝ කියලා හිතාගෙන ඇති.
බමුණුආරච්චි තවත් කඩේ යන්න එපා .
මේ.. පාතාලය නියමාකාර විදිහට සංවර්ධනය වුණේ.. ඵල දැරුවේ... " රාජපක්ෂලාගේ රජයේදී " මේකට තිබුණු ප්‍රධාන හේතුව නම් රාජපක්ෂලාගේ රජය ( පසුගිය රජය) පාතාලයත් සමග අත්වැල් බැඳගෙන අපරාධ සහ ජාවාරම්වල යෙදුනු නිසා... අද වුණත් රාජපක්ෂලාගේ පසුබිමේ ඉන්නේ පාතාලයක්.. අද වුණත් රාජපක්ෂලාගේ කාලයේදී, කෝටිපතියන් බවට පත්වුණු අයට කිසිම සාක්ෂියක් නැහැ... එයාලා කොහොමද මෙවැනි "කෝටිපතියන්" බවට පත්වුණේ කියලා...!!!
ලයික් හෝ ඩිස්ලයික් දාන අය ගැන පුදුම දුකක් ඇතිවෙන්නේ. දැනට බලලා තියෙන්නේ 979... නමුත් ලයික් හෝ ඩිස්ලයික් ප්‍රමාණය ඊට වඩා තියෙනවා. මේකෙන් තේරෙනවා තමන්ට තියෙන වහල් මානසිකත්වය... තමන්ගේ මතය මොන ක්‍රමයකින් හරි දිනවන්න, උඩින් තියන්න හෝ ප්‍රචලිත කරන්න දඟලනවා.
ඔව් ඇත්ත , මේවා ඇති කරපු අයට විතරයි ඒවා නැති කරන්න පුළුවන්...
මෙයා බලයේ ඉන්නකොට සුදු වෑන්... දැන් පාතාල...
කතාව පාතාලය ගැනයි... මාතෘකාවෙන් පිට පනින්න එපා.
2010 සිට 2015 දක්වා පාතාලයෝ තමයි රට පාලනය කෙරුවේ... ඒකට හොදම උදාහරණය තමයි කුඩු අල්ලන්න ලන්සාගේ ගේ එස්.ටී.එෆ්. එකෙන් වට කරපු වෙලාවේ හෙලිකොප්ටරයෙන් ගිහින් බේරා ගත්තේ පාතාල පාලකයින් තමයි. ඊළඟට භාරත ලක්ෂමන්ගේ ඝාතනය.... එ්කත් කුඩු ප්‍රශ්ණයක් නිසා. සුදුවෑන් වලින් විරුද්ධවාදීන්ව ඉස්සුවෙත් පාතාල පාලකයින්ම තමයි. තමන්ට විරුද්ධ පාතාල කල්ලි මර්ධනයත්, අන්ඩර් වර්ල්ඩ් ගේම් එකේම කොටසක් විතරයි. එහෙම නැතිව රටට ආදරයට කරපු දේවල් නොවෙයි.
බමුණුආරච්චි... එතකොට අර සුදුවෑන් වලින් මරපු සේරම පාතාලයේ අයද? තාජුඩින්, ලසන්ත, ප්‍රදීප් එක්නැලිගොඩ වගේ අයත් පාතාලයේද?