IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යොවුන් මන්ත්‍රී වහළයක නැඟ විරෝධතාවක

(දයාරත්න ඇඹෝගම)
 
යොවුන් පාර්ලිමේන්තුවට අදාළ වයස් සීමාව ඉක්මවු තරුණියක තෝරා පත්කිරිමට විරෝධය දක්වමින් තරුණයකු අද (23)දින අනුරාධපුර තරුණ සේවා සභාවේ ගොඩ නැගිල්ලක වහළයක් මතට නැග සිය විරෝධය පළ කර සිටී.
 
මෙලෙස විරෝධතාවයේ නිරිතව සිටිනුයේ අනුරාධපුර,පැරණි නගරයේ පදිංචි චතුප ඉදුජිත් කුමාරජිව (20) නැමති තරුණයෙකි.
 
මොහු අනුරාධපුර මධ්‍යම නුවරගම්පලාත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් යොවුන් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇත.තමන්ට වු අසාධාරණය සම්බන්ධයෙන් විරෝධතාවයේ නිරත  චතුප ඉදුජිත් කුමාරජිව (20) නැමති තරුණයා සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසිය.
 
මෙහිදි යොවුන් පාර්ලිමේන්තුව සම්බන්ධ චක්‍ර ලේඛන වංචාවක් සිදුවි තිබෙනවා. එම චක්‍ර ලේඛනවල පැහැදිළිව සදහන් වනවා 18-27 අතර වයස් සීමාවක තරුණයකු මේ සදහා ඉදිරිපත්විය හැකි බව.ඊළග මාත් සමග තරග කළ අපේක්ෂිකාවට වයස විසි හතට වැඩියි.එයට සියලු සාධක මා සතුව තිබෙනවා.මෙයට එරහිව මා පළමු පැමිණිල්ල කළේ පසුගිය පෙබරවාරි මස විසිනව වනදා, දැන් මාස හතක් පමණ ගතව තිබෙනවා.එදා සිට දිනෙන් දින මෙය කල්දමනවා.මේ සම්බන්ධයෙන් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාවත් දැනුවත් කළා.අදවනතුරු නිසි විසදුමක් නෑ.

දැන් සිටින නව අධ්‍යක්ෂවරයාට මේ සම්බන්ධව දැනුම් දුන්නා.පසුව මේ සම්බන්ධව සාකච්චා කර දැනට සතියකට පමණ පෙර පැවසුවා මට ලබා දෙන බවට.ඊට පසුව ඊයේ (22)වනතෙක් ඒ සම්බන්ධව පියවරක් ගත්තේ නැහැ.
 
රටේ තරුණයන්ගේ ප්‍රශ්න විසදන්න මාස හතක් ගතවුණා. තරුණ පාර්ලිමේන්තුව තිබෙන්නේ රටේ ප්‍රශ්න කතා කරන්න.එත් තරුණයන්ගේ ප්‍රශ්න කතා කිරිමට බැරිනම් එයින් වැඩක් නෑ.
 
ශ්‍රි ලංකා යොවුන් පාර්ලිමේන්තුව මෙම වර්ෂයේ පෙබරවාරි 20 පැවැත්වනු ලැබුවා.මෙහි චක්‍ර ලේඛන වංචාවක් සිදු කරා. මේ සම්බන්ධව චක්‍ර ලේඛන දෙකක් තිබුණා එම ලේඛන දෙකෙහිම තිබුනේ 18-27 අතර වයස් සීමාව සදහන් කර තිබෙන්නේ.
 
නමුත් මෙම වයස් සීමාව ඉක්මවු අයෙකුට යොවුන් පාර්ලිමේන්තුව සදහා පත් කර ගෙන ඇති බවත් එය අනාවරණය කිරිමෙන් නිළධාරින්ගේ රැකියාවලටද ගැටළුවක් වන හෙයින් මෙම වංචාව වසන් කරන්නට උත්සහ දරනවා.දැන් අලුත් චක්‍ර ලේඛනයක් ගේන්න හදනවා 18-28 අතර කියා.තේරිපත්වු කෙ‍නාට දැන් වයස විසි අටයි.
 
ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකට එක් අයෙකු බැගින් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් විසි දෙදෙනෙකු තේරිපත් වුනා.මං තරග කළේ අනුරාධපුර මධ්‍යම නුවරගම්පලාත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් .එහිදි මා මනාප අසු අටක් ලබා ගත්තා.එයා මට වඩා වැඩියෙන් මනාප ලබාගත්තත් චක්‍ර ලේඛන අනුව වයස් සීමාව ඉක්මා තිබෙනවා.

මම ජාතික තරුණ සේවා සභාවට පිටින් ජන්ද ඉල්ලුවේ හැබැයි තේරිපත්වුන කෙනා තරුණ සේවා සභාවට සම්බන්ධ කෙනෙක්.එයාට ඒ සදහා විශාල සහයක් ලැබුණා.
 
ජාතික තරුණ සේවා සභාවේ ව්‍යාපෘති සහකාර අධ්‍යක්ෂ,තරුණ සේවා සභාවේ සභාපති,ජාතික තරුණ සේවා සභාවේ උතුරුමැද පළාත් අධ්‍යක්ෂ ඇතුළු සියළු නිළධාරින් මෙයට වග කිව යුතුයි. 
 
මේ සදහා නිසි විසදුමක් ලිඛිතව දැනුම් දෙන තුරු මෙහි රැදි සිටින බවද ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේය.
 
ජාතික තරුණ සේවා සභාවේ උතුරුමැද පලාත් අධ්‍යක්ෂ කරුණාරත්න විජේවර්ධන මහතා ඇතුළු නිළධාරින් විරෝධතාවයේ නිරිතවු තරුණයා සමග ඊයේ (22)සවස සාකච්ඡා කර අද(23)දිනයේ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා හමුවි නිසි විසදුමක් ලබා දෙන බවට සදහන් කළද ලිඛිත පොරොන්දුවක් ලබා දෙන තුරු වහලය මතින් නොබසින බවට එම තරුණයා සදහන් කර සිටියේය.
 
ඒ අනුව අද (23)දිනද එම  තරුණයා වහළ මත රැදි සිටින අයුරු දක්නට ලැබිණ.
 
 

 



අදහස් (1)

යොවුන් මන්ත්‍රී වහළයක නැඟ විරෝධතාවක

sampath Wednesday, 23 September 2020 10:50 AM

අලි මදිවට හරක් කිව්වලු... පළාත් සභා විතරක් නෙවෙයි.. මේවත් නවත්තන්න කාලය හරි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site