IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


යාල අභය භූමියට ඇතුළත් කරගන්නා ජිප් රථ සංඛ්‍යාව ඉහළට

යාල අභයභූමියට දෛනිකව ඇතුල් කරන සෆාරි ජිප් රථ සංඛ්‍යාව 600 දක්වා වැඩි කිරීමට රජයේ එකඟතාව පළ වී තිබේ.
 
පසුගිය නිවාඩු දිනවලදී යාල අභයභූමියට දෛනිකව ඇතුළත් කරන ජිප් රථ සංඛ්‍යාව සීමා කර තිබීම නිසා සංචාරකයන් රැසක් අපහසුතාවට පත් වූයේ යැයි සඳහන් කරමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ අදාළ පාර්ශවවලින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි ඉල්ලා තිබිණි.
 
මේ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අතර ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා යන මහත්වරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
 
ඒ අනුව දැනට යාල අභයභූමියට ඇතුළත් කරගන්නා ජිප් රථ සංඛ්‍යාව 500 සිට 600 දක්වා වැඩි කිරීමට එම සාකච්ඡාවලදී එකඟතාව පළ වී තිබේ.
 
උදෑසන කාලයේ ජිප් රථ 250 ක් සහ සවස් කාලයේ ජිප් රථ 250 ක් වශයෙන් දැනට යාල අභයභූමියට ජිප් රථ ඇතුළත් කරගන්නා අතර මේ තත්ත්වය නිසා ඇතැම් සංචාරකයන්ට ආපසු හැරී යෑමට සිදු වූ බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත. 
 
 
(055)
 



අදහස් (6)

යාල අභය භූමියට ඇතුළත් කරගන්නා ජිප් රථ සංඛ්‍යාව ඉහළට

upali Friday, 05 January 2018 07:26 AM

එක්තරා නාලිකාවක පෙන්නුවා යාල බලන්න සංචාරකයන් විඳින දුක. පැය ගාණක් රස්තියාදු වෙනවා. වෙන මොනවටවත් නෙවෙයි ටිකට් ගන්න පෝලිමේ. හේතුව එක ටිකට් කවුලුවයි තියෙන්නේ. සංචාරකයන්ගෙන් විශාල මුදලක් ගාස්තු වශයෙන් ලබාගන්නවා නම් ඇයි බැරි ඔවුන්ට පහසුකම් සපයන්න ඇයි බැරි ටිකට් කවුළු ප්‍රමාණය වැඩිකරන්න. ඔවුන් රැඳී ඉන්න අතරේ ඔවුන්ට වැසිකිලි පහසුකම් නැහැ. තියෙන ඒවත් නහය තියාගෙන ඉන්න බැහැ.. පිරිසිදු කරන්නේ නැහැ. එක්කෝ හිටියත් හරියට හෝදන්නේ නැහැ. මේවා බලන්න කෙනෙක් නැහැ. කට්ටියගේ කතාවනම් තියෙනවා ලෝකෙත් අල්ලන්න. ගිහින් බලන්න ඩුබායි රටේ සංචාරක කර්මාන්තය කොහොමද කරන්නේ කියලා, ඩුබායි රටේ විශ්ව ගම්මානය (ග්ලෝබල් විලේජ්) ටිකට් කව්ළු විතරක් තියෙනවා 21 ක්. එයට අමතරව අන්තර්ජාලය හරහා ලබගන්න පුළුවන්.. ඇයි අපට බැරි ඒ දේවල් කරන්න? අන්තර්ජාලය හරහා ටිකට් ලබාදෙන එක ලොකු වියදමක් යන දෙයක් නෙවෙයි. සංචාරයකයන් යන සියලුම තැන්වල වැසිකිලි පහසුකම් වැඩිකරලා පිරිසිදුව තියාගන්න උපදෙස් දෙන්න.

:       0       35

de silva berlin Friday, 05 January 2018 08:46 AM

උපාලි මහතාගේ කතාව සම්පුර්ණ ඇත්ත... සංචාරක ව්‍යාපාරය නගාසිටුවන්නැයි කියමින් දේශපාලකයෝ කොටි ගණන් වියදම් කරමින් සමුළු පැවත්වුවට වැඩක් නැහැ. සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සම්පූර්ණ කරන්න. අද ලෝකයේ මිනිසුන් අන්තර්ජාලය හරහා වේගයෙන් අදහස් හුවමාරු කරගන්නවා. මෙහි පොදුවේ තිබෙන විශාල චෝදනාවක් තමයි සංචාරකයන් නරඹන්න යන ස්ථානවල ටිකට් මිල අධික බවත්, පහසුකම් අවම බවත්, ඔවුන් දෙන හොඳ උදාහරණයක් තමයි ලෝක ප්‍රසිද්ධ ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරය හෝ ලෝකයේ විශාලම තාක්ෂණික කෞතුකාගාරය වන ජර්මනියේ ම්වුනික් නගරයේ "ඩොයිච මියුසියම් " නමැති කෞතුකාගාරය නැරඹීමට අයකරන මුදල මෙන් දෙගුණයක්... අපේ සීගිරිය නැරඹීමට අයකරන බවත්, ස්වදේශිකයන්ගෙන් අයකරගන්නා මුදල මෙන් කිහිප ගුණයක් විදේශිකයන්ගෙන් අයකර ගන්නා බවත්, තැරැව්කරුවන්ගෙන් සහ වෙළෙන්දන්ගෙන් සංචාරකයන්ට නිතරම පාඩු සිදුවන බවත්ය.

:       0       13

samithFriday, 05 January 2018 12:07 PM

ඔබලා දෙන්නගේම කතාව සහතිකවම ඇත්ත. නමුත් මේවා අසලා යමක් කරන්න පුළුවන් උගත්, බුද්ධිමත් දේශපාලකයින් මේ රටේ ඉන්නවාද කියන එකයි ප්‍රශ්නය. දැනට අවුරුද්දකට කලින් මම නුවර එළියට ගියා.. මගේ හිතවත් මිතුරන් කිහිපදෙනෙක් සමග. මේ තරම් ප්‍රසිද්ධ නගරයේ තියෙන ප්‍රසිද්ධ වැසිකිළියේ තත්වය... හරියටම අපායට ගියා වගෙයි... කුඩුකාරයෙක් සල්ලිත් ගන්නවා... ඒ වැසිකිළියට ගියොත් ...නාලාම තමයි පිරිසිදුවන්න වෙන්නේ. ත්‍රිවීල් මල්ලිකෙනෙකුට කියලා අසල ඇති හෝටලයක වැසිකිළියකට යන්නට තරම් අපි වාසනාවන්ත වුණා.

:       0       0

de silva Friday, 05 January 2018 09:27 AM

බොහෝ ජීප් රථවල ගමන් කරන්නේ සංචාරකයන් දෙදෙනෙකි. සාමාන්‍යයෙන් ජීප් රථයක් සංචාරකයන් අවම වශයෙන් 6 දෙනෙකු ගමන් කල හැකිය. අවම වශයෙන් ජීප් රථයක සංචාරකයන් 4 දෙනෙකු ගෙන යන්න නීතියක් පනවන්න. එතකොට පරිසරයත් ආරක්ෂාවන අතර උද්‍යානය තුල තදබදයක් ඇති නොවේ.

:       0       9

sashi Friday, 05 January 2018 10:16 AM

දැන් ඉතින් මොනවා බලන්නද?

:       0       0

dias Friday, 05 January 2018 10:45 AM

ජීප්රථ පරණ වැඩියි. විදුලියෙන් දුවන ජීප්රථ ගෙන්වා ගැනීමට අවුරුද්දක ක්‍රමයක් දෙන්න. ඉන් පසුව පරණ ඉන්දියන් වාහන ඇතුළු කරන්න එපා. සංචාරක ආයතන වලට උපදෙස් දෙන්න යාමට වඩා අනෙක් උද්‍යානවලට සංචාරකයින් යොමුකළ යුතුයි. ජිප් රථ වැඩි කිරීම ඡන්දෙ ලබාගැනීමට හොඳ වුවත් පරිසරය රැකගැනීමට බාධාවක්...

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 66 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 861 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site