(රොමේෂ් මධුෂංඛ)

යාපනය සරසවියේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන සියලු සිසුහු අද (20) පංති වර්ජනයක නිරත වෙති.

විශ්ව විද්‍යාල පාලන අධිකාරිය විසින් සිසුන්  8 දෙනකුට පනවා ඇති පංති තහනම ඉවත් කරගන්නා ලෙස ඔවුහු ඉල්ලති.

පසුගිය ජුනි 19 වැනිදා යාපනය සරසවියට පැමිණි නවක සිසු සිසුවියන්ට නවක වදය දී නවක සිසුන් දෙදෙනෙකුට පහර දීමක් හේතුවෙන් පහර කෑමට ලක් වූ සිසුන් දෙදෙනා රෝහල ගතවූ අතර ඒ සම්බන්ධයෙන් කෝපායි පොලීසියේ මැදිහත් වීමෙන් සමතයකට පත් වුවද විශ්ව විද්‍යාල පාලන අධිකාරිය කරන ලද විනය පරික්ෂණයකින් පසු සිසුන් 08 දෙනකුගේ පංති තහනම් කෙරිණි.