( ජුඩ් සමන්ත)
යාපනය විනිසුරුට නල්ලූර් කෝවිල අසලදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් මිය ගිය උප පොලිස් පරීක්ෂක (හිටපු පොලිස් සැරයන්) සරත් හේමචන්ද්‍ර මහතාගේ දේහය හලාවත - කුමාරකට්ටුවේ ඒ මහතාගේ නිවසට රැගෙන එනු ලැබීය.
යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේයන් මහතාගේ පුද්ගලික ආරක්ෂකයෙකු ලෙස සේවය කරමින් සිටි සරත් හේමචන්ද්‍ර මහතා දෙදරු පියෙකි. මිය යන විට 57 හැවිරිදි වියේ පසුවූ ඔහු විවාහ වී සිටින්නේද හිටපු පොලිස් කාන්තාවක් සමගය.
වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය හේමචන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු ජූලි 26 වැනිදා සවස හලාවත - කුමාරකට්ටුව පොදු සුසාන භූමියේදී පුර්ණ පොලිස් ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාට නිවන් සැප ලැබේවා! මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා .