IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


යාපන කොටුව යුද හමුදාවට තහනම් කලාපයක් බව අසත්‍යයක්

 (රොමේෂ් මධුෂංඛ)
 යාපනය කොටු පරිශ්‍රය හමුදාවට තහනම් කලාපයක් බවට පළ වන වාර්තා අසත්‍ය බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා යාපනයේ දී පැවසීය.

යුද හමුදාපතිවරයා යාපනය කොටුවේ සංචාරයක නිරත වීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

පසුගියදා මාධ්‍ය වාර්තාවක් උපුටා දක්වමින් රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා  සිදුකළ ප්‍රකාශයනට පිළිතුරු දෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වු යුද හමුදාපතිවරයා මෙසේ කීවේය.

“මම හැමෝටම කියන්න කැමතියි ශ්‍රී ලංකා යුද හමුදාව මෙම ප්‍රදේශයන්හි කටයුතු කරන්නේ සැහෙන කාලයක ඉඳන්  යාපනයේ කොටුව ඇතුළත යුද හමුදාව ඉන්න ප්‍රථම අවස්ථාව මෙයම නෙමෙයි.

ඉතින් වසර ගණනක ඉඳන් හමුදාව මෙහි හාටියා වගේම ඉදිරියටත් ඉන්න කටයුතු කරනවා. අපිට විශේෂ හේතුවක් නැහැ මෙතනින් පිටවෙලා යන්න.

කවුරුන් හෝ පුරවැසියෙක් හරි  එහෙම නැත්නම් රජයේ ආයතනයක් හෝ මේ ස්ථානයට එනවා නම් අපි සාදරයෙන් පිළිගන්නවා වගේම එයාලා එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න සුදානම්.“

‘මම කටුනායක සිට පලාලි එන අවස්ථාවේදී උතුරු පලාත් ප්‍රධාන අමාත්‍යවරයා මුණගැසී සාකච්ඡා කරන්න අවස්ථාව සලසගත්තා. එහිදී අපි සාකච්ඡා වුණා පළමුව ආරක්ෂාව පිළිබඳවත් ඒ වගේම සාමාන්‍ය ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම් පිළිබඳවත් එම ඉඩම් කොතරම් ඉක්මණකින් ලබා දෙන්නේද යන්න පිළිබඳවත් යනුවෙනි'.



අදහස් (3)

යාපන කොටුව යුද හමුදාවට තහනම් කලාපයක් බව අසත්‍යයක්

shan saudi Thursday, 02 August 2018 05:16 AM

ඔබතුම වගකිවයුතු නිලදාරියෙක් හැටියට මෙන්ම යුධ හමුදා ප්‍රදනිය හැටියට මේ ප්‍රකාශය කරනවානම් ඉදිරියෙදේ විනගේශ්වරන් හෝ අනෙක් කිසිදු පුද්ගලයන්ට එවන් ප්‍රකශ නිකුත් කල නොහැකි ආකාරයට ඔවූන්ට රජය විසින් වාරණ නියෝග නිකුත් කල යුතුය. ඔබ තුමා ඇත්ත තත්වය වසන් කර කතා කරන්නේ නම් අනාගතයේ යලිත් කළු ජූලියක් ඇතිවීම හා සිදුවන්නට හැකි මරණ සංඛ්‍යාව මෙන්ම විනාස වන දේපල ප්‍රමාණය එදාට වඩා සිය ගුණයකින් වැඩිවන බව මතක තබා ගන්න. එදිනට ඔබ තුමා ඔබගේ බලය සිංහලයනට පෙන්වීමට උත්සහ නොකරන්න. ජනපතිට හෝ අගමැතිට හා පළාත ආණ්ඩුකාරවරයට පළාත් මහා මැතිවරුන් හා මන්ත්‍රී වරුන් පාලනය කල නොහැකිනම් ජනතාවට වද නොදී කරුණ කර ආණ්ඩුව විසුරුවා රට කල හැකි සංහිදියාව ඇතිකළ හැකි නායකයෙක් හා රජයක් පිහිටවන්න නැතිව පදුරක් පදුරක් ගානේ එක එක දේශාපලන හාල්පාරුවන් නං දොඩවන්න නිදහස දෙන්න නම් රටේ ජනතාව පබයන් වැනි පාලකයන් රටට පත් කල යුතු නැත.

:       132       425

රනවිThursday, 02 August 2018 07:04 AM

Shan saudi. යුධ හමූදාවවත් නොදන්නා දෙයක් දේශපාලන වාසි තකා සිංහලයො කුලප්පු කර රටේ බොරු වපුරන මිනිස්සු කෑගැහුවට. හමුදාව මානුෂිකව මේ ප්‍රශ්න දිහා බලන්න පුරුදුවී සිටින්නෙ ඔවුන්ගෙ විනයයි. නැතුව කාටවත් බයටවත් ජරා දේශපාලුවන්ගෙ අණට කීකරුවවවත් නොවන බව සිතන්න.

:       67       172

shan saudiThursday, 02 August 2018 07:45 AM

රණවී අමතක කරන්න එපා අපේ රටේ පාලකයෝ මෙතුවක් කලේ සිංහලය ගොනාට අන්දවල ගේම ගහපු එක හමුදාවට බැහැ රටේ නායකයෝ කියන දේට උඩින් යමක් කියන්න සිංහලයව සාමකාමී කරන්න මේ නිලදාරිය යොදා ගන්නවා වෙන්න පුළුවන් .

:       2       84

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 748 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 904 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 375 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site