නව නිපැයුම් සදහා පර්යේෂණ අංශයක් පිහිටුවීමට විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් රුපියල් ලක්ෂ අනූ හයක මුදලක් යාපනය විශ්ව විද්‍යාලයට පිරිනමනු ලැබීය.
සෙත්සිරිපාය පරිශ්‍රයේ පිහිටි විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශ පරිශ්‍රයේදී අමාත්‍යවරයා විසින් අද(29) මෙම මුදල පරිත්‍යාග කරනු ලැබීය.
යාපනය ජනතාවගේ නව නිපයුම් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියට ගෙන ඒම සදහා විශ්ව විද්‍යාලය මගිනි ප්‍රතිපාදන සැපයීම මෙහි අරමුණ බව අමාත්‍යවරයා එහිදී කීය.

COMMENTS
නවීන ක්ලේමෝ බෝම්බ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සඳහා පර්යේෂණ කරයිද දන්නේ නැත. කෝකටත් පරිස්සමින්...
එතකොට කෝ චන්ද්‍රිකා මැඩම්ගේ කාලේ ආචාර්ය උපාධියක් කරන්න ඕනේ කියලා භාණ්ඩාගාරයෙන් ඉල්ලාගත් මුදල්? සල්ලිත් නැහැ උපාධියත් නැහැ. කරපු තොවිලෙකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ. ලැජ්ජයි !
කොටින් බලයට ගෙන ඒමට, ඒ වෙනුවෙන් ස්ට්‍රයික් කිරීමට, කොටින් සිහිපත් කිරීම සඳහා යාපන සරසවිය සැරසීමට යන දේ කිරීමට අවශ්‍ය දේවලට මේ වෙන්කරපු ප්‍රතිපාදනයෙනුත් සහයෝගයක්ම වේවා කියා විතරයි අපිට ප්‍රාර්ථනා කරන්න වෙන්නේ !!!