IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


යාපනය යළි ගිනියම් වෙයි

                                                             
රොමේෂ් මධුෂංක      

                                                 
​යාපනය මල්ලාකම් කතෝලික දේවස්ථානය ඉදිරිපිට දී තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් මැඩලීමට ගිය පොලිස් නිලධාරියකුට පහරදීමට පැමිණි පුද්ගලයකු සිදු කළ වෙඩි තැබීමකින් එක් අයකු මියයාම සම්බන්ධයෙන් මල්ලාකම් ප්‍රදේශයේ දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවී තිබේ.


මෙම තත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා ඇත.


චුන්නාගම් පොලිස් වසමේ සිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ත්‍රී රෝද රථයකින් තෙලිප්පලෙයි රෝහල දක්වා ගමන් කර ඇති අතර එහිදී මල්ලාකම් කතෝලික දේවස්ථානය ඉදිරිපිට තරුණයින් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ. 


එම අවස්ථාවේදී එම ගැටුම මැඩලීමට අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා උත්සහ කර ඇති අතර එහිදී එක් පුද්ගලයකු විසින් පොලිස් නිලධාරීයකුට පහර දී පොලිස් නිලධාරියා සතුව තිබූ පිස්තෝලය උදුරා ගැනීමට උත්සහ දරා තිබේ.


එහිදී පොලිස් නිලධාරීවරයා විසින් ආත්ම ආරක්ෂාව වෙනුවෙන් පහරදීමට පැමිණි පුද්ගලයාට වෙඩි තබා ඇති බව යාපනය පොලීසිය පවසයි.


අදාළ වෙඩි තැබීම හේතුවෙන් මල්ලාකම් ප්‍රදේශයේ පදිංචි සුදර්ශන් කුලමන්කාල් නැමති 25 හැවිරිදි තරුණයකු රෝහල ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇත.


වෙඩි තැබීමෙන් පසුව මල්ලාකම් ප්‍රදේශවාසීන් විසින් අදාළ වෙඩි තැබීමට විරෝධය පා යාපනය කන්කසන්තුරෙයි මාර්ගය මල්ලාකම් ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේ වසා දමමින් විරෝධය පල කළ අතර යාපනය රෝහල ඉදිරිපිටද විශාල පිරිසක් රැස්ව විරෝධය දැක්වීම නිසා උණුසුම් වී ඇත.


කෙසේ වෙතත් මේ වන විට මල්ලාකම් මන්සන්ධියට මෙන්ම රෝහල් ඉදිරිපිට ද පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා තත්වය පාලනය කිරීමට පියවර ගෙන ඇති අතර අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ කිහිපයක් ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.

 



අදහස් (9)

යාපනය යළි ගිනියම් වෙයි

Romesh Monday, 18 June 2018 05:10 AM

අනේ දොරේ ගලන සංහිදියාවේ අපුරු ප්‍රතිපල. දැන් පොලිස් නිලදාරියෙක්ට තමන්ගෙ රාජකාරිය වත් කරන්න දෙන්නේ නැහැ. ලක්ෂ 62 ඔයගොල්ලොන්ට සතුටුද?

:       669       748

kapMonday, 18 June 2018 07:47 AM

දකුනේ තරුන අය පොලිසියට ආදරෙන් සලකනවා නේ. හෑමදාම පාතාලෙ වෙඩි තියාගන්නෙ කාටද?

:       230       341

කරුණාජීව Monday, 18 June 2018 05:25 AM

සිවාජිලිංගම් ලා ගේ අවශ්‍යතා....

:       0       162

piyal Monday, 18 June 2018 05:36 AM

වෙඩි තැබූ පොලිස් නිලධාරියා සිංහල නම් නිකම් අපරාදේ ජාතිවාදී ගැටුමක් ලෙසට පත් වෙනවා .

:       54       211

maaraya Monday, 18 June 2018 05:54 AM

62 ලක්ෂයක් ජනතාවට ජයවේවා!

:       156       44

appuhami Monday, 18 June 2018 07:29 AM

රොමේෂ් එතකොට මරා හිටිය නම් ඕක කොහොමද විසදෙන්නේ? දන්නේ නැති හින්ද අහන්නේ

:       336       337

අමාMonday, 18 June 2018 08:57 AM

අප්පු..මරා හටිය නම් මේවගෙන් දේවල් සිද්දවෙන්නෙනෑ.

:       0       57

සක්විති Monday, 18 June 2018 10:11 AM

අප්පුවෝ, මරා හිටියා නම් රටට මේ වගේ කාලයක් එන්නේ නෑ. ඒ නිසා මෙහෙම සිද්ධි වෙන්නෙත් නෑ. ඒ අය දන්නවා නිවටයින් හසුරුවන හැටි... ඒකයි මේවා වෙන්නේ...

:       0       97

raygamayaMonday, 18 June 2018 10:26 AM

2009 ඉදල 2015 වෙනකම් ඔහොම එක එක කල්ලි හැදුනේ නැහැ. එතුමා ප්‍රශ්නේ විසදලා ඔය පැත්ත සංවර්ධනය කරමින් තිබුනේ. කොහෙද මේ කුමන්ත්රණ කාරයෝ ටිකක් ආවනේ කරුමෙට.

:       56       108

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site