(රොමේෂ් මධුෂංඛ)
යාපනය මණිපායි ප්‍රදේශයේදී යතුරුපැදි කිහිපයකින් තියුණු ආයුධ සහිතව පැමිණි පිරිසක් පුදගලයකු කපා කොට පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.
පහර කෑමෙන් තුවාල සිදුවී ඇත්තේ යාපනය මණිපායි ඉනුවිල්හි පදිංචි 26 හැවිරිදි ඇන්ටනීපිල්ලෙ ඩිනරෙක්ෂණ් නැමති මේසන් බාස්වරයෙකි.
මේ වන විට කැපුම් තුවාල ලත් පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් එසේ පහර දුන් පිරිස් නාදුනන බවටත් එම පිරිස් කළු රෙදි වලින් මුහුණ වසා පැමිණි බවත් යතුරුපැදි වල අංක තහඩුද ඉවත් කොට තිබූ බවත් තුවාල වූ පුද්ගලයා විසින් පොලීසියට පවසා ඇත.
COMMENTS
ළමයින්ගේ ඔලු පැලු පොලිස් බලකාය මේ වෙනුවෙන් යවන්න
අමුනුශ්ෂයෝ ඉන්න පැත්තක්, අධ්‍යාපනයේ වරදක්ද? ඔක්කොටම සිංහල උගන්නල අරගෙන නඩුත් සිංහලෙන්ම ඇහුවොත් හොඳයි වගේ. තමිල් නඩුවේ චිත්‍රපටි ලංකාවේ පෙන්වද්දී හොයල බලල පෙන්නුවොත් හොඳයි වගේ. හැමෝම හදන්නේ චිත්‍ර පටි නළුවෝ වෙන්න. පිටරටින් එන හොඳ දේ විතරක් ගන්න ක්‍රමයක් තිබුනොත් හොඳයි.