(ඉන්දිකා රාමනායක)
 
මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා  ප‍්‍රථම වතාවට යුද හමුදා සාමාජිකයන් 200 ක පිරිසක් මාලි දිවයින බලා  පිටත්ව යන බව හමුදාව කියයි.

මෙම පිරිස අතර නිලධාරීන්  හා සෙසු නිලයින් ද සිටින බව හමුදාව ස`දහන් කරයි.
 
මාලි රාජ්‍යයේ  රාජකාරි සoහා පිටත්ව යන   හමුදා සමාජිකයින්ට අවශ්‍ය යුද උපකරන  ඇතුලූ භාණ්ඩ  නැව්ගත කිරීම  මේ දිනවල  ආරම්භ කර ඇති බව  හමුදා මාධ්‍ය ප‍්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනවිරත්න මහතා පැවසීය.
 
යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක , යුද හමුදා කි‍්‍රයාන්විත අධ්‍යක්ෂ බි‍්‍රගේඩියර් අරුණ මුහුන්දිරම්  යන මහත්වරුන් පෙරේදා කොළඹ වරයාට පැමිණ මෙම නැව්ගත කිරීමේ කි‍්‍රයාවලිය නිරීක්ෂණය කර තිබුණි.
 
මාලි රාජ්‍යයේ  නොයෙකුත්  ආරක්ෂක රාජකාරි  කටයුතු සහ  දේශපාලන  කි‍්‍රයාදාමය ශක්තිමත්  කරලීමේ  අරමුණ ඇතිව  එහි ස්ථාන ගතව සිටින  එක්සත් ජාතීන්ගේ  මෙහෙයුම්  සදහා  ශි‍්‍ර ලංකා  යුද්ධ හමුදා භට පිරිස්  ද නුදුරේම  එක්වනු ඇත.
 
යුද හමුදා සාමාජික පිරිසක් දැනට සුඩානය සහ දකුණු සුඩානය යන රටවල සාම සාධක කටයුතු වල නිතරව වෙමින් සිටිති.