(අජන්ත කුමාර අගලකඩ)
රටේ ආරක්ෂක තත්වය දුර්වල බවට ඇතැමුන් කරන ප්‍රකාශ පිළිගත නොහැකි බව කී ජනාධිපතිවරයා ආරක්ෂක තත්වය හොඳින් තිබෙන බව සඳහන් කළේය. යුද්ධය තිබු සමයේ විවිධ තැන්වල කඳවුරු පිහිටවු නමුත්, යුද්ධය අවසන් වීමෙන් පසුව පාසල් පෞද්ගලික ඉඩම් ආදියේ තිබු කඳවුරු ඉවත්කර ඒවායේ හිමිකරුවන්ට ලබාදීමට පියවර ගත් බවත් එය හමුදාව දුර්වල කිරිමක් නොවන බවත්,ජනාධිපතිවරයා කියා සිටියේය.
සමහරුන් තමන්ගේ වගකීම් හා තනතුරු ගැන නොසිතා හමුදාව සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශ කරන බව කී ජනාධිපතිවරයා යුද්ධය කාලේ ඇතැම් නිලතල අතර තිබු මතභේද තවමත් නතර වී නැති බව පෙනෙන බවද පැවසීය.
උතුරේ සිංහල ජනතාව පදිංචි කරවන බවට මුලතිව් ප්‍රදේශයේ පසුගිය දිනවල ගෙන ගිය උද්ඝෝෂණ ගැන ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
ඕනෑම ජන කොටසකට රටේ ඕනෑ තැනක ජිවත්වීමට අයිතියක් තිබෙන බව කී ජනාධිපතිවරයා අර්බුද ඇතිවන අයුරින් ජනාවාස ඇති කිරිමක් රජයේ මැදිහත් වීමෙන් සිදු නොවන බවද කීවේය.
ශ්‍රී ලංකා සිංගප්පුරු වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව අදහස් දැක්වු ජනාධිපති සිරිසේන මහතා ඒ පිළිබඳව විමර්ශනයක් කිරිමට තමා විශේෂ කමිටුවක් පත්කර ඇතැයි කීය.
එම කමිටුව ඕනෑම අයකුට අදහස් යෝජනා ඉදිරිපත් කිරිමට අවස්ථාව තිබෙන බව කී ජනාධිපතිවරයා ගිවිසුමෙන් රටට අහිතකර තත්ත්වයක් ඇති වන්නේ නම් එය නිවැරදී කිරිමේ වගකීම තමා බාර ගන්නා බව පැවසීය.
නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න,ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරු ද මෙම සාකච්ඡාවට සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට මහ බැංකුවේ තිබුණු අපේ ලේ කඳුලින් උපයාගත් මුදල් හොරාකාපු අය හොයන්නත් විශේෂ කමිටුද කොමිසම් ද මොකක්ද දැම්මනේ? දැන් එ්කේ වාර්තාව සම්පූර්ණයෙන්ම කියවලා දඬුවම් එහෙමත් දීලයි තියෙන්නේ? නෑ මේ නිකං දැනගන්න ඇහැව්වේ...
ඇයි පරණ ගජ මිතුරන්ට අද වෙනතුරු කිසිම සීරීමක්වත් වෙලා නැහැ, දුෂණ චෝදනා වලට. දැන් ඡන්ද වාසි ගන්න දේවල් විතරයි ඇදල ගන්න බලන්නේ...
ඔව් රවීන්ද්‍ර, ඒකට දඬුවම් දෙන්න කලින් සහෝදර සමාගමේ අය කරපු වංචාවලට දඬුවම් දීලා ඉඳිමු නේද?
ඔය සේරම හමුදා තියෙන්නේ ඔබතුමාගේ අණසක යටතේ නේද? ඉතින් බැරිද ඒ ගොල්ලෝ ගෙන්නලා හොඳවායින් දෙකක් කතා කරන්න. හැමදෙයක් ගැනම එකඑක තැන්වල ආඬපාලි කියකියා යන එකෙන් වෙන්නේ අනිත් පැත්තට ලකුණු වැටෙන එකයි. හමුදා සේවයේ සිටියදී වරදක් කර ඇත්නම් රණවිරු ලේබලය යටතේ ඒ වරදින් නිදහස් වීමේ හැකියාවක් ඇත්තේ නැත. උදාහරණයක් වශයෙන් දැන් දැඩි කතා බහකට ලක්ව ඇති පරීක්ෂණයක් ගත හැක."මනුෂ්‍ය ඝාතන 11ක සැකකරුවෙකු පොලිසිය මගින් ඉල්ලා සිටියදී පොලිසියට බොරු කියමින් ඔහුව සඟවාගෙන ඔහුට ආරක්ෂාව දීමත් ඔහුව රටින් පිටකිරීමට ආධාර මුදල් ලබාදීමත් දණ්ඩ නීති සංග්‍රහයේ V වන පරිච්ඡේදය අනුව එකී මනුෂ්‍ය ඝාතන 11ම සිදුකිරීමට ආධාර අනුබල දුන් අපරාධකරුවෙකු ලෙස සැලකේ. මිනීමැරුම් 11ක් සිදුකළ පුද්ගලයාට මරණ දඬුවම හිමිවන්නේ නම් ආධාර අනුබල දුන් පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ හැකිය. මෙවන් අපරාධයක් පිළිබඳව සාක්කි සහිතව ඉදිරිපත් වී තිබෙන චෝදනාවලින් ඔවුන් ගලවා සීඅයිඩිය සිදුකරන පරීක්ෂණ පවා අත්හිටුවීමට බල කිරීම හරිද? "මේ අයට වහාම නඩු පැවරිය යුතු බවද අත්අඩංගුවට ගෙන පිඩාවට පත් නොකළ යුතු බවද" කිව්වත් පරීක්ෂණ නොකර නඩු පවරන්නේ කෙසේද?
අපේ ජනපතිතුමා, ලඟදි ඉඳල කටට ආපු එකක් කියා "ආඳා" වගේ සුරුස් ගාලා ලිස්සලා යන ගමන් රටේ තියෙන හැම වැරද්දක්ම, අනුන්ගේ පිටින් යැවීමට හැම විටම සුදානමින් ඉන්නා බව පේනවා... රටේ ආරක්ෂාව බාර ප්‍රධානියා හැටියට ඔබට තිබෙන බලය අවතක්සේරු කරන්න ඔබට බලයක්, සදාචාරයක් හෝ හැකියාවක් නැත. ඔබේ වගකීම් ජනපති හැටියට 2015 ජනවාරි ජයග්‍රහණයෙන් පසු හරිහැටියට ක්‍රියාත්මක කළා නම්, මේ වනවිට ඔබට එරෙහිව විරුද්ධ පක්ෂවලින් ජනාධිපති අපේක්ෂකයෙක් තෝරාගැනීම කළුනික හොයනවාටත් වඩා දුෂ්කර කාර්යයක් වෙනවා නොඅනුමානයි !! පම්පෝරි ගහගෙන උජාරුවට 2020 දී ජනාධිපති මන්දිරයට ඇතුල්වීමට වළිකන සමහර "අපේක්ෂකයන්" සමහරවිට මේ වනවිට රජයේ බෝඩිම්වල ජම්පර් ඇඳගෙන කූරු ගනිමින් ඉන්නවා වෙන්නත් පුළුවන් !!!
මම හිතුවා ඔබව අප පත් කලේ එම ප්‍රශ්න වලට පිළියම් (කෙඳිරි ගාන්නේ නැතුව) ඔබෙන් ලැබෙයි කියලා. හරිම කණගාටුදායකයි අපට ඇසෙන ශබ්දය ගැන. 2020 දී උගත් ජනතාවගේ තේරීම කොඩිතුවක්කු මහතාගේ වැඩ පිළිවෙලයි.
පවතින යහපාලන ආණ්ඩුවේත් මතභේද තියෙන කොට මේකත් අරුමයක්ද? රට ගැන හිතලා වෙනස් කල නොහැකි ජාතික වැඩපිළිවෙලක් ඔය කයිවාරු ගහන දේශපාලකයන්ට තියෙනවද?