
(නිමන්ති රණසිංහ)
12 වැනි ජාතික යුධ විරුවන් සැමරීමේ දිනයට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බ්‍රිගේඩියර්වරු 12 දෙනකු සහ කර්නල්වරු 37 දෙනකු ඇතුළු යුධ හමුදා නිලධාරීන් 452 දෙනකු සහ සෙසු නිලයන් 4289 දෙනකුට උසස් වීම් ලබාදෙනු ලැබ තිබේ.
මෙම උසස්වීම් සියල්ල මැයි මස 18 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ලබා දී ඇති අතර, මෙය මෑත කාලයේ දී යුධ හමුදාවට වැඩි ප්‍රමාණයක් උසස්වීම් ලබාදුන් අවස්ථාවක් වන බව ද යුධ හමුදාව පවසයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශය මත 12 වන විජයග්‍රහණය සැමරීමට සමගාමීව ශ්‍රී ලංකා යුධ හමුදා නිත්‍ය හා ස්වේච්ඡා බලසේවාවේ නිලධාරීන් 452 දෙනකු සහ සෙසු නිලයන් 4,289 දෙනකු එලෙස උසස් ඇත.
COMMENTS