IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යතුරු පැදි - පා පැදි අනතුරින් පාපැදිකරු මරුට

(පුත්තලම - ජුඩ් සමන්ත)
යතුරු පැදියක් පා පැදියක ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් පා පැදිකරු මිය ගොස් ඇති බව ආණමඩුව පොලීසිය කියයි.


පසුගිය 14 වැනිදා රාත්‍රීයේ ආණමඩුව - පුත්තලම මාර්ගයේ කජු වත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් මිය
ගොස් ඇත්තේ කොට්ටුකච්චිය - කජුවත්ත පදිංචිව සිටි මුදියන්සේලාගේ රත්නායක (අවු:64) නම් අයෙකි.


මිය ගොස් ඇති අය පා පැදියකින් පුත්තලම දෙස සිට ආණමඩුව දෙසට ගමන් කරමින් සිට ඇත.පා පැදිය මාර්ගයේ දකුණු පසට හරවන අවස්ථාවේදී පුත්තලම දෙස සිට පැමිණ ඇති යතුරු පැදියක එය ගැටී ඇත.අනතුරින් පා පැදිකරු සහ යතුරු පැදිකරු යන දෙදෙනාම තුවාල ලබා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇත.බරපතල තත්ත්වයේ පසුවූ පා පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට මාරු කර යැවීමට ආණමඩුව දිසා රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර ඇත.පුත්තලම මූලික රෝහලේදී පා පැදිකරු මිය ගොස් ඇත.


අනතුරට පත්ව ඇති යතුරු පැදිය පැදවූ මාම්පූරිය - දළුව පදිංචිකරුවෙකු වන අසංක ප්‍රසාද් (අවු:21) යන අය පොලිස් ආරක්ෂාව යටතේ ආණමඩුව දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.


ආණමඩුව පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.



අදහස් (1)

යතුරු පැදි - පා පැදි අනතුරින් පාපැදිකරු මරුට

Perera Saturday, 15 September 2018 07:53 PM

මෝටර් සය්කලේ ප්‍රදේශවාසින් පුච්චලා නැද්ද???ඒක බස් එකක් හරි ලොරියක් හරි වුනානම් මෙවන් අනතුරකදී ඒක පුච්චන ක්‍රමවේදයක් නේද ලංකාවේ දැන් තියෙන්නේ???

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 202 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site