
(චමිල් රුපසිංහ)
කොළඹ නගරය සංවර්ධනය කර නඟා සිටුවිමේදි එහි වෙසෙන යාචකයන්, ගවයන් හා සුනඛයන් ලබන මාස 3 ඇතුළතදි ඉවත් කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා මහනුවරදි පැවැසීය.
ගවයන් ඉවත් කිරිමේ දි යම් නීති ප්‍රශ්නයක් පැන නැගුන බවත් එම නිසා ගවයින් ඉවත් කරගන්නා ලෙස දැන්විම් මගින් ප්‍රදර්ශනය කර ඇති බවත් දි ඇති නිශ්චිත කාලය තුලදි ගවයින් හිමිකරුවන් විසින් ඉවත් කර නොගන්නේනම් නිත්‍යනුකූල ලෙස ගවයින් අල්ලා ගව බිම් වලට මුදා හරිනු ලබන බවත් ඇමැතිවරයා කීවේය.
“කොළඹ පුරා යාචකයන් වර්ග දෙකක් ඉන්නවා. ස්ථිරසාරව නගරය තුළ බොහෝ සේ දුක්ඛිතව ගෙවන යාචකයන් 600 ක් පමණ හා අනිත් යාචකයන් වන පිටතින් පැමිණ උදේ සිට සවස දක්වා සිටින යාචකයන්“
“මුල් යාචකයන් මෙන් පස් ගුණයක් ඔවුන් සිටිනවා. නගරය තුළ ඡිවත් වන යාචකයන් ආබාධිත හා පුර්ණකාලින ශාරීරික ආබාධිත තත්වයෙන් හා මානසික ආබාධ තත්වයේ යාචකයන් ඉන්නවා පූර්ණ කාලීන යාචකයන් මේ වසර තුළ ඉවත් කරනවා. එලෙසම අර්ධකාලීන රැකියාවක් ලෙස සිටින යාචකයන් පුනරුත්ථාපනය කිරිමට කටයුතු කරනවා“ යයිද ඇමතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුව වෙන කොහෙට හරි ගෙනියන්නද හදන්නෙ?
ඉතා හොඳ කටයුත්තක්.. මොන ප්‍රශ්න ආවත් නිර්භීතව ඉදිරියටම යන්න.. සුබ පතනවා..
පාර්ලිමේන්තුව තියන තැන හොඳ මදි...
කොළඹ සුනකයන් හා ගවයන් ඉවත් කරනවා නම් පාර්ලිමේන්තුව හිස් වෙයි නේද?
පාර්ලිමේන්තුව, පළාත් සබාව වගේම මහා නගර සබාවත් වෙන කොහාට හරි ගෙනියන්න වගේ. කොළඹ නගරේ ඒ උදවියට ලබාදීලා තියන ගෙවලුත් කොළඹින් එලියට ගෙනියනවද?
ඔය වර්ග තුන ඉවත් කලාම මේක පාලු කාන්තාරයක් වෙයිනෙ? අනික ඉතින් කොළඹ විතරක් නෙමේ, මුළු රටේම ඉන්නේ ඔය වර්ග තුනේ කට්ටියනේ.
යාචකයන් ඔය වර්ග දෙක නොවෙයි 1 මුදලාලි යටතේ රැකියාවට ඉන්න යාචක අය 1 දුප්පත් නැති බැරි යාචකයෝ තව පොහොසත් යාචකයොත් ඉන්නවා
හැමදාම ඔබතුමාත් කියනවා අපිත් අහන නමුත් ඇඟට දැනෙන්න සිදු වුන දෙයක් නොමැත
පාසල් අධ්‍යාපනය හමාර කරන තරුණ තරුණියන්ට වෘත්තිය පුහුණුවක් දෙන්න හරිහමන් වැඩ පිළිවෙලක්වත් නැති ලංකාවේ, යාචකයන්ට රැකියා පුහුණුවක් දීල පුනරුත්ථාපනය කරන්න කතා කරනවා ,
අර කුණු කන්දත් බාර ගත්තොත් හොඳ නෙද්ද
ඇමති පාඨලීට මේ දෙයද මතක් කළයුතුය. එකල කොළඔ සංවර්ධනයට ගොසින් කොළඔ කුණු පිට පැටව්වා ඔබට අමතක නැතුවා ඇතැයි උපකල්පනය කරමි. එයින් මිතොටමුල්ලට සිදුවු විපත ඔබදුටුවේ මැරුණ උන් ගේ සොහොන් මතින් සුරපුර තැනීමටය. නමුත් එදා කුණු ගොඩ උඩ මිනිසුන් ජීවත් වෙමින් විරෝධතා දක්වනවිට සුරපුර හීනය නොදැක්කේ මන්දැයි අපට ප්‍රහේළිකාවකි. අදද කියන්නට ඇත්තේ ඒ ටිකමය. යාචකයන්, ගවයන් හා සුනඛයන් ලබන මාස 3 ඇතුළතදි වෙනත් ප්‍රදේශ වලට ගෙනදමා කොළඔ සැරසීමේ වැයමක් ඇති නම් වහා එය නිසි තිරසාර විසඳුමක් කරා වැඩකරනු....
මෝඩිට පෙන්වන්නට ද?
වෙසක් දිනය සමරන්න වෙන්න ඇති සේරම අල්ලන්නේ?
ඔය දියවන්නාව පැත්තේ තියෙන ලංකාවේ ලොකුම යාචක බෝඩිමේ ඉන්න හොර තක්කඩි රට කන මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරන යාචකයින්ට මොකද කරන්නේ...?මම යෝජනා කරන්නේ උන් රැලම රටින් පිටුවහල් කලයුතුයි නැතිනම් මුහුදටම දැමිය යුතුයි...නිදහස ලබුනදා සිට අදවෙනකම්ම උන් කලේ රටේ මිනිස්සුන්ගේ සල්ලි හිඟා කෑමයි ...බොරුද...මම කියන්නේ..
බස් වලට නැගල කනක් ඇහෙන්න නොදී තෙරපීගෙන යන කට්ටිය ගැනත් හොයල බලන්න. ඒඅතරේ හොඳ ගායකා ගායිකාවොත් ඉන්නවා. දේශපාලන රැස්වීම් වලදී කතාවයි සිංදුවයි මාරුවෙන් මාරුවට යන නිසා ඔවුන්ව දේශපාලන රැස්වීම් වල සිංදු කියන්න පුහුණු කරවන්නත් පුළුවං. මිනිස්සු වුනත් කැමති වෙයි, බයිලාවකුයි සිංදුවකුයි මාරුවෙන් මාරුවට අහන්න.
එතකොට සර් මුන් ඔක්කොම පර්ලිමෙන්තුවෙනුත් එලවනවද? ඔයා කොහෙද යන්නේ?
ශ්‍රී ලංකාව කියන්නේ සිංහල බෝව්ද්ධ රටක්.අපි දරුවොත් එක්ක පාරේ යනකොට හිගන්නෙක් අපිට අත පානකොට අපි කීයක් හරි දෙන්නේ දරුවන්ට ආදර්ශයක් පාඩමක් උගන්වන්න..එහෙම කරන්නේ දරුවන්ට අනුන්ගේ දුක දැනෙන්න.එවිටයි දරුවන්ට දුක සැප දෙකම දැනෙන්නේ මෙයාල අපේ ඡන්දෙන් එගොඩ වෙලා .දැන් මුල අමතක කලාට .හොදට ශ්‍රී ලංකා ඉතිහාසය කියවල බලන්න .බුදුහාමුදුරුවන්ගේ කාලෙත් හිගන්නෝ හිටිය.
මෙයාගේ කතාව දෝලාවෙන් ගමන පඉන්
චම්පික ඇමති තුමෝ,ඔය කියන තුන් කට්ටුව නේද ඔයාලත් එක්ක දියවන්නාවේ ඉන්නේ?
මීට වඩා අත්‍යවශ්‍ය වැඩ තියෙනවා නේද කරන්න
එතකොට අර කොළඹ කුණු වගේ ඒ ප්‍රශ්නත් පිට පළාත්වලට පටවන්නද කල්පනාව? කොළඹ හැර අනෙක් පලාත්වල ඉන්නේ මිනිස්සු නෙමෙයිද මහත්තයෝ. ඕනෑමනම් පොළොන්නරුවට යවන්න.
අනේ මේ ඔය අමාත්‍යංශයෙන් කරපු වැඩ දහයක් කියන්න මේ අවුරුදු දෙක තුනට? කතා විතරයි,.
යාචකයන් අයින් කරන්නෙ කොහාටද? ඔවුන්ට කරන්නෙ මොකද්ද කියලත් කියන්න.
ඇයි කොළඹ ජන ශුන්‍ය නගරයක් කරන්න යන්නේ?
කොළඹ නගරය තුල යාචකයන් දෙවර්ගයක් නොව තුන් වර්ගයක් සිටිනවා . කොළඹ පදිංචි යාචකයින් , කොළඹට පිටතින් පැමිණෙන යාචකයින් සහ රජයේ සේවකයින් වශයෙන් ඔවුන් නම් කරන්න පුළුවන් .
සංවර්ධනය ඇනහිටලා තියෙන හේතුව මේකයි එහෙනම්. නැත්නම් මේ අවුරුදු දෙකට මේක සුරපුරයක් කරන්න හිට්යේ මෙයා.
මේ කොයි දේ කරන්නත් කලින් මේ රටේ මිනිසුන්ගේ ඔලු ගෙඩි හදල, ආකල්ප වෙනස් කරන විදිහක් ගැන කල්පනා කරන්න. මොන දේ කිවුවත් මේ රටේ මිනිසුන්ට දියුණු වෙන්න අවංක ආසාවක් නැහැ. හැමෝටම ඕනේ තමුන් හැර අනිත් දේ වෙනස් වෙන්න, තමුන් විතරක් දියුණු වෙන්න. අනේ මෙහෙම මිනිස්සු කොට්ටාශයක්
යාචචකයින් ඉවත් කරන එක බොහොම හොඳ දෙයක්. නමුත් ඔවුන්ව ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් පිහිටුවා තිබෙන ස්ථාන තියෙනවා, ඒවා වලට දෙන්න. හරකුන් ඇතිකරන අයට දෙන්න නැත්නම් ඔවුන් බලාගන්න පුළුවන් අයට බාරදෙන්න.
පාරේ ඉන්න හිගන්නෝ සහ හරක් අල්ලන්න කාලය මුදල් සහ ශ්‍රමය වියදම් කරනවට වැඩිය හොඳ නැද්ද පොහොසත්ම හිගන්නන් වන පගාව ගන්න රජයේ සේවකයෝ සහ දේශපාලකයෝ අල්ලන්න , වෙනම ඒකකය පත් කලා නම් ?
තමන්ටත් මාස 3ක් ඇතුලත කොළඹින් යන්නවෙන බව දන දැනත් රට දැයේ සංවද්ර්ධනය උදෙසා තමන්ගැනවත් නොතකා අවංකව තීරණ ගන්නා දෙසපාලකයෙක්.හොඳම හොඳ පුරුවාදර්ශයක්.
මේ ගොල්ලන්ගේ ( දේශපාලකයන්ගේ ) සියලුම වැඩ කුණු කන්ද වගේ. තමන්ගේ මඩිය තර වෙනවනම් රටට හෙන ගැහුවත් කමක් නැහැ. මිනිස්සු මැරුණත් කමක් නැහැ.
නියම ගොන් හරක් කොහෙද ඉන්නේ කියලා පේනවනේ , රටට ගිය කලක්
අනේ මේ අහිංසකයන්ව පන්නන්නේ නැතුව අර කොළඹ දියවන්නාවට අරක්ගත් පිසාචයෝ ටිකයි කුම්භාණ්ඩයෝ ටිකයි පන්නල දාන්න මහත්තයෝ.