(ජුඩ් සමන්ත)
ආරච්චිකට්ටුව - මානාවේරිය ප්‍රදේශයේ සොහොන් බිමක ඉදිකර තිබූ නිවසක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් ඇති බව පොලීසිය පවසයි.
හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර් සහ නියෝජ්‍ය පිස්කල් රේණුකා ප්‍රේමවර්ධන මෙනවිය ඇතුළු අධිකරණ නිලධාරීන් නිවස ඉදිකර තිබූ ස්ථානයට පැමිණීමෙන් පසුව ගම්වැසියන් හා මෙම තත්ත්වය ඇති විය.
මානාවේරිය පොදු සුසාන භූමියේ කොටසක ඩබ්ලිව්.නෙවිල් සුසන්ත යන අය නිවසක් තනාගෙන තම දරු පවුල සමඟ පදිංචිවී සිට ගොස් ඇති අතර ඔහු අනවසරයෙන් එහි පදිංචි සිටින බවට චෝදනා කරමින් ආරච්චිකට්ටුව ප්‍රදේශීය ලේකම්වරයා විසින් හලාවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොණු කර තිබිණි.
එම නඩුව විභාග කිරීමෙන් අනතුරුව නෙරපීමේ ඇස්කිසී නියෝගය මහේස්ත්‍රාත්වරයා විසින් 2013 වර්ෂයේදී නිකුත් කර තිබුණද ඔවුන් අදාල ඉඩමෙන් ඉවත් නොවී තව දුරටත් පදිංචිවී සිටීම හේතුවෙන් අධිකරණ නිලධාරීන් ඊයේ (29) පැමිණ එම නිවස ඉවත් කිරීමට කටයුතු කළේය.
එම අවස්ථාවේදී ගම්වාසීන් එක්ව ඔවුන්ගේ විරෝධය පල කර ඇති අතර අධිකරණ නියෝග වලට තමන් අභියෝග කිරීමක් හෝ විරෝධයක් නොදක්වන නමුත් එක් වරම මෙම දරු පවුල එම ස්ථානයෙන් ඉවත් නොකරන ලෙස ගම්වාසීන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරියගෙන් ඉල්ලා සිටියේය.
නමුත් අධිකරණ නියෝගයට අවතන වනවා හැර වෙනත් දෙයක් තමන්ට කළ නොහැකි බව පැවසු ඇය මෙම අධිකරණ නියෝගය ලබා දී ඇත්තේ 2013 වර්ෂයේ දී වන බැවින් එතැන් සිට මෙම අයට වෙනත් ස්ථානයක් පදිංචිය සදහා තෝරා ගැනීමට අවස්ථාව තිබූ බවද රෙජිස්ටාර්වරිය පැවසුවාය.
අනතුරුව අනවසරයෙන් පදිංචිව සිටි අයගේ නිවසේ තිබූ ගෘහ උපකරණ අධිකණ නිලධාරීන්ගේ උපදෙස් මත ඉවත් කිරීම සිදු කරන ලදි.ආරච්චිකට්ටුව පොලීසියේ ස්ථානාධිපති අනුරාධ හේරත් මහතා ඇතුළු නිලධාරීන් පැමිණ එම ස්ථානයට ආරක්ෂාව සැපයීය.
අධිකරණ නිලධාරීන් විසින් ඉවත් කරන ලද ගෘහ භාණ්ඩ හලාවත - පුත්තලම මාර්ගයේ ඇති හිස් ස්ථානයක තාවාකලික ඉදිකරන ලද කූඩාරමක තැම්පත් කිරීමට ගම්වාසීන් කටයුතු කරන ලදි.
ආරච්චිකට්ටුව ප්‍රදේශයේ අනවසර පදිංචිකරුවන් රැසක් සිටින විට කම්කරුවෙකු ලෙස දරුවන් දෙදෙනෙකු සමග ජීවත් වන එක් අයෙකුට එරෙහිව පමණක් ප්‍රාදේශීය ලේකම්වරයා අධිකරණ නියෝග ගැනීම අසාධාරණ බව එම ස්ථානයට එක් රැස්වී සිටි ගම්වාසීහු පැවසුහ.




COMMENTS
අපේ රටේ විනය පිරිහී ඇති හැටි මේ සිද්දියෙන් ඔප්පු වී ඇත. 2013 වසරේ සිට මේ අයට වෙනත් ස්ථානයකට පදිංචි වීමට හොඳටම අවස්ථාව තිබී ඇත. එනමුත් හිතා මතා එම ස්ථානයේම සිටීම අධිකරණයට කල නිගාවක් ලෙස කවුරුත් දකිමු. ගම්වාසීන් ගේ ක්‍රියා කලාපය ඉතාමත්ම පහත් බව නම් ඇත්තයි.
කණගාටුදායකයි. ඒත් නීතියනේ. ප්‍රදේශීය ලේකම්වරයා මේ අයට තාවකාලිකව ඉන්න තැනක් ලබලා දෙනවා නම් ලොකු දෙයක්.
මෙහිදී නිත්‍යානුකුලව වැරැද්දකුත් මානුෂික පැත්තකුත් දෙකම තියෙනවා මම නම් කියන්නේ මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඉඩම් හිගකම, ලංකාවේ ලොකු කුඩා හැම නගරයකම රජයෙන් අඩු ආදායම් තට්ටු නිවාස ක්‍රම ඇතිකරලා මහා ජනතාවට කුලියට ලබා දෙන්න ඕනේ එහෙම උනාම රජයටත් ආයෝජන මුදල් නැවත ලැබෙනවා මහජනතාවගේ නිවාස ප්‍රශ්නෙත් විසදෙනවා.
තව කොච්චර අය විශාල බිම් ප්‍රමාණයන් අල්ලාගෙන අනවසරෙන් පදිංචි වෙලා ඉන්නවද ??? ඒ වටත් මෙහෙම දේවල් වෙනවද ?????
මේ මනුස්සයට යන්න එන්න තැනක් නැති නිසානේ සොහොන් බිමක ගෙයක් හදල තියෙන්නේ. ඉතින් උසාවි නියෝග කීයක් දුන්නත් මේ මනුස්සයා කොහේ යන්නද? ප්‍රාදේශීය ලේකම්වරයා කරන්න ඕනේ සුදුසු ඉඩම් කැබැල්ල්ලක් වින්දිතයට හොයල දෙනඑක. අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවන නිලධාරීන්ගේ හැටි තමයි මේ. උගත්කම සහ බුද්ධිය අතර වෙනසක්
වැව් තාවුලු වල හදපු හෝටල් නොපෙනී කනත්තක හදපු ගේ පොඩ්ඩක් ගැන විතරක් කතාකිරීම විහිළුවක් නොවේද ?
ඇයි ඔය දහස් ගණන් වලින් හදන උදා ගම් වල මිලියන ගණනින් හදන ගෙවල් වලින් එකක් මෙයාලට දෙන්න බැරිද ?
නීතියේ බලය පෙන්වා දරු පවුලක් මහා මගට අද දැමීම මහා වීර ක්‍රියාවක් නොවේ. මෙවැනි අවස්ථාවකවත් ප්‍රදේශයේ දේශපාලකයා මැදිහත්වී මේ තැනැත්තාට වාසය කරන්නට තැනක් සකසා දීම යුතුකමක් හැටියට දකිමි.
මම නම් මරාගෙන මැරෙනවා.. එතකොට ඒ අයටයි, අපිටයි දෙගොල්ලන්ටම ඒ කනත්තේ අයිතිය ලැබෙනවනේ...
ප්‍රාදේශීය ලෙකම්ට ප්‍රදේශයේ රජය සතු ඉඩම් සම්බන්ධ සියලු බලතල තිබෙනවා. නමුත් මෙහිදී ඔහුට පමණක් දොස්කියල වැඩක් නැහැ ඉඩම් සම්බන්ධ කටයුතු කරන්නේ ඉඩම් නිලධාරි හෝ ජනපද නිළධාරිගේ නිර්දේශ මත. වර්තමානයේ ඔවුන්ගැන කියන්න කණගාටුයි. මෙම පැත්තේ මෙම පවුලට දෙන්න රජය සතු පර්චස් 5 ක් වත් නැද්ද? මෙහි සම්බන්ධීකරණ කමිටුව මොනවද කරන්නේ.