(ඉන්දිකා රාමනායක)
කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ටොන් 600 ක වටිනා යන්ත‍්‍ර සුත‍්‍ර අබලි යකඩ වශයෙන් කපා ඉවත් කිරීමට තමන් කිසි අවස්ථාවක අනුමැතිය නොදුන් බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10) බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ දිව්රුම් ප‍්‍රකාශයක් මගින් දැනුම් දුන් බව කොමිසම කියයි.
අබිලි යකඩ කපා ඉවත් කිරීමට අවසර දුන්නේ එවකට ආරක්ෂක ලේකම් වු ගෝඨාභය රාජප්කෂ මහතාගේ ලිඛිත අනුමැතියක් යටතේ බවට ආරක්ෂක අමාත්‍යාංශය හිටපු අතිරේක ආරක්ෂක ලේකම්වරයකු වන සිරිපාල හෙට්ටිආරච්චි මහතා කොමිසමට කළ ප‍්‍රකාශය අනුව ඒ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා අද කොමිසම හමුවට කැදවු අවස්ථාව් රාජපක්ෂ මහතා දිව්රුම් ප‍්‍රකාශක මගින් මේ පිළිබද දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ සදහා ලබන 13 වැනි දින කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක, මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ ( විශ‍්‍රාමික), මේජර් ජනරාල් උදය ඇනස්ලි පෙරේරා (විශ‍්‍රාමික) , ආරක්ෂක අමාත්‍යාංශය හිටපු අතිරේක ආරක්ෂක ලේකම්වරයකු වන සිරිපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන්ට නොතිසි නිකුත් කර තිබුණි.

COMMENTS
අනේ බලන්න රණ විරුවන්ට කරන පළිගැනීම්..
කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හෝ කොටුකරන්න හදන බවට අපට පෙන්නන්නයි වෑයම....
මෙගොල්ලොන්ගේ කාලේ කුරුල්ලෙකුටවත් පියාබන්න බැ
සිංහලයා සිංහලයම කා දමයි. අතීතයේත් එහෙමයි අදත් එහෙමයි රට්ටු හිනා වෙනවා
වැරදි නොකලානම් මොකටද බය මිටි තැනකින්ම ජලය බසිවී
ලිඛිතව නම් අවසර දුන්නේ ලියුම් ඇතිනේ. අපි මොකටද බොරුවට කෑගහන්නේ.. බලාගෙන ඉමු
වැඩේ සයිටෙම් වගේ අදිනවා වගේ.ලිකිත අනුමැතියක් තියෙනවනම් මොකට ද ඉදිරිපත් කරන්නේ නැත්තේ
මොහු දෙන් පෙන්වන්නේ තාපස විලාසයක් ...නමුත් දන්නෝ දන්නවා මෙයා හිට්ලර් කෙනෙක් කියලා .
හොරා [හොද රජය සේවකයෝ }.
එවකට ආරක්ෂක ලේකම් වු ගෝඨාභය රාජප්කෂ මහතාගේ ලිඛිත අනුමැතියක් යටතේ බවට ආරක්ෂක අමාත්‍යාංශය හිටපු අතිරේක ආරක්ෂක ලේකම්වරයකු වන සිරිපාල හෙට්ටිආරච්චි මහතා කොමිසමට කළ ප‍්‍රකාශය
මේවා තමයි නියම ඩීල් (පාවාදීම්), මේ හමුදාපති යුනිෆෝම් පිටින් මේගොල්ලන්ට කඩේ ගියේ 2015 චන්දෙදි, මීටත් අන්ත විදියට මෙයා අනුරව පාවල දෙන්නෙ, හොඳම වැඩේ කියපුවා කෙරුවට..
කපන්න නොවෙයි මරන්නයි අන දුන්නේ
සිංහලයා සින්හලයාව කා දමයි? ජාතියයි නීතියයි පටලවාගෙන වගෙයි ..
මල්වනේ ඉඩමත් මගේ නෙවෙයි කිව්වේ මෙයාගේ අය්යා. ඉතින් කොපමණ සාක්ෂි තිබුනත් ඔප්පු කරනවා බොරු.
ගෝඨාභය බලයේ ඉන්න කොට ලිකිත අනුමැති දුන්නේ නැ. එක වචනයකින් එක ඇමතුමකින් මුළු හමුදාවම සහ සාමාන්‍ය ජනතාවත් භීතියට පත් කරගෙන හිටියේ - අපි මැරිලා ඉපදිලාද?
මෙයා නෝනට බලු පැටියෙක් ගෙන්න අහස් යාත්‍රාවක් රට ඇරපු මිනිසෙක්.
මේක මොකද්ද හොදට වැඩකරපු රජයේ කම්හල් කුණු කොල්ලෙට විකුණලා පසුව ගොඩනැගිලිත් කඩාගෙන ගිහිල්ල තියෙන්නේ.
අනේ මෙහෙමත් පලිගන්න ආණ්ඩුවක් ඇහුවමයි.මේ යමපලනයට කරන්න වැඩක් ඇත්තෙම නැති නම් ගෙදර ගිහින් බුදිය ගන්න.රණවිරුවන්ට අපහස නොකර.මේ මිනිසුන්ට රටක් ඉතිරි කරපු එකද ඔවුන් කරපු වැරැද්ද?
දැන් ඉතින් ශාක්ෂි දුන්න එක්කෙනා මෝරුන්ට කන්න දාය්.
""අවේ මයිත්‍රී පාලනයකටයි-එහෙත් කරන්නෙම පලිගැනීම් විතරමයි""
නියෝග දීල එහෙම කලේ නැහැ කියන්න තරම් පහත මනුස්සයෙක්. ලොක්කන්ගේ කීමට නීතියට පිටින් වැඩ කරන රාජ්‍ය සේවකයන්ට හොඳ පාඩමක්. එත් මරණ බය සහ අගහිඟකම් එක්ක ජීවත් වෙන අසරණයන්ට වෙන කරන්න දේකුත් නැහැනේ. මානසික ලෙඩ්ඩු රාජ්‍ය පරිපාලනය කරන කොට මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න ඕනේ
මෙයාට හොරෙන් යකඩ ටොන් 600 ක් කපයිද ඒ කාලේ හමුදාවෙන් පාලනය වුන භූමියක? අනික හමුදාවේ කට්ටිය දාල වැඩ ගත්තේ මේ අයියා මලෝලා තමයි.