(තරිදු ජයවර්ධන, සිරාජ් හසීම් සහ සිතුම් චතුරංග)

තම දුවට අත්වූ ඉරණම වෙනත් කිසිම දරුවකුට අත් නොවේවා යැයි තමා ප‍්‍රාර්ථනා කරන බව යාපනය ශිවයෝගනාදන් විද්‍යා දැරියගේ මව ශිවයෝගනාදන් සරස්වතී මහත්මිය කීවාය.

ඇය එලෙස කීවේ නඩු තීන්දුවෙන් පසු අධිකරණයට පිටතට පැමිණ අදහස් දක්වමිනි.

මොන තීන්දුවක් ලැබුණත් මිය ගිය තම දැරිය යළි නොලැබෙන බව ද සරස්වතී මහත්මිය හැඩූ කඳුලින් කීවාය.

‘මොන තීන්දුව දුන්නත් මගේ දියණිය නැවත ලැබෙන්නේ නෑ. මේ ලෝකේ ජීවත් වෙන කිසිම කාන්තාවකට මේවගේ ඉරණමක් අත් වෙනන එපා. සාධාරණය ඉටු කර ගැනීම වෙනුවෙන් උදව් උපකාර කළ සියලූම දෙනාට ස්තුතිය පුද කරනවා.’ යැයි ද සරස්වතී මහත්මිය ප‍්‍රකාශ කළාය.