විනිතා එම් ගමගේ
මොළේ කළදක් ඇති කෙනෙක් නම් හිටපු ජනාධිපතිවරයාගෙන් සාක්කි ලබා ගැනීමට සීඅයිඩීය එවන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්බී දිසානායක මහතා අද (17) ප්‍රකාශ කළේය.
කීත් නොයාර්ට පහර දුන්නේ ජනාධිපතිවරයා නොවන බවත් සීඅයිඩිය ජනාධිපතිවරයා හමුවී ප්‍රකාශ සටහන් කර ගැනීම විහිලුවක් බවත් කී දිසානායක මහතා මෙය නාටකයක් යැයි ද එහි තිර පිටපත රනිල් වික්‍රමසිංහ මහතා ලියා ඇතැයි ද පැවසීය.
කෙසේ වෙතත් මේ වැඩෙනුත් සිදුවන්නේ යහපතක් යැයි ද හෙතෙම සඳහන් කළේය.
16 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයකු ද වන එස් බී දිසානායක මහතා මේ බව පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ සිට පිටව යන අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් අපේ රටේ දෙසපාලුවන්ට මොළේ කලදක් වත් නෑ
ඒකනේ සී. අයි. ඩී. යට ගෙන්නුවා නම් හරි...
ඔහෙටත් එසේමයි. මොලේ කලඳක් වත් නෑ. නැත්නම් ගොන් කතා කියා කියා එහාට මෙහාට පනිමින් ඉන්නේ නෑ.
මේවත් කතා ප්‍රවෘත්තිද? කීත් නොයාර්ට මොනවා හරි වුනොත් කරු ජයසුරිය අස්වෙනවා කියලා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිට කිව්වාම කීත්නොයාර් ගෙදර ආවේ කොහොමද?
මොලේ කලඳක් හරි තියන මිනිසුන් විසින් තමයි මෙයාට චන්දය නොදී ගෙදර ඇරියේ. එහෙම පැරදිලා ලැජ්ජා නැතිව ඇමතිකම් ගත්තේ මොන කළඳ තියන කෙනාද?
නොම්මර එකේ තක්කඩි වැඩ තමයි කරන්නේ...
පුදුමාකර ගොන් කතාවක් !
ඇත්ත තමයි. මෙයා කියන එකත් ඇත්තටම විහිළුවක්...
ඇත්තටම මෙයා කිව්වා වගේ මේක විහිළුවක් තමයි. මොකුත්ම වෙන්නේ නැහැ. යථාර්ථය තමයි මෙයා කිව්ව. ගතවූ අවුරුදු තුනහමාරේ ඉතිහාසය ජනතාව දන්නවා.
මොලේ කලඳක් තියනවා නම් අධිකරණය විවේචනය කරලා හිරේ විලංගුවේ වැටෙයිද?
හරියට හරි... මහින්ද මහතාව සී.අයි.ඩී. එකට ගෙන්වනවා මිසක්.... නේද?
ඔටුවා ඔලුව දැම්මා විතරයි. ඇතුලට රිංගලා පැලපදියම් වුනාම ඉදිරියේදී ගොන් කතා වැලක් අහන්න ලැබේවි...!!!
මොලේ කලඳක් නැති නිසා නේන්නම් එහෙට මෙහෙට වාසියට පැන පැන ඉන්නේ....
මොලේ කලඳක් නැති රජෙක් කියන කථා. අනේ ගෙම්බෙක් වගේ එහෙට මෙහෙට පැන පැන බක බක ගාන්නේ නැතුව ඉන්නවද?
රටේ නීතිය කාටත් පොදුයි. එම්.ආර්. කියන්නේ කව්ද කියලත් අපි දන්නවා.
සේරම්ගේ මොලේට කලින් තමන්ට තියෙනවද කියලා හාරලා බලන්න... මහින්ද ඕඩර් දෙනඑක විතරයි කරන්නේ. ගැහැව්වේ ජනතා මුදලටයි. ගහන විදිය දෙවිධියක්... ඔය සේරමලාගෙන් කාටද මොලයක් තියෙන්නේ? පස්වෙනි පන්තියක ළමෙක්ගේ තරම්වත්...
මෙයා මේ වහෙන් ඔරෝ භාෂාවේ කියන්නේ හොරාගේ අම්මගෙන් පේන අහනවා වගෙයි කියලද?
මොලය කළදක් තියනවා නම් වසලයෙක්ට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඇමතිකමකුත් දෙයිද.