(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
මහ බැංකුවේ මුල්‍ය මණඩලයේ සාමාජිකයකු ලෙස සේවය කරන නිහාල් ෆොන්සේකා මහතාගෙන් සාක්කි ලබා ගැනීම සඳහා හෙට (16) බැඳුම්කර කොමිසම හමුවට කැඳවා ඇත.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් සම්බන්ධයෙන් කොමිසම හමුවේ හෙළි වී ඇති කරුණු තහවුරු කර ගැනීම සඳහා නිහාල් ෆොන්සේකා මහතා මෙලෙස කොමිසම හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.
2015 පෙබරවාරී පළමු වැනි දාත් 2016 මාර්තු 31 වැනි දාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්කි විභාග කිරීමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි (සභාපති) ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සිදු කෙරේ.
COMMENTS