(ඉන්දිකා රාමනායක)
මහනුවර ප‍්‍රදේශයේ ඉකුත් මාර්තු 4 වැනි දා සිට මේ දක්වා සිදු වු සියලූ ප‍්‍රචන්ඩ කි‍්‍රයාවන්ට මුලිකව කි‍්‍රයා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින මහසොන් බළකායේ ප‍්‍රධානී බව කියන විදානපතිරණයේ අමිත් ජීවන් වීරසිංහ නැමැති සැකකරුට අයත් මහනුවර නත්තරංපොත කුණ්ඩසාලේ පිහිටි කාර්යාලය අද (13) සෝදිසියට ලක් කළේය.
එහි තිබී ජාතින් අතර අසමගිය, වෛරය ,ප‍්‍රචන්ඩත්වය ඇති කිරීම සඳහා බෙදාහැරීමට සුදානමින් තිබු අත්පති‍්‍රකා පෝස්ටර්, බැනර් ඇතුලූ භාණ්ඩ රැසක් හා පෙට්ට‍්‍රල් බෝම්බ ලෙසට සැකකරන බෝතල් හතක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම භාණ්ඩ වලට අමතරව මොවුන් ප‍්‍රවෘත්ති සාක්ච්ඡා පැවැත්වීම සඳහා භාවිතා කිරීමට තිබු මහසොන් බළකාය වශයෙන් ලංඡනය සඳහන් මයික්‍රෝෆෝනයක්, බැංකු පොත් රැසක්, මුදල් ලැබුණු රිසිට්පත්, වාහන බලපත‍්‍ර, ජාතීන් අතර අසමගිය, වෛරය ඇති වන ආකාරයේ වැකි සඳහන් අත්පළඳනා, පරිගනක ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය (සී.පී.යු) ආදි භාණ්ඩ රැසක් තිබු බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මේ බව පැවසුවේ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.
අත්අඩංගුවට ගෙන ඇති මෙම ප‍්‍රධාන සැකකරුගේ ප‍්‍රකාශ මත ත‍්‍රස්තවාදී විමර්ශන දිසාවේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබිණි.
මොවුන් සතුව ඇති ජංගම දුරකතන වලට මෙම කාලය තුළ ලැබුණු ඇමතුම් හා තබාගත් ඇමැතුම් සම්බන්ධයෙන් ඇමතුම් ජාලය පිළිබඳ විශේෂ දැනුමක් ඇති නිලධාරීන් යොදවා පරීක්ෂා කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
ප‍්‍රධාන සැකකරු ඇතුළු 10 දෙනෙක් ත‍්‍රස්තවාදී විමර්ශන දිසාව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන තවදුරටත් ප‍්‍රශ්න කරමින් පසු බව බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා එපා නීතියට අනුව දඩුවම දෙන්න
මේ අයට උපරිම දඩුවම් දෙන්න. රටේ කීර්ති නාමය කළු පැල්ලම් ඇතිකල මෙම සිද්ධියට මුලික වූ සියලු දෙනාටම දණ්ඩ නීති සංග්‍රහයේ උපරිම දඩුවම් දෙන්න.
මහාසෝන් බලකාය නිසා බැදුම්කර මගඩිය, සහ බොහෝ දේවල් යට ගැහෙනවා
මෙවැනි අන්තවාදීන් ගැන හොයන එක ඉතා හොඳයි. ඒ වගේම මුස්ලිම් අන්තවාදය පතුරුවන සංවිධාන ඕනතරම් ලංකාවේ තියෙනවා. ඒවා ගැනත් පොලිසියෙන් හොයනවනම් කාටත් සාධාරණයි.
මහාසෝන් බලකාය විතරක් නොවේ අනිකුත් ජාතිවාදි හා ආගම්වාදී සංවිධාන සියල්ලම පරික්ෂා කල යුතුයි. එම පරික්ෂණ වලදී කිසියම් හෝ සංවිධානයක් රටේ ජාතික හෝ ආගමික සමගිය බාධාවන ආකාරයට කටයුතු කර ඇත්නම් හෝ කටයුතු කරන්න සුදානම් බවට ඔප්පු කරන්න තරම් සාක්ෂි ඇත්නම් එවැනී ආයාතන පාර්ලීමේන්තු පනතක් මගින් තහනම් කිරීමත්, ඒවායේ සමාජිකයන්ට ඉදිරියට එවැනී සංවිධානවල සමාජිකත්වය ලබා ගැනීමත් තහනම් කල හැකී ආකාරයට නීති පැනවීම කල යුතුය.
ආයේ මොනවාට වැලගිය තැන මුල ගිය තැන හොයා හොයා ඉන්නවද? මේ අයගේ ජොබ් එක තමයි අන්තවාදය පපුරලා බඩ වඩා ගැනීම. හංගපු ආයුධ බොහෝ තැන්වල ඇති. කරුණාකර ඒ ආයුධ පෙන්වන්න එක්ක යන්න. එය රටට පමණක් නොවේ, ලෝකෙටම සෙතක්.
රැකියාවක් නොකර වෛරය වපුරලා ආදායම් ලබන අය. අනුන් මහන්සියෙන් හරි හම්බකරගත් දේපොළ කොල්ලකන්නත් දක්ෂයෝ. මේ අය හිර ගෙදරටවත් සුදුසු නැහැ. මොවුන් මේ මුළු සමාජයෙන්ම තුරන් කල යුතුයි.
ඔය මහසොනත් අල්ලපු එකේ ඕකේ වැලගිය මුල අග ඇති මන්ත්‍රී සෝනත් අල්ලන්නකෝ...
මේ වැඩේ නිසා ලංකාව ජාත්‍යන්තරයේ අන්තිම අපකීර්තියට පත් වුණා. මේ වැඩේට නම් කිසිම සමාවක් දෙන්න බැහැ. පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් පවා ඒ රටවල මිනිස්සු විමසලා තිබෙනවා. හතර විලි ලැජ්ජාවයි කියලා කෙනෙක් මාත් එක්ක කිව්වා.
මේ අයට දඬුවම් කරලා වැඩක් නෑ. මේ අහිංසකයන්ට සල්ලි පොම්ප කරලා නිතරම රට අස්ථාවර කරල දේශපාලන වාසි ගන්න මුදුන් මුල් විනාශ නොකර... හැමදාම හැමතැනම රට අවුල්වන්නේ කාලකණ්ණි දේශපාලකයින් නිසා. මහාසෝනාද? රීරියකාද? වෙනත් ජාතිවාදී සංවිධාන රටවල් විනාශව පිළිකාවල් අනිවාර්යයෙන්ම මුලිනුපුටා දැමිය යුතුමයි..
විෂඝෝර සර්පයින්ගේ ආගම දහම මිලේච්ජත්වයයි.. දඩයමක් කර කුසගින්න නිවා ගැනීම ඒ අයත් එකම බලාපොරොත්තුවයි. මේ සර්පයින්ට සමාජය තුලම ජීවත් වීමට ඉඩ දීම, ඉතාම භයානකයි.
මේවායේ තාර බර ඇරලා ගන්න ඕනේ... අපේ රටේ මාධ්‍ය වාර්තාවල හැටි දන්නවනේ. මතකයිනේ සේයා දැරිවිගේ ඝාතන සිද්ධියේදී කොණ්ඩයා ගැන කස්ටිය කතා මවපු විදිහ...
කොයි තරම් මහජන අදහස් ලීවත්, ඒවා තුට්ටුවකට මායිම් කරන්නේ නැහැනේ. හරියට බීරි අලින්ට වීණා වාදනය කරනවා වගෙයි.
ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ජාතිවාදී පක්ෂ ලෙස නාමිකව වත් නැත. එම පක්ෂ වලට ඕනෑම අයෙකුට කිසිදු ජාති භේදයකින් තොරව සම්බන්ධ විය හැක. එහෙත් සමහර සිංහල දෙමල සහ මුස්ලිම් ජාතික දේශපාලකයින් එම පක්ෂයේ නමින්ම ජාතිවාදී ස්වරූපයක් පෙන්නුම් කරයි... මෙම ජාතිවාදී පක්ෂ තිබෙනතුරාවට සාමාන්‍ය ජනතාවගේ ජාතිවාදී අදහස් ක්‍රමයෙන් වර්ධනය වේ... එමනිසා කළ යුත්තේ ජාතිය සඳහන්ව ඇති පක්ෂ තහනම් කිරීමය...
ජාතිවාදි හා ආගම්වාදී සංවිධාන සියල්ලම තහනම් කල යුතුයි. ඒහා සම්බන්ද සියලුම වෙබ් අඩවි තහනම් කල යුතුයි.
මුස්ලිම් කාන්තාවන් කළු ඇඳුම ඇඳගෙන නීති විරෝදී දේවල් ඕන තරම් කරලා මාද්‍ය වල දැකල තියෙනවා.ඉස්සර මුස්ලිම් අය ඇන්දේ සාරී සහ සල්වාර්. නැවතත් ඒවගේ ඇඳුම් ඇඳීමට මම යෝජනා කරනව.
නමෙන්ම තේරෙනවනෙ බලකායෙ අරමුණු.
මෙච්චර කාලයක් මහ පාර අයිනේ හැමෝටම පෙන්ට තිබුණු කාර්යාලය දැන් මොකටද සෝදිසි කරන්නේ? ලැජ්ජාවේ බෑ අන්තිමට මුකුත් හොයා ගන්ට බැරුව මයික් එකක් පෙන්නනවා.
මේ ආණ්ඩුවට සැබෑ ලෙසම සංහිදියාව ඇති කරන්න වුවමනානම් සිංහල සංවිධාන පමණක් නොව අනෙකුත් ජාතීන්ට අයත් දරුණු අන්තවාදී සංවිධාන මෙන්ම ජාතිය මත පදනම් වූ දේශපාලන පක්ෂ තහනම් කල යුතුය. එක ජාතියකට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමෙන් කිසි දිනක මෙම ගැටලුව නොවිසිදෙනු ඇත.
මේ "බලකායවල්" පසු පස දේශපාලකයින් සිටිත්දැයි සොයා බැලිය යුතුයි. දේශපාලන අනුග්‍රහයක් නොමැතිව මේ සංවිධාන පවත්වාගෙන යාම අපහසු දෙයක්.
මොනවටද තවත් බල බල ඉන්නේ.?
ජාතීන් අතර ප්‍රචණ්ඩත්වය වපුරන මෙවන් අන්තවාදී සංවිධානය කුමන ආගමක, කුමන ජාතියක වුව ද අනිවාර්යයෙන් ම තහනම් කළ යුතු ම ය. එමෙන් ම එම සංවිධාන පවත්වා ගෙන සියලු දෙනාට දැඩි දඬුවම් දිය යුතු ය. ඉතා හොඳින් සොයා බැලුවා නම් ජාති, ආගම් ආලයකට වඩා මොවුන් සතුව වෙනත් අරමුණු ඇති බව අවබෝධ කරගත හැකි වනු ඇත.
මේක කව්රුන් කෙසේ කීවත්,කෙසේ අර්ථ දැක්වුවත් බුද්ධ වචනය අනුව දහම් දිවයිනයි. ඒක වෙනස් කරන්න ලෝකේ ඉන්න මොනම නරයෙකුටවත් බැහැ. සක්‍රයාගේ පුතා වයිමටවත් බැහැ. අරගල කරන ඔය බළකා, ඒ බලය, මේ බලය, අර සේනා, මේ සේනා ඔස්සේ නොගොස් නියම පිළිවෙතට පැමිණ උතුම් වූ ධර්මය සොයා යන්න.
එක අයෙකුට එක මුහුණු පොතක් තිබුනම හොදටම ඇති. සියලුම ව්‍යාජ ගිණුම් අහෝසි කරන්න.
මහජනතාව ඉහත දක්වා තිබෙන අදහස්වලට දක්වා තිබෙන ප්‍රතිචාර දෙස බලන්න. ලයික්වලට වඩා අන්ලයික් හතර ගුණයක්. මේ ගැනත් හිතන්න වෙනවා.
හැබැයි එකක් මතක තියාගන්න. මේ සිද්ධිය යොදාගෙන සිංහල බෞද්ධ ජනතාවට අපහාස කරන්න දෙන්න එපා. මොකද දැන් මේ බොහෝ දෙනෙක් සිංහලයන්ට අවලාද කියනවා. ඒ මදිවට සමාව ගන්න කියනවා.
මුස්ලිම් අන්තවදියෝ කවුරුහරි අත්අඩංගුවට අරගෙන තියනවද?
කමෙන්ට් වලට එකකට වඩා ලයික් කරන්න පුළුවන් එක නැවැත්තුවා නම් හරි මතය දැනගන්න තිබුණා... හිඟන වහල්ලු දමාගෙන තමන්ගේ මතය හරි කියවන්න හදනවා නැති නම්...
නීතියට අනුව දඬුවම් කරන්න කියන මතයට විරුද්ධව ප්‍රතිචාර දමල තියෙන ප්‍රමාණයෙන් සිතාගත්ත හැකි රටේ ජාතිවාදී අදහස් ඔඩු දුවන ආකාරය. අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ?
දැන් මුස්ලිම් අන්තවාදී බලකායන් ගැන හෙව්වොත් නරකද? අදාල නැති මහසෝන් බලකායක් ගැන හොයන්නේ. රනිල් මහනුවර ප්‍රශ්නයක් ඇති කරලා බැඳුම්කරෙයි, මහා බැංකු හොරකමයි, දෝෂාභියෝගෙයි යට ගහන්න හැදුවා. දැන් ඒක හරි යන්නේ නැති වුනාම මුහුණු පොත අවහිර කරලා මහසෝන් බලකායක් අල්ලාගෙන දඟලනවා. හිස් බෝතල් අරගෙන පෙට්‍රල් බෝම්බ හැදුවා කියල ඔප්පු කරන්න හදනවා. ඔය මගෝඩි විහිළු හොඳයි කොන්ඩේ බැඳපු චීනුන්ටයි ලංකාවේ කළු සුද්දන්ටයි නම්... සාලාවේ වන්දි ගෙවන්න බැරි අය මහනුවර මුස්ලිම් අයට නම් අත දිග ඇරලා වන්දි ගෙවනවා වගේ.. අනේ මන්දා..
18842 ක් බලපු නිව්ස් එකට මෙන්න 30000ට වඩා දිස්ලයික් දාලා...
ඕකට ඉතින් මහසෝන් බලකායක් වටලන්න ඕනෙද? රනිල්ගෙන් ඇහුවා නම් ප්ලෑන් කරපු විදිය මුල ඉඳලා අගටම කියයි.
මේ රටේ තියන එකම අන්තවාදී සංවිධානය මහසොන් බළකාය විතරද?
මහසොන් බලකාය මෙල්ල කිරීමට දේවාල කපුවෙක්, යකැදුරෙක් හෝ කේන්දරකරුවෙකුට ඇමැති පත්වීමක් දිය යුතුයි නේද?
ත‍්‍රස්තවාදී විමර්ශන දිසාව කිව්වේ? තාමත් නුවර පැත්තේ දිසාවල කෝරාලලා ඉන්නවද?
විනිවිද භාවයක් එක්ක ඒ හැම දේම රටට හෙළි කරා නම් හොඳයි. මොකද හුඟක් අය තමන්ගේ වැරදිත් මේ කූඩෙටම දාන්න පුළුවන් නිසා. අපි හුඟක් එෆ්.බී. එකේ දැක්කේ ජාතිකත්වය වෙනුවෙන් දමපු වීඩියෝ සහ රටට වෙන්න යන අනතුරු ගැන විතරයි. ඒවා තව කෙනෙක්ට වෛරී ප්‍රකාශන වෙන්න පුළුවන් එ්ත් සිංහල මිනිහට අන්තවාදී කෙනාව හඳුනාගන්න පුළුවන්. මේ වගේම අන්වර් මනතුංග, තව්හික් ජාමත් එකේ රාසික් වගේ අයත් අරගෙන ප්‍රශ්න කරානම් මොකද වෙන්නේ? මේකට සිංහලයා විතරද වග කියන්න ඕනේ?
මෙහිදී බෞද්ධ වගේම මුස්ලිම් අන්තවාදය පතුරන හා ප්‍රකාශ නිකුත් කරන සංවිධාන පිළිබදව සොයා බැලිය යුතුය. රට තුල ජාතිවාදය හෝ අන්තවාදය පතුරන සෑම දෙනාටම විරුද්ධව දැඩි නීතිමය පියවර ගත යුතුය.
පුළුවන් නම් අපේ රටට කැළලක් වෙන දේවල් කරන අල් ජසීරා එකත් තහනම් කරවන්නකෝ. එයාලා මේ වෙනකොටත් ලංකාවට කැළලක් වෙන වීඩියෝ දර්ශන ජාත්‍යන්තරයට යවලා හමාරයි. මේවා ගැන හොයන්න ගන්නේ කවද්ද?
මෙවැනි ක්‍රියාමාර්ග කිරීම අගය කරන්න ඕනෑ. රටේ ප්‍රචණ්ඩත්වය පතුරන පිරිස් වලට නිතිය දැඩිව ක්‍රියාත්මක වෙන්න ඕනෑ. මුස්ලිම් ජන සමාජය තුල මෙවැනි පිරිස් සිටිනවා නම් ඔවුන්ටද නීතිය දැඩිව ක්‍රියාත්මක කල යුතුය. සුළුතරයක් වූ අන්තවාදී සිංහල - මුස්ලිම් පිරිස් නිසා බහුතර සාමාන්‍ය ජනයාට කරදර වීම අනුමත කල නොහැක. ජය ශ්‍රී !!!
එතකොට විල්පත්තුව කපන එක පාසල්, අධිකරණ වෙනම කලාප, වහාබ් වාදය මේවට මොකද වෙන්නේ? මේවා ජාතින් අතර බෙදීම් ඇති කරන්නේ නැද්ද?
ඔය ගමන් රීරි යකාගේ කාර්යාලයත් වැටලුවොත් හොඳයි..
මේ බලකාය කවුරු යටතේද තියෙන්නේ? කිරිඇල්ල යටතේද? කවුද පඩි ගෙවන්නේ මේ බලකායට? මහනුවර නිසාද මහසෝන් බලකාය වුනේ...
මහසෝන් බලකායේ වැලගිය, මුලගිය අග ඉන්න මහසෝන් මන්ත්‍රී කව්ද?
සොහොන් පිට්ටනිවල ඉන්න ඕනෑ. මහසෝන් යක්කුන්ව යවන්න ඕනෑ... සොහොන් පිට්ටනිවල තියන මිනී වළවල් තුලටම. මොවුන් සමාජයේ සිටියොත් වෙන්නේ, සමාජයට මිනී වළවල් කපන එක තමයි.
මහා සොහොන් විතරක් නොවේ. මේ මාතෘ භූමියේ ප්‍රතිරූපයට වින කටින ඕන යකෙක් අවශ්‍ය වේ නම් මඩු වලිගෙන් හරි කඩුවෙන් හරි කමක් නෑ... ශුද්ධයක් දීලා මේ රටේ අහිංසක මිනිසුන්ට තමන්ගේ පාඩුවේ නිදහසේ ජීවත් වෙන්න ඉඩ කඩ දෙන්න. සලසලා දෙන එක ආණ්ඩුව අප්‍රමාදව කරන්න ඕනෑ දෙයක්. නැත්නම් මඩු වලිගවලින්, කඩුවලින් කොස්වත් කොටන්න වෙන එකක් නෑ.
ඔය අන්තවාදී සංවිධාන මුලින්ම මුස්ලිම් උදවියටත් ගහයි ටික කලක් යනකොට අපටත් ගහයි. ඒක තමයි ඔවැනි සංවිධාන ඉක්මණින්ම නැති කරලා දාන්න ඕනෑ. කණගාටුදායක කාරණය තමයි මේ දේවල් අපේ රටේ ගොඩක් දෙනෙකුට තේරෙන්නෙ නැති එක....