( හිරාන් ප්‍රියංකර සහ එච් චන්දන)

පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ දෙවැනි මහලේ නඩු භාණ්ඩ කාමරයට ඇතුළු වි එහි තිබු කේරළ ගංජා කිලෝ 20 කට ආසන්න ප්‍රමාණයක් සොරා ගෙන ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 

පුත්තලම මහේස්ත්‍රාත් හා දිසා අධිකරණයේ  දෙවැනි මහලේ  වහලේ සවිකර තිබු සෙවිලි තහඩු (ඇස්බැස්ටෝස්) කිපයක් ඉවත් කර ලණුවක ආධාරයෙන් නඩු භාණ්ඩ ගබඩා කර තිබු කේරළ ගංජා කිලේ 25 කට ආසන්න ප්‍රමාණයෙන් කිලෝ 20 කට වැඩි ප්‍රමාණයක් සොරකම් කර ඇති බව අද (8) පුත්තලම මුලස්ථාන පොලිසිය කළ පරික්ෂණ වලදි සනාථ වි ඇති බව කියයි.

පොලිස් නිළධාරින් හා නිළ සුනඛයින් යොදවා පරික්ෂාවට ලක්කර ඇතත් සොරුන් පිළිබඳ කිසිදු හොඩුවාවක් හමුවි නැති අතර මෙම සොරකමට කිප දෙනෙකු එක්වි ඇති බවට දැනට කරන පරික්ෂණ වලදි හෙළි වී තිබේ.