(ජේ.කේ.එල් චාමින්ද)


ගාල්ල මහමෝදර මාතෘ  රෝහලේ වෛද්‍යවරුන්ගේ නිල නිවාස තුළ අද (09) හදිසියේ ඇති වු ගින්නකින්  නිල නිවාසයේ එක් කාමරයක් මුළුමනින්ම විනාශ වී ඇතැයි පොලීසිය පවසයි.

අද අලුයම 1.00 පමණ වෛද්‍යවරුන්ගේ නිල නිවස පිහිටි ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ දුමක් සමඟ  ගිනි ගැනිමක් හට ගෙන ඇති අතර විදුලි කාන්දුවිමකින් මෙම ගින්න ඇතිවි තිබෙන බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය සුමිත් මනතුංග මහත පැවසිය.

 මේ පිළිබඳ දැනුම්ගා දීමෙන් පසු ගාල්ල  මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය ගින්න නිවා දැමීමට කටයුතු  කළ අතර  ඒ වන විටත් ගිනිගෙන විනාශ වු කාමරයේ සියලු භාණ්ඩ දැවී අලු වී තිබු බව නගර සභා ගිනි නීවිමේ ඒකකය සඳහන් කළේය.
 

මෙහි වෛද්‍යවරුන්ගේ තනි  නිල නිවාස පිහිටා ඇති අතර  වෛද්‍යවරුන් 09 දෙනෙකු  නිල නිවාස වල සිටින අතර කිසිවකුටත් හානියක් සිදුව නැතැයිද හෙතෙම සඳහන් කළේය.


එක් වෛද්‍යවරයකු නතර විසිටි නිල නිවාසයේ පිහිටි කාමරයක් සම්පුරණයෙන් විනාශ විම නිසා  එහි තිබු දේපලවලටද හානි වි ඇත.