IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


මහමැතිවරණය පැවැත්වීමට එරෙහි පෙත්සම් හෙටට කල්යයි

(තිළිණි ද සිල්වා)

ජූනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම  හෙට (20) පෙරවරු 10 .00 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම්  සලකා බැලීම අද (19) පස්වරු 3.00 ට දෙවැනි දිනයට අවසන් කරමිනි.

මෙම පෙත්සම් අගවිනිසුරු  ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් කැඳවනු ලැබීය.

අද දින පෙත්සම්කාර  සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර , හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක හා කුමාර වෙල්ගම යන හිටපු අමාත්‍යවරු ඉදිරිපත් කළ පෙත්සම් වෙනුවෙන්  පෙනී සිටි නීතිඥ සුරේන්  ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව මාස තුනකට වැඩි කාලයක් එය යළි රැස් නොකර සිටීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් අවසර හිමි නොවන බවය.

ඒ අනුව ඉකුත් මාර්තු මස 02 වැනි දා ජනාධිපතිවරයා විසින් විසුරුවා හල පාර්ලිමේන්තුව නැවත ජුනි මස 02 වන දා ට පෙර රැස්විය යුතු බවත් එසේ  රැස් නොවන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය නීතිය ඉදිරියේ බලරහිත වන බවත් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටියේය

එවැන අවස්ථාවක විසුරුවා හරින ලද පැවති පාර්ලිමේන්තුව යළි බලාත්මක තත්ත්වයට පත්වන බව ද මෙහිදී නීතිඥවරයා පෙන්වා දුන්නේය.

ඉකුත් 2019 වසරේ සම්මත කළ විසර්ජන පනතට අනුව වත්මන් රජයට රාජ්‍ය මූල්‍ය  භාවිතය සඳහා අවසර හිමි වන්නේ අප්‍රේල් මස 30 වනදා දක්වා පමණක් බවත් ඉන් පසුව පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රාජ්‍ය මූල්‍ය භාවිතා කිරීමට රජයට හැකියාවක් නොමැති බවත් මෙහිදී නීතිඥ ප්‍රනාන්දු මහතා තර්ක කළේය.

ඒ අනුව අප්‍රේල් මස 30 වනදායින් පසුව පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව සිදුකරනු ලබන රාජ්‍ය මුදල් වැය කිරීම් සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බවයි ඔහු පෙන්වා දුන්නේ.

පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙටට කල් තැබිණි.

 



අදහස් (1)

මහමැතිවරණය පැවැත්වීමට එරෙහි පෙත්සම් හෙටට කල්යයි

gunda Tuesday, 19 May 2020 12:48 PM

බාලගිරි බත හෙට නෙවෙයි අනිද්දා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 331 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 424 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 396 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site