(ඩයනා උදයංගනී)

නීති විරෝධී අන්දමින් මහමගට කැලි කසළ බැහැර කළ 800කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කර තිබෙන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

කොළඹ නගරයේ කැලි කසළ කළමනාකරණය පිළිබඳ වගකීම ඉකුත් ජූලි 5 වැනිදා සිට ඇමති පාඨලී චම්පික රණවක මහතාට පැවරීමෙන් පසු  ඒ වෙනුවෙන් අඛණ්ඩ මෙහෙයුමක්, අධීක්‍ෂණයක් සහ ප‍්‍රගති සමාලෝචනයක් ක‍්‍රියාත්මක කෙරුණු බවත්, ඒ යටතේ මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

කැලි කසළ එකතු කරන පෞද්ගලික ආයතන සිය වගකීම ඉටුකර නොමැති නම් ඊට දඩ මුදලක්ද නියම කිරීම ඉදිරියේදී සිදුකෙරෙන බවත්, කසල ඉවත් කිරීමේ අක‍්‍රමිකතා පිළිබඳ පැමිණිලි ලබාගැනීම සඳහා හදිසි ඇමතුම් අංකයක් ලබාදෙන බව ඇමැතිවරයා ප්‍රකාශ කරයි.