(රේඛා තරංගනී ෆොන්සේකා) 

මහබැංකු වංචාව ලෝකයේ සිදු වූ ලොකුම කොල්ලකෑම්වලින් එකක් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
චීනය හා ඉන්දියාව යුද්ධයට දුන් සහය අගය කළ යුතු බවත් ණයට හෝ යුද්ධ කිරීමට හැකි වූයේ චීනය හා ඉන්දියාව සහායෝගය දුන් නිසා බවත් රාජපක්ෂ මහතා කියයි. තමන් ණය ගත්තේ ගෙවීමට හැකි නිසා බවද ඒ මහතා පවසයි.

“රාජපක්ෂලාට නඩු දානවා කියලා තමයි එයාලගේ බැරිකම වහ ගන්නේ. හැම තැනම ගිහින් මට බනිනවා ඇරෙන්න කරපු දෙයක් නෑ.“

“මම ණය වුණා කිය කිය තවත් ණය වෙනවා. මේ රට දුපතක් කවුරු වුණත් මුලින්ම අල්ල ගන්නේ රටේ වරාය. එදා වරාය බේර ගන්න යුරෝපීය ජාතීන් එක්ක අපි මොනතරම් සටන් කළාද. මේ විකුණන්නේ රාජ්‍ය කොටස්. මේවා ආයෙ ගන්න බෑ “යැයි ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.